Overactive Bladder

Overactive Bladder යනුවෙන් අදහස් කෙරෙන්නේ කවර තත්වයක්ද?

මෙය මුත‍්‍රා පිටකිරීම හා සම්භන්ධව ඇතිවන ගැටලුවකි
මෙහිදී
මුත‍්‍රා බර ඇතිවූ විට එය තදකරගෙන සිටීමට නොහැකිවීම

නිතර නිතර මුත‍්‍රා පිටවීම මෙය දිනකට හත් අට වරකට වඩා වැඩිවිය හැක

මුත‍්‍රා නොදැනීම පිටවීම

රාත‍්‍රී කාලයේදී නිතර මුත‍්‍රා කිරීමට අවශ්‍ය වීම
යන ලක්ෂණ වැඩිපුර දැකිය හැකි වේ

මෙම තත්වයට ප‍්‍රථිකාර කල හැකිද?

මෙය ප‍්‍රථිකාර කලහැකි බහුලව දැකිය හැකි තත්වයකි

සාමාන්‍යයෙන් ඖෂධ හා ශල්‍යකර්ම මගින් ප‍්‍රථිකාර කිරීමට ප‍්‍රථම ජීවන රටාවේ යම් යම් වෙනස්කම් කර ගැනීමෙන් මෙම තත්වය පාලනය කරගත හැක

මේ සදහා දින පොතක පහත දැක්වෙන දේ දිනපතා සටහන් කිරීමෙන් ලැබෙන ප‍්‍රථිපල සැසදිය හැක

පානය කල දියර ප‍්‍රමාණය

මුත‍්‍රා පිටකල වාර ගණන

මුත‍්‍රා නොදැනීම පිට වූ වාර ගණන

එසේ පිටවන විට කරමින් සිටි කාර්යය

ගනු ලබන ආහාර කෙසේ බලපායිද?

සමහර ආහාර පාන වර්ග මෙම තත්වය වැඩි කිරීමට හේතු වේ

එබැවින් එම ආහාර වර්ග අවම භාවිතය මෙම තත්වය පාලනයට ඉවහල් වේ

තුන පහ අධික ආහාර වර්ග

දොඩම් මිදි වැනි පලතුුරු වර්ග

තක්කාලි තක්කාලි සෝස් වර්ග

කෝපි හා තේ

මධ්‍යසාර

චොකොලට්

මලබද්ධය මෙම තත්වය වැඩිකිරීමට බලපානු ලබයිද?

මලබද්ධයත් සමග ගුද මාර්ගයේ එකතුවන අසූචි නිසා මුත‍්‍රාශය මත ඇතිවන පීඩනය නිසා මෙම තත්වය උග‍්‍ර කරයි

මල බද්ධය අවම කිරීම සදහා

තන්තු බහුල ආහාර වැඩිපුර ගැනීම

දිනපතා ව්‍යායාම කිරීම හා ශරීරයේ බර අඩුකර ගැනීම

මීට අමතරව දුම් බීම නැවැත්වීම හා හොදින් පිරිසිදු ජලය පානය කිිරීමද වැදගත්වේ

මුත‍්‍රාශයේ මාංශ පේශී වල ක‍්‍රියාකාරීත්වය මෙමතත්වයට ඔරොත්තු දීමට පුහුණු කරන්නේ කෙසේද?

මුත‍්‍රාබර දැනුන විට මුලින් මුත‍්‍රා පිට කිරීම විනාඩි 5ක් පමණ ප‍්‍රමාද කිරීම හා ක‍්‍රමයෙන් එම කාලය වැඩි කිරීම

මෙලෙස කිරීමෙන් ක‍්‍රමයෙන් මුත‍්‍රා පිටකිරීමේ කාල පරාසය වැඩිකර ගත හැක

ඖෂධ වර්ග නියම කරන්නේ කුමන තත්ව සදහාද?

සාමාන්‍යයෙන් මුත‍්‍රාශයේ මාංශ පේශී එකවර හැකිලීම අවම කිරීමට ඖෂධ නියම කරනු ලැබේ

ඒවා දෙනු ලබන අවස්ථාව වෛද්‍යවරයා තීරණය කරනු ඇත

ලිපිය පළකල දිනය Article uploaded on: 16/11/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු