මහා අන්ත‍්‍රයේ සිදුවන ප‍්‍රදාහය (Ulcerative Colitis)

Ulcerative Colitis ලෙස හැදින්වෙන්නේ කවර රෝගී තත්වයක්ද?

මහා අන්ත‍්‍රයේ හා ගුදමාර්ගයේ ඇතුලු බිත්තියේ ඇතිවන ඉදිමීමක් එසේත් නැතිනම් ප‍්‍රදාහයක් මෙසේ හැදින් වේ

බොහෝවිට මෙම ඉදීමීම ගුද මාර්ගය ඇතුලුව මහා අන්ත‍්‍රයේ පහලම කොටසේ ඇතිවන අතර සමහර රෝගීන්ගේ මෙම තත්වය මුලු මහා අන්ත‍්‍රය පුරාම ඇතිවිය හැක.

මෙය දීර්ඝ කාලීනව පවතින රෝගී තත්වයකි.

මෙහිදී මහා අන්ත‍්‍රයේ ඇතුලු බිත්තිය ඉදිමීම මෙන්ම කුඩා ප‍්‍රමාණයේ තුවාල ඇතිවීමද විය හැක

එහි ප‍්‍රථිපලයක් ලෙස ගුද මාර්ගය හරහා රුධිරවහනය වීමක් මෙන්ම උදරයේ කැක්කුම ඇතිවේ

මීට අමතරව නිතර නිතර ඇතිවන අතීසාරය තත්වයක් ද දැකිය හැක

මෙවැනි රෝගී තත්ව ඇතිවීමට හේතු මොනවාද?

මෙයට හේතුව නිශ්චිත වශයෙන්ම කිව නොහැකි අතර ආරෙට යන අවස්ථා මෙන්ම පරිසරයේ ඇති නොයෙකුත් විෂබීජ තත්වයන් ද මීට හේතුකාරක වන බවට විශ්වාස කරයි

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

උදරයේ ඇතිවන වේදනාව හා උදරයේ ඇතිවන අපහසුතාවය

මලපහ සමග ඇතිවන රුධිර වහනය

උණ ගැනීම

ශරීරයේ බර අඩුවීම

අතීසාර තත්වයක් ඇතිවීම

ශරීරයේ ඇතිවන තෙහෙට්ටු ගතිය හා ආහාර අරුචිය

මලපහ කර අවසන් වූවද තවදුරටත් මලපහ ගුදමාර්ගයේ රැුදී ඇති ලෙස දැනීම

මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

ඖෂධ මගින් ප‍්‍රථිකාර කිරීම

ඖෂධ මගින් පාලනය කල නොහැකි තත්ව වලදී ශල්‍යකර්ම සිදුකිරීම

මෙම රෝගී තත්වය ඇති අයෙකු ආහාර ගැනීමේ දී සැලකිලිමත් විය යුතුද?

තන්තු බහුල ආහාර ගැනීමට යොමුවීම

කිරි පානය කිරීමේදී අතීසාර තත්වයක් හෝ උදරයේ වේදනාවක් වැඩිපුර ඇතිවන්නේනම් කිරි ආහාර ගැනීමෙන් වැලකීම
මීට හේතුවන්නේ බොහොමයක් මෙවැනි රෝගීන්ට ලැක්ටෝස් ඉන්ටොලරනස් (Lactose Intolerance) නැමැති තත්වය ඇති බැවිනි
උදරයේ වේදනාව වැඩිපුර ඇති වීම හා අතීසාර තත්වය වැඩිපුර ඇතිවීම යන රෝගී ලක්ෂණ ඇත්නම් අලුත් පලතුරු කැෆේන් සහිත ආහාර හා සෝඩා වැනි බීම වර්ග ගැනීම අවමකල යුතුය

විටමින් වර්ග විටමින් E හා විටමින් B වලින් යම් තරමක රෝගය පාලනය කිරීමට බලපෑමක් ඇති කල හැකි බව සොයාගෙන ඇත

යෝගට් ආහාරයට ගැනීමෙන් ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා වර්ග පාලනයට පිටිවහලක් වන බව සොයාගෙන ඇත

මෙම රෝගී තත්වය ඇති අයෙකුගේ මහා අන්ත‍්‍රය ආශ‍්‍රීතව පිලිකා ඇතිවීමේ වැඩි අවධානමක් ඇත්ද?

මහා අන්ත‍්‍රය ආශ‍්‍රිතව පිලිකාවක් ඇතිවීමේ අවධානමක් ඇත

එය සාමාන්‍යයෙන් 5% ක පමණ ප‍්‍රතිශතයක් වේ

නමුත් මේ සදහා බලපාන සාධක බොහොමයක් ඇති අතර මෙම රෝගී තත්වය වසර 10 කට පමණ වඩා

වැඩිකාලයක් පැවතීම හා මුලුු මහා අන්ත‍්‍රයේම මෙම රෝගී තත්වය තිබීම වැනි කාරණා ඒ අතරින් ප‍්‍රධානවේ

මෙම රෝගී තත්වය ඇති අයෙකු එන්ඩොස්කොපි පරීක්ෂණ නිතර සිදුකරවා ගත යුතුද?

ඉහත සදහන් කල ආකාරයට යම් තරමක පිලිකා අවධානමක් ඇති බැවින් අඩුම තරමේ වසරකට හෝ දෙකකට වරක් කොලොනොස්කොපි පරීක්ෂණයක් කරවා ගැනීම යෝග්‍ය වේ

එහිදී සැකකරන ස්ථානවලින් කුඩා කොටස් ගෙන පරීක්ෂණ වලට යැවීම සිදුකරනු ලබයි

මෙම රෝගී තත්වය ඇති අයෙකුගේ ඇති විය හැකි අනෙකුත් ව්‍යාකූලතා මොනවාද?

ගුද මාර්ගයෙන් ඇති විය හැකි අධික රුධිර වහනය

මහා අන්ත‍්‍රයේ සිදුරු ඇතිවිය හැකි වීම

මහා අන්ත‍්‍රය එකවර විශාල වීම

අක්මාව ආශ‍්‍රිතව ව්‍යාකූලතා ඇතිවිය හැකි වීම

සමේ ඇස්වල හා හන්දි ආශ‍්‍රිතව ඇතිවිය හැකි ව්‍යාකූලතා

මස්ටියෝපොරෝසිස් තත්ව ඇතිවීම

අධික විජලනය

මහා අන්ත‍්‍රයේ පිලිකා අවධානම වැඩිවීම

ලිපිය පළකල දිනය Article uploaded on: 21/04/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු