වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට කරනු ලබන රුධිර පරීක්ෂණ (Serum Creatinine)

ක‍්‍රියටිනින් ශරීරයේ සෑදෙන්නේ කෙසේද?

මෙය ශරීරයේ ඇති මාංශපේෂීවල ක‍්‍රියාකාරීත්යේදී සෑදෙන අතුරු රසායනික ද‍්‍රව්‍යක් ලෙස කෙටියෙන් හැදින්විය හැක

ක‍්‍රියටින් නැමැති රසායනික ද‍්‍රව්‍යක් මාංශපේශීවල ශක්තිය නිපදවීමට අවශ්‍යවන අතර ඒවායෙහි අතුරුඵලයක් ලෙස ක‍්‍රියටිනින් සෑදේ

මෙම ක‍්‍රියටිනින් රුධිරයට එක්වී වකුගඩු කරා ගමන්කර වකුගඩුවලින් පෙරී මුත‍්‍රා සමග ශරීරයෙන් ඉවත්වීම සිදුවේ

වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය මෙම ක‍්‍රියටිනින් මගින් නිර්ණය කරන්නේ කෙසේද?

වකුගඩුවල ක‍්‍රියාකාරීත්වයේ ව්‍යාකූලතාවලදීී ශරීරයේ දෛනිකව නිපදවෙන ක‍්‍රියටිනින් ශරීරයෙන් ඉවත්වීම හරියාකාරව සිදුනොවන නිසා රුධිරයේ ඇති ක‍්‍රියටිනින් ඉහල යාම සිදුවේ

එමගින් වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය ගැන නිගමනයකට එලඹිය හැක

මෙම පරීක්ෂණයේදී තිබිය යුතු සාමාන්‍ය අගයන් මොනවාද?

පිරිමි අයෙකු සදහා 0.6 - 1.2mg/dl

කාන්තාවන් සදහා 0.5 - 1.1mg/dl

මෙම අගය මහලු අයගේ කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිපුර මාංශපේශී වැඩුනු අයගේ සුලු වශයෙන් වෙනස් විය හැක
මීට ප‍්‍රධානතම හේතු වන්නේ ශරීරයේ ඇති මාංශ පේශී ප‍්‍රමාණය වේ

මෙම රුධිරයේ ඇති ක‍්‍රියටිනින් වලට අමතරව වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය නිගමනය කිරීමට රුධිරයේ ඇති යූරියා ප‍්‍රමාණය භාවිතා කරන්නේද?

ශරීරයේ පරිවෘතිය ක‍්‍රියාවලයේදී නිපදවෙන තවත් රසායනික ද‍්‍රව්‍යක් වනනේ මෙම යූරියා වේ

යූරියා ශරීරයෙන් ඉවත්වීම සිදුවන්නේද වකුගඩුවලින් පෙරී මුත‍්‍රා සමග වේ

එබැවින් වකුගඩුවල ඇතිවන ව්‍යාකූලතාවලදී රුධිරයේ ඇති යූරියා ප‍්‍රමාණය ඉහල යාමද සිදුවේ

රුධීරයේ ඇති යූරියා ප‍්‍රමාණය ඉහල යාම කෙරෙහි විජලනය නිසාද බලපෑමක් ඇතිවිය හැක

ලිපිය පළකල දිනය Article uploaded on: 07/04/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු