කෙටි කාලීනව සිදුවන කටහඩ ගොරෝසු වීම හෝ වෙනස් වීම.(Hoarseness)

කටහඩ වෙනස් වීමට බලපාන ප‍්‍රධාන හේතුව කුමක්ද?

ස්වර තන්ත‍්‍ර වල සිදුවන ව්‍යාකූලතාවයන් නිසා කටහඩ ගොරෝසු වීම බොහෝවිට සිදුවිය හැක.

මෙවැනි ස්වර තන්ත‍්‍ර අශ‍්‍රිතව ව්‍යාකූලතා ඇතිවීමට බලපාන ප‍්‍රධානතම හේතු ලෙස
සෙම්ප‍්‍රතිශ්‍යාව හා සයිනුසයිටිස් තත්ව බොහෝ විට බලපායි.

මීට අමතරව
උදරයේ ආම්ලික යුෂ උගුර කරා පැමිණීම ( Gastro-Oesophageal reflux)

විවිධ අසාත්මිකතා

අධික දුහුවිලි හා දුම සහිත වාතය ආශ්වාස කිරීම.

පෙනහලූ හා උගුර ආශ‍්‍රිතව ඇතිවන විෂබීජ තත්වයන්

අධික දුම් පානය

අධික ලෙස කෑ ගැසීම

උගුර ආශ‍්‍රිතව ඇතිවන පිලිකා තත්වයන්

කලාතුරකින් අවස්ථා වලදී
ස්වර තනත‍්‍ර වලට සපයන ස්නායුවට හා ඒ ආශ‍්‍රිත මාංශ පේශී වලට හානි වීම ( බොහෝවිට උගුර ආශ‍්‍රිත ශල්‍යකර්ම හා අනතුරු වලදී )

තයිරොයිඞ් ග‍්‍රන්ථියේ පිලිකා තත්වයන් හා තයිරොයිඞ් ග‍්‍රන්ථියේ අව ක‍්‍රියාකාරීත්වය දැක්විය හැක.

මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කවර අවස්ථාවලදීද?

ස්වසනයේ හෝ ගිලීමේ අපහසුතාවයන් මේත් සමඟ ඇතිවේ නම්

මාස 3කට වඩා අඩු දරුවෙකුගේ කටහඬේ ඇතිවන වෙනස්කමක් නම්

සාමාන්‍යයෙන් මෙම කටහඬේ ගොරහැඩි බව සති 1 - 2 ත් අතර කාලයකදී පහව නොයයි නම්

මූලික අවස්ථාවේදී වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට ප‍්‍රථම කල හැකිදේ මොනවාද?

කථාකිරීම අඩු කිරීම

හොදින් ජලය පානය කිරීම

උදරයේ අම්ල ගතිය ඉහලට එන්නේ නම් එයට ප‍්‍රතිකාර ගැනීම

දුම්පානය නැවැත්වීම

මෙවැනි තත්වයන් දීර්ඝ කාලීනව ( සති 2කට වඩා ) පවතින්නේ නම් සැලකිය යුතුවන්නේ ඇයි?

ස්වර තන්ත‍්‍ර ආශි‍්‍රතව ඇතිවන පිලිකා

උගුරේ ඇතිවන පිලිකා

තයිරොයිඞ් ග‍්‍රන්ථි ආශ‍්‍රිතව

ඇතිවන පිලිකා වැනි තත්ව වලදී ඇතිවන මූලික ලක්ෂණයක් මෙම කටහඩ වෙනස් වීමක් විය හැකි බැවින්.

ලිපිය පළකල දිනය Article uploaded on: 28/01/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු