උත්පත්තියේ සිට මූත‍්‍රා මාර්ගයේ ඇතිවන ව්‍යාකූලතා (Hypospadias)

Hypospeadias යනුවෙන් අදහස් කෙරෙන්නේ කවර ව්‍යාකූල තත්වයක්ද

මූත‍්‍රා මාර්ගය පිටතට විවෘත වන ස්ථානය ශිෂ්ණයේ යට පැත්තේ පිහිටා තිබීමක් මෙලෙස හැදින්වේ

මෙය උත්පත්තියේ සිට ඇතිවන තත්වයකි

මෙවැනි තත්ව ඇතිවීමට හේතු මොනවාද?

මේ සදහා විශේෂ හේතුවක් සොයාගෙන නැත

නමුත් ගර්භණීිි අවධියේදී විවිධ හෝමෝන වර්ග ගැනීමට සිදුවීම යම් බලපෑමක් ඇතිකරන බව සොයාගෙන ඇත

Hypospeadias තත්වයකදී ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

මුත‍්‍රා මාර්ගයේ ඇතිවිය හැකි විෂබීජ තත්ව

මුත‍්‍රා මාර්ගය සිහින්වීම හා රුධිර වහනය

ශිෂ්ණය වක‍්‍රවීිිිම

මුත‍්‍රා පිටකිරීමේදී ඇති අපහසුතාව

මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

මේ සදහා ශල්‍යකර්ම සිදුකරණු ලබයි

එහිදී මුත‍්‍රාමාර්ගය ශිෂ්ණයේ කෙලවර පිහිටන ආකාරයට සැසීමක් කරණු ලබයි

මෙම ශල්‍යකර්ම මගින් සැලකිය යුතු ලෙස යථා තත්වයට පත්කිරීමක් කල හැක

ලිපිය පළකල දිනය Article uploaded on: 28/06/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු