වෘෂණ කෝෂවල ඇතිවන වතුර පිරුණු ගෙඩි (Hydrocele)

මෙසේ වතුර පිරුනු ගෙඩි වෘෂණ කෝෂවල ඇතිවීමට හේතු මොනවාද?

මෙම තත්වය කුඩා ලමුන්ගේ මෙන්ම අනෙක් ඕනෑම වයසක කෙනෙකුගේ ඇතිවිය හැකි අතර කුඩා ලමුන්ගේ සාපේක්ෂව වැඩිපුර දැකිය හැක.

වෘෂණ කෝෂ ආශ‍්‍රීතව ඇතිවන විෂබීජ තත්වයන්, තැලීම්, තුවාලවීම් , කලාතුරකින් පිලිකා තත්වයන් වැඩිහිටි අයගේ වෘෂණ කෝෂවල වතුර එකතු වීමට බලපාන ප‍්‍රධාන සාදක වේ.

වෘෂණ වර්ධනය සිදුවන්නේ උදරයේ පිටුපස ප‍්‍රදේශයේ වන අතර උත්පත්තිය ආසන්න වත්ම ඒවා වෘෂණ කෝෂ දක්වා පහලට ඇදීම සිදුවේ.

එහිදී ඇතිවන ව්‍යාකූල තත්වයන් නිසා සාමාන්‍යයෙන් උදරය හා සම්භන්ධව මෙහිදී ඇතිවන නාල වැසීම සිදුවිය යුතුවූවත් එසේ නොවැසී තිබීමෙන් ඒවායෙහි වතුර එකතුවීම සිදුවිය හැක.

සමහර ඒවා ක‍්‍රමයෙන් නැතිව ගියත් සමහර ඒවා දිගටම වතුර පිරුනු ගෙඩි හැටියට පවතී
මීට අමතරව කුඩා ලමුන්ගේ හර්නියා තත්ව හා සම්භන්ධව මෙවැනි වතුර පිරුනු ගෙඩි ඇතිවිය හැක.

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් මෙම ගෙඩිවලින් කැක්කුමක් ඇති නොවන අතර කලාතුරකින් විෂබීජ තත්ව ඇතිවිය හැක.

එවිට ඒවා කැක්කුම ඇතිකල හැක.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂණයෙන් බොහෝවිට නිගමනයකට එලඹිය හැකි අතර සමහර අවස්ථාවලදී ස්කෑන් පරීක්ෂණයක් කිරීමට යෝජනා කරනු ලැබේ.

මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

ශල්‍යකර්මයක් මගින් එම ගෙඩි ඉවත් කිරීම කල හැක.

එය වෛද්‍යවරයා විසින් පරීක්ෂාකිරීමෙන් පසු රෝගියා හා සාකච්චාකර තීරණයකට එලබේ.

කුඩා දරුවන්ගේ ඉතා කුඩා ප‍්‍රමානයේ ගෙඩි පහව යන නිසා ටික කාලයක් ශල්‍යකර්මයක් නොකර බැලීමට වෛද්‍යවරයා යෝජනාකරනු ඇත.


Article uploaded on 23/10/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 24/10/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු