මහ බඩවැල්වල පිලිකා සදහා කරනු ලබන CEA(carcinoembryonic antigen ) පරීක්ෂණය

CEA යනුවෙන් හැදින්වෙන්නේ ශරීරයේ වූ කුමන සංඝටකයක්ද?

මේවා සාමාන්‍යයෙන් ගර්භාෂයේ වැඩෙන කලලයක දැකිය හැකි ප්‍රෝටීනයක් වන අතර ඉපදුනායින් පසුව මෙම ප්‍රෝටීනය ශරීරයේ ඉතා අල්ප මාත‍්‍ර වශයෙන් පවතී

මෙම ප්‍රෝටීනය අසාමාන්‍ය අගයකින් වැඩිවී තිබේනම් එය පිලිකාවක් නිසා විය හැක

මෙම පරීක්ෂණය කරනු ලබන්නේ කෙසේද?

මෙය රුධිරය ආශ‍්‍රිතව කරනු ලබන පරී්ෂණයකි

පෙර සූදානමක් අවශ්‍ය නොවේ

නමුත් දුම් බීම නිසා ශරීරයේ CEA ප‍්‍රමාණය වැඩිවිය හැකි නිසා ටික දිනකට හෝ දුම්බීමෙන් වැලකිය යුතුය

මෙම පරී්ක්ෂණය කිරීමේ අරමුණ කුමක්ද?

පිලිකාවක් සදහා දෙනුලබන ප‍්‍රථිකාරයේ සාර්ථකත්වය බැලීම මෙහි මූලික අරමුණ වේ

පිලිකාව නිසා වැඩිවී තිබූ CEA ප‍්‍රථිකාරය සමග අඩුවන්නේ නම් එය ප‍්‍රථිකාරයේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමක්වේ

එසේ අඩු නොවී පවති්න්නේ නම් වෙනත් ප‍්‍රථිකාර ක‍්‍රමයකට මාරුවිය යුතුය

පිලිකාවක් ඇතතේදැයි බැලීමට මෙම පරීක්ෂණය යොදා ගැනීම සිදු නොකරයි

ඊට හේතුවන්නේ පිලිකා නොවන තත්ව වලදීද මෙහි අගය වැඩිවිය හැකි නිසා වේ

උදා සිරෝසිස් තත්වය
පෙනහලුවල විෂබීජ තත්ව
ආහාර මාර්ගයේ ඇතිවිය හැකි අසාත්මිකතා
අධික දුම් පානය

ලිපිය පළකල දිනය Article uploaded on: 12/07/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු