දැනීම් නැතිව යාම හා හිරිවැටීම් (Numbnes and tingling sensation)

මෙවැනි තත්ව ඇතිවීමට හේතු කවරේද?

(බොහෝ විට අත්වල හා කකුල් වල ඇතිවිය හැකි අසාමාන්‍ය සංවේදන තත්වයකි.)
- එක දිගට හිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම.
- ස්නායු වලට හානිවීම
⋆ කැපුමක් නිසා
⋆ ස්නායු කැඞී යාමක් නිසා (කශේරුකා වලට හානි වීමේදී වන)
- ස්නායු තද වීමක් නිසා
⋆ කශේරුකාව ආශ‍්‍රිතව ඇතිවන තදවීම්
⋆ ස්නායු ආශ‍්‍රිතව ඇතිවන ගෙඩි නිසා
- ස්නායු වලට/මොළයට රුධිරය නොලැබීම නිසා
උදා:⋆ රුධිර කැටියක් හිරවීම හෝ රුධිර වාහිනියක් පුපුරායාමක් නිසා (අංශභාගය)
⋆ රුධිර වාහිනී තුල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් අවහිර වීම නිසා
- ස්නායු ආශ‍්‍රිතව ඇතිවන විෂබීජ තත්වයන්
උදා: සරම්ප (Herpes Zoster)
- ස්නායු වල ක‍්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන රෝගී තත්වයන්
උදා : දියවැඩියාව
- විටමින් ඌණතාවයන්
උදා : විටමින් B12 ඌණතාවය
- සමහර ප‍්‍රථිකාර ක‍්‍රම
උදා : පිලිකා සඳහා දෙනු ලබන විකිරණ ප‍්‍රථිකාර ක‍්‍රමය මඟින් ද ස්නායු වලට හානිවිය හැක.
- සමහර කෘමීන් හෝ අනෙකුත් විෂ සහිත සතුන් දෂ්ඨ කිරීම.

වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවලදීද?

1. ශරීරයේ කොතැනක හෝ (අත් පා වැනි) මෙම හිරිවැටීම හෝ සංවේදනය නැතිව යාමත් සමඟ පණ නැතිව යාම.
2. මෙය සිදුවූයේ හිසට, බෙල්ලට හෝ කොන්දට වුණු අනතුරක් නිසාවීම.
3. මේ සමඟ අත පයේ ක‍්‍රියාකාරිත්වය තමාට අවශ්‍ය ලෙස පාලනය කල නොහැකි වීම.
4. නොදැනීම මුත‍්‍රා යාම/ වැසිකිලි යාම.
5. මද වේලාවකට හෝ සිහිසුන් වීම.
6. කථාකරන විට දිවපැටලීම, කට පැත්තකට යාම, ඇවිදීමට නොහැකි වීම, පෙනීමේ වෙනසක් වීම යන කවර හෝ වෙනසක් ඇතිවූ විට ක්‍ෂණික වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් යෝග්‍යවේ.

- අධික මුත‍්‍රායාම
- හිරිවැටීම හෝ සංවේදනය නොමැතිවීමට විශේෂිත වූ හේතුවක් නොමැති වීම
- ශරීරයේ අදාල ස්ථානයේ පළුදා තිබීම හෝ විසර ගෙඩි වැනි යමක් හටගෙන තිබීම
- මාංශපේශී තද වී තිබීම
- කටවටේ හිරිවැටීම
යන ලක්‍ෂණ තිබේනම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම වඩා යෝග්‍යවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු