මැනික් කටුව ආශ‍්‍රිතව වූ අස්ථි බිදීමක් නැවත සකසන අයුරු

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේ වයස අවුරුදු 63
ස්ත‍්‍රී පුරුෂ භාවය ස්ත‍්‍රී
රෝග ලක්ෂණ
පය පැටලී බිම ඇද වැටීම හා ඉන් බේරීම සදහා වැටෙන විට අත බිම ගැසීම.
මැනික් කටුව ආශ‍්‍රිතව දැඩි වේදනාවක් ඇති වීම හා ඉදිමීම.
රෝහල වෙත යොමුවීම.

වෙනත් රෝගී තත්ව
නැත

කරන ලද පරීක්ෂණ
මැණික් කටුව ප‍්‍රදේශයේ එක්ස්-රේ පරීක්ෂණයක්

වෛද්‍යවරයාගේ නිගමනය
මැණික් කටුව ආශ‍්‍රිතව අස්ථියක් බිදී ඇති බවත් සිහිනැතිකර එය යථාපරිදි සැකසිය යුතු බව දැන්වීම.

ශල්‍යාගාරය තුල මේ සදහා ගතවු කාලය
විනාඩි 30ක් පමණ

නැවත සැකසීමට පසුකාලය
අත ඉහලට ඔසවා තබා ගැනීමට උපදෙස් දීම.
අත හිරි වැටීම හා තද කැක්කුමක් ක‍්‍රමයෙන් ඇති වේනම් වහාම දැනුම් දෙන ලෙස උපදෙස් දීම.
සැකසීමෙන් පසු කැඩුනු අස්ථි නියමිත පරිදී සැකසී ඇත්දැයි බැලීමට නැවත එක්ස්-රේ එකක් ගැනීම.
පසුදින රෝහලින් පිටකිරීම.
නිවසේදී උරහිස හන්දිය හා වැලමිට හන්දියට ව්‍යායාම කිරීමට උපදෙස් දීම.
ප්ලාස්ට ඔෆ් පැරිස් ආධාරකය වතුරෙන් තෙමීමෙන් වලක්වා ගැනීමට උපදෙස් දීම.
සති දෙකකින් නැවත එක්ස්-රේ පරීක්ෂණයක් කිරීමට රෝහලට පැමිනෙන ලෙස දැන්වීම.
සති 5 ත් 6ත් අතර කාලයේදී යොදන ලද ප්ලාස්ට ඔෆ් පැරිස් ආධාරකය ඉවත් කිරීම.
මැණික් කටුව ප‍්‍රදේශයට කල යුතු ව්‍යායාම කියා දීම හා එය නිතර කිරීමට උපදෙස් දීම.

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා මෙය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය

ලිපිය පළකල දිනය Article uploaded on: 13/08/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු