උත්පත්තියේ සිට ඇතිව තිබෙන කකුලේ ඇදය හෙවත් Club foot

Club foot ලෙස අදහස් කරන්නේ කවර තත්වයක්ද?

පාදය ඇතුල් පැත්තට හා පහලට නැවී තිබීමක් මෙලෙස හැදින්වේ

මෙහිදි කකුල නියමිත ආකාරයට තැබිය නොහැකි වේ

මෙය උත්පත්තියේ සිට ඇතිවන තත්වයකි

මෙවැනි තත්ව ඇතිවීමට හේතු මොනවාද?

මෙවැනි තත්ව ඇතිවීමට විශේෂ හේ්තුවක් සොයාගෙන නැතිමුත් ආරෙට යන අවස්ථා බහුලව දැකිය හැක

සාමාන්‍යයෙන් දරු උපත් 1000 කට පමණ එක් අයෙකු මෙම තත්වයට බදුන්වේ

මෙහිදී ඇතිවන නැවීමේ ප‍්‍ර‍්‍ර‍්‍ර‍මාණය විවිධාකාර විය හැක

කෙනෙකුගේ මෙය ඉතා සුලු ප‍්‍රමාණයෙන් වන විට තව කෙනෙකුගේ මෙය උපරිම ලෙස ව්‍යාකූල තත්වයකට පත්වී තිබිය හැක

මෙහිදී කරනු ලබන පරීක්ෂණ මොනවාද?

සාමානයෙන් උත්පත්තියට පසු වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂාවේදී මෙය හදුනා ගනී
සමහර අවස්ථාවලදී එක්ස්- රේ පරීක්ෂණ කරනු ලබන අවස්ථා ඇත

මෙවැනි තත්වයක් සදහා කරනු ලබන ප‍්‍රථිකාර කවරේද?

මෙහිදී කරනු ලබන මූලික ප‍්‍රථිකාරය වන්නේ කකුල නියමිත ඉරියව්වේ තබා POP එකක් දැමීමයි

මෙය උපතේ මුල් අවස්ථාවේ සිට කිරීමෙන් හොද ප‍්‍රථිපල ලැබේ

සාමාන්‍යයෙන් සතියකට වතාවක් මෙම POP එක නැවත දැමිය යුතු වේ

මේ ආකාරයට දහවතාවක් පමණ මෙම POP එක මාරුකල යුතුවේ

මෙමගින් පාදය නියමිත ඉරියව්වට ගන්නා අතර එය ඒ අකාරයෙන්ම වර්ධනය වීම සදහා විශේෂයෙන් සාදනු ලබන සපත්තුවක් පැලදීම කල යුතුවේ

මෙය සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් පැලදීම කල යුතු වේ

ඉහත කී ක‍්‍රමයට පාදය යථා තත්වයට පත් නොවුනිනම් ශල්‍යකර්මයක් මගින් පාදය යථා තත්වයට ගැනීමට උත්සාහ කරනු ලබයි

POP එකක් දමා ඇතිවිට සැලකිය යුතු කරුණු මොනවාද?

කකුලේ ඇගිලී ඉදිමී සුදු මැලවී ඇතිනම් හෝ

කකුලේ ඇගිලි පිටතට නොපෙනෙන ලෙස POP එක ඇතුලට ගොස් ඇත්නම් හෝ

දරුවා එක දිගට අඩයි නම් හෝ

POP
එක පහලට ගැලවී හෝ POP එක ඇතුලේ කකුල නැවත කලින් ඉරියව්වට ගොස් ඇත්නම් හෝ

වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය

ලිපිය පළකල දිනය Article uploaded on: 12/06/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු