පියයුරු ආශ‍්‍රිතව කරන ශල්‍යකර්ම හා රෝහලින් පිටකිරීමෙන් පසු රෝගියා පිලිපැඳිය යුතු කරනු

ශල්‍යකර්ම කරන ආකාර මොනවාද?

පියයුරේ වු පිලිකාවක් සඳහා ශල්‍යකර්මය කිහිප ආකාරයට කලහැක. එම ප‍්‍රතිකාර ක‍්‍රමය එය පැතිරී ඇති ප‍්‍රමාණය මත තීරණය වේ.
- පියයුරේ කොටසක් ඉවත් කිරීම.
- සම්පූර්ණයෙන් ම පියයුර ඉවත් කිරීම.
- පියයුර සහ එම පැත්තේ කිහිලි ප‍්‍රදේශයේ ඇති වසා ගැටිති (කුද්දැටි) ඉවත් කිරීම
- පියයුර ඉවත්කර ශරීරයේ වෙනත් තැනක පඨක උපයෝගී කරගෙන පියයුර නිර්මාණය කිරීම.
යන ආකාරයන්හි ඕනෑම ක‍්‍රමයක් විය හැක.

මේ ආකාරයේ ශල්‍යකර්මයකට පසු ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

- සම්පූර්ණ සුවයක් ලැබීමට සති 4-8 දක්වා කාලයක් ගත විය හැක.
- කිහිලි ආශ‍්‍රිතව වසා ගැටිති ද ඉවත්කරන ලද්දේ නම් උරහිසෙන් අත එසවීමේදී කැක්කුම ඇතිවීම, හිරවෙන ගතියක් තිබීම වැනි ප‍්‍රශ්ණ මතුවිය හැක.
- වසාගැටිති ඉවත්කිරීමද කරන ලද්දේ නම් එම පැත්තේ බාහුව ඉදිමීම කලාතුරකින් විය හැක.
- යම් අවස්ථාවලදී ශල්‍යකර්මය හා ආශ‍්‍රිතව එන රුධිරය හා අනෙකුත් ස‍්‍රාවයන් පිටතට ඒමට දමනලද බට සමඟම රෝහලින් පිටත් කිරීමට පුළුවනි. එවැනි අවස්ථාවකදී බිය වීමට අවශ්‍ය නොවේ. නමුත් වැඩිපුර ලේ එකතු වීමක් වේනම් වෛද්‍යවරයාගේ උපදෙස් පැතිය යුතුය.
- එක පැත්තක පියයුර ඉවත්කිරීම නිසා නිවසට පැමිණීමෙන් පසු ඇතිවන මානසික අසහනය මඟහරවා ගැනීමට පවුලේ සාමාජිකයින් සමඟ සෑම විටම කථාබහේ යෙදීම, තනිවම කල්පනා කරකර සිටීමෙන් වැලකීම හෝ තමාගේ මෙන්ම පියයුරු ඉවත්කිරීමේ ශල්‍යකර්මයට බදුන්වූ අයෙකු සමඟ කථාබහේ යෙදීම කල යුතුය. මෙය ඉක්මන් සුවයට ඉතා වැදගත් අතර ඒ හා සම්බන්ධව පවුලේ අනෙකුත් සාමාජිකයින් උනන්දුවිය යුතුය.

මුල් කාලය තුල රෝගියා විසින් කලයුතු ක‍්‍රියාකාරකම් මොනවාද?

ශල්‍යකර්මයට පසුදින හැකි ආකාරයට ඇවිදීමට උත්සහ කල යුතුය. එසේ නැතිනම් නහර තුල ලේ කැට ඇතිවීම, පෙනහළු වල විෂබීජ ගතිය ඇතිවීම ආදී නොයෙකුත් රෝග තත්වයන්ට තුඩුදිය හැක.
ශල්‍යකර්මය කල පැත්තේ අතට රෝහලේදී වෛද්‍යවරයා කියාදෙනු ලබන ආකාරයට ව්‍යායාම කිරීම අනිවාර්ය වේ. එසේ නැතිනම් උරහිස හන්දිය හිරවීම සිදුවන අතර පසුව සොලවන්නට උත්සාහ කිරීමේදී තද කැක්කුම ඇතිවීමට පටන්ගනී.(Frozen shoulder)
රෝහලින් පිටකල පසු නොකඩවා නියම කරන ආකාර වලට සායන වලට සහභාගී වීම ඉතා වැදගත්ය.

ලිපිය පළකල දිනය Article uploaded on: 19/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු