තමුන් විසින්ම පියයුරු පරීක්‍ෂාකර ගැනීම. ( Breast Self-Examintion)

පළමු පියවර

ඇදක දිගාවී ඔබේ දකුණූ අත හිසට යටින් තබා ගන්න.

ඉන් පසු වම් අතේ මැදගිල්ල ආධාරයෙන් දකුණු පියයුරේ එක් කෙලවරකින් පටන්ගෙන සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්න.

මේ ආකාරයට වම් පැත්තේ පියයුරද පරීක්ෂා කරන්න.

ඒ සදහා වම් අත හිසට යටින් තබා දකුණු අත භාවිතා කල යුතු වේ

දෙවන පියවර

දෙවන පියවරේදී ඇදේ ඉදගන්න.

ඉන් පසු දකුණතින් වම් කිහිල්ලත්, වම් අතින් දකුණු කිහිල්ලත් හොදින් පරීක්‍ෂා කරන්න.

ඊට හේතුව පියයුරේ කොටසක් කිහිලි ප‍්‍රදේශය දක්වා විහිදී තිබීමත්, පියයුරු පිලිකා නිසා කහිලි ප‍්‍රදේශයේ කුද්දැටි විශාල වීමත් සිදුවිය හැකි බැවිනි.

තුන්වන පියවර

තල දර්පණයක් (කන්නාඩියක් )ඉදිරියට යන්න.

ඉන් පසු ප‍්‍රථමයෙන් ඉනට අත් දෙක තැබීමෙන්ද, දෙවනුව අත් දෙක ඉහලට එසවීමෙන්ද පහත දැක්වෙන වෙනස්කම් පියයුරුවල ඇත්දැයි නිරීක්ෂණය කරන්න.

සමෙහි පැහැයේ වෙනසක්

සම ඇතුලට ගිලා බැසීමක්

සම මතුපිට දොඩම් ලෙල්ලක ආකාරයට ඉතා කුඩා ප‍්‍රමාණයේ ගිලා බැසීමක්

පියයුරු හැඩයේ වෙනස්කම් ඇතිවී තිබීමක්

තනපුඩු පැත්තකට ඇදී යාමක් හෝ ගිලා බැසීමක්


හතරවන පියවර

තනපුඩුව ඇගිලි දෙකකින් මිරිකන්න.

එවිට මොනයම් හෝ ස‍්‍රාවයක් පිටතට පැමිනේදැයි පරීක්ෂා කරන්න.

මෙසේ පරීක්ෂා කිරීමේ මූලික අරමුණ වන්නේ පියයුරුවල ගෙඩියක් තිබේදැයි බැලීම පමණක් නොව ඉහත ආකාරයේ වෙනස් වීම් සිදුවී ඇතිදැයි බැලීමත් වේ.

ඊට හේතුව සමහර පිලිකා තත්ව වලදී ගෙඩියක් මතු නොවී ඉහත සදහන් කල ලක්ෂණ පමණක් ඇතිවීමයි.

එබැවින් මෙවැනි වෙනස් වීම් දුටු වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම ඉතා යෝග්‍ය වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/06/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු