හෘදය වස්තුවේ සිදුරු

හෘදය වස්තුවේ සිදුරක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

සාමාන්‍ය හෘදය වස්තුවක් එහි මැදින් වු බිත්තියක් මගින් වම් හා දකුණු ලෙස කොටස් දෙකකට වෙන් වී ඇති අතර කිසිම විටක හෘදය තුලදී මෙම වම් පස හා දකුණු පස ඇති රුධිරය එකිනෙක මිශ‍්‍ර නොවේ.

නමුත් ඉතාම කලාතුරකින් උත්පත්තියේ සිට මෙම හෘදය වස්තුවේ මැදින් ව්ූ බිත්තියේ සිදුරක් ඇතිවී තිබිය හැක.

එය කර්ණිකා මට්ටමේදී හෝ කෝෂිකා මට්ටමේදී විය හැක.

මෙවැනි තත්වයක් හෘදයේ සිදුරක් ලෙස සාමාන්‍ය ජනවහරේ හැදින්වේ.

මේ හේතුව නිසා දකුණු පස ඇති අපිරිසිදු රුධිරය හා වම් පස ඇති පිරිසිදු රුධිරය මිශ‍්‍ර විමක් සිදු වේ.

එබැවින් ශරීරයේ ක‍්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් හරියාකාරව අදාල කොටස්වලට නොලැබී යයි

මෙවැනි සිදුරු ඇති වීමට හේතු මොනවාද?

ඊට විශේෂිත හේතුවක් සොයාගෙන නැති අතර සමහර තත්ව යටතේ එවැනි සිදුරු ඇති වීමට වැඩි අවධානමක් ඇත.

උදා: මවට හෝ පියාට එවැනි තත්වයක් තිබුනේ නම්

ගර්භනී සමය තුල සිගරට් දුමට නිරාවරනය වීම( බොහෝ විට පියා දුම් බොන්නේ නම් මෙය විය හැක)

කලලයේ සිදුවන වර්ධනයේ ව්‍යාකූලතා

හෘදයෙ වන සිදුරක් නිසා ඇතිවන ව්‍යාකූලතා මොනවාද?

ඉක්මනින් හති වැටීම.

ස්වසනයේ අපහසු බව

පෙනහලු වල වතුර එකතු වීම

කකුල් ඉදිමීම

තොල්පටවල් මෙන්ම නියපොතු දම් පැහැයක් ගැනීම

මෙවැනි තත්වයක් හදුනාගන්නේ කෙසේද?

මෙහිදී හෘදයවස්තුවේ ඇතිවන විශේෂිත ශබ්ධ වෙනස්වීමක් වෛද්‍යවරයා විසින් වෙද නලාව මගින් පහසුවෙන් හදුනා ගනී.

ඉන්පසු හෘදය වස්තුව ආශ‍්‍රිතව කරනු ලබන ස්කෑන් පරීක්ෂණයක් මගින් නිෂ්චිත වශයෙන්ම සිදුර ඇති තැන හදුනා ගැනීම කරනු ලබයි.

මීට අමතරව අවශ්‍යතාව පරිදි ඊසීජී පරීක්ෂණ එක්ස්-රේ පරීක්ෂණ ආදිය කරනු ලැබේ.

මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

සාමාන්‍යයෙන් කුඩා ප‍්‍රමාණයේ සිදුරු වෙනයම් ව්‍යාකූල තත්වයක් නැත්නම් දරුවාගේ වර්ධනයත් සමග වැසී යයි.

මෙය වෛද්‍යවරයා විසින් පූර්ණ අධ්‍යනයකට පසු තීරනයකට එලබේ.

කාලයත් සමග එහි ප‍්‍රගතියක් පෙන්වන්නේ නැත්නම් හෝ තරමක් විශාල සිදුරු වසා දැමීම කල යුතුය.

මෙය වෛද්‍යවරයා විසින් රෝගියාගේ රෝග ලක්ෂණ අනුව තීරනය කරනු ලැබේ.
මෙම සිදුර වසා දැමීම බට ආධාරයෙන්ද (Catheter Procedure) කල හැකි අතර එය ඉතා සාර්ථක ක‍්‍රමයකි.

නමුත් බට යොදා කරන ප‍්‍රථිකර්මය අසාර්ථක අවස්ථාවලදී හා ඉතා විශාල ප‍්‍රමාණයේ සිදුරු වැසීමට ශල්‍යකර්මයක් කලයුතු වෙ.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/09/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු