උගුරේ සෙම පැටලීම (Flem in the throat)

උගුරේ සෙම පැටලීමක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

තම උගුර ප‍්‍රදේශයේ යමක් බැදී ඇති ලෙස දැනීම මෙලෙස අදහස් කෙරේ

සමහර අවස්ථා වලදී මේත් සමග උගුරේ කැක්කුම හෝ උණ ගැනීම සිදුවන අතර දිනකිහිපයක් හෝ සමහර අවස්ථාවලදී දීර්ඝකාලීනව මෙය පැවතිය හැක.

මෙසේ උගුරේ සෙම බැදුනු ස්වභාවයක් ඇතිවීමට හේතු මොනවාද?

පරිසර දූෂණය ( තමා අවට පරිසරයේ අධික දූවිලි ,දුම හා නොයෙකුත් ආකාරයට වායු දූෂණයක් වී තිබීම)

දුම්බීම

වෛරස් හා බැක්ටීරියා ආසාදන තත්වයන් ( මේ අතරින් වෛරස් ආසාදන තත්වයන් බහුලව දැකිය හැකි වේ.)

දිලීර රෝගී තත්වයන් ( විශේෂයෙන් දියවැඩියාව ඇති රෝගීන්ගේ මෙම දිලීර රෝගී තත්ව ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇත)

මුඛයේ අපිරිසිදු බව ( උදා දත් දිරා ගොස් විෂබීජ තත්ව ඇතිවී තිබීම දත්මුල් දිය වීම)

ආහාර නිතර උගුරට එමේ ව්‍යාකූලතා පැවතීම ( උග‍්‍ර ලෙස ගැස්ට‍්‍රයිටිස් තත්ව තිබීම)

නාස් කුහරයේ ඇතිවී ඇති සිරවීම් නිසා නාසයේ ඇතිවන ස‍්‍රාවයන් නිතරම උගුර දෙසට තල්ලු වීම

ඉතා කලාතුරකින් උගුර ප‍්‍රදේශයේ ඇතිවන පිලිකාමය හෝ පිලිකාමය නොවන ගෙඩියක් නිසා

ආහාර ගිලීමේ අපහසුතා (විශේෂයෙන් අන්නස්‍රෝතයේ ඇතිවන ගෙඩි, කුඩාවීම්,)

උත්පත්තියේ සිට ඇතිවන ව්‍යාකූලතා නිසා ගිලින ලද ආහාර උගුරේ රැදී තිබීම නිසා ඒ මත බැක්ටීරියා තත්ව ඇතිවීම

මෙවැනි තත්ව වලදී ඇතිවන අපහසුතාවය සමනය කරගැනීමට රෝගියාට කල හැකි දේ මොනවාද?

සෑම විටම උණු දෙයක් පානය කිරීම.

ලුණු වතුරෙන් උගුර සේදීම( මේ සදහා වතුර කෝප්පයකට ලුණු කුඩු තේ හැදි භාගයක් එක් කිරීම ප‍්‍රමාණවත් වේ)

වායුසමීකරණ යන්ත‍්‍ර භාවිතය තත්ව සමනය වන තෙක් නැවැත්වීම

කැක්කුම ඇති කරන්නේ නම් වේදනා නාශක පෙති ගැනීම

තමා අවට පරිසරය ගැන සැලකිලිමත් වීම ( දුවිලි බහුල නම් ඉන් ඇත් වීමට උත්සාහ කරන්න)

දුම්බීම නැවැත්වීම

මුඛය පිරිසිදුව තබා ගැනීම

දත් මැදීමේදී දිව මැදීමට අමතක නොකිරීම

වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කවර අවස්ථාවලදීද?

දින කිහිපයකදී තත්වය සමනය වීමක් නොවූයේනම්

මේත් සමග උදරයේ දැවිල්ල ගතිය සමග උගුරට එන තත්වයක් ඇත්නම්

ආහාර ගිලීමේ අපහසුතා ඇත්නම්

උගුර ප‍්‍රදේශයේ ගෙඩි ඇතිවී ඇතනම්

දින කිහිපයක් උණ ගැනීම සිදුවූයේ නම්

නාසය දිගින් දිගටම හිරවීම් ඇත්නම්

වෛද්‍යවරයෙකු වෙත යොමු වී උපදෙස් ලබා ගැනීම වඩා යෝග්‍ය වේ.


Article uploaded on 07/11/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 06/11/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු