හිසට වූ අනතුරකින් පසු දීර්ඝ කාලයක් ස්වසනය කිරීමේ යන්ත‍්‍රයක් ආධාරයෙන් ස්වසනය කරන රෝගියෙකුගේ කෘත‍්‍රිම ස්වසන මාර්ගයක් තැනීම

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේවයස අවුරුදු 56

ස්ත‍්‍රී පුරුෂ භාවය ස්ත‍්‍රී

රෝග ලක්ෂණ
මාසයකට පෙර බසයකින් වැටීම නිසා හිසට තුවාල සිදුවීම.
මොලය ආශ‍්‍රිතව ලේ ගැලීමක් නිසා සිහිසුන්වීම.
දීර්ඝ කාලයක් කෘත‍්‍රිම ස්වසන යන්ත‍්‍රයක ආධාරයෙන් ස්වසනය කිරීම.
පෙනහලු ආශ‍්‍රිතව විෂබීජ තත්වයක් ඇතිවීම හා වැඩිපුර සෙම ඇතිවීමේ තත්වයක් උද්ගත වීම.

වෙනත් රෝගී තත්ව
තයිරොයිඩ් ග‍්‍රන්තියේ ව්‍යාකූල තත්වයක් නිසා මාස 6කට පමණ පෙර එය ඉවත්කර තිබීම.
දියවැඩියාව.

වෛද්‍යවරු සාකච්චාකර ගනු ලැබූ තීරණය
ඇතිවී ඇති විෂබීජ තත්වය පාලනයට, වැඩිපුර ඇතිවන සෙම ඉවත් කිරීම පහසුවීමටත්, තවදුරටත් කෘත‍්‍රිම ස්වසන යන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා පාලනය කිරීමටත්,කෘත‍්‍රිම ස්වසන මාර්ගයක් තැනිය යුතු බව.

ශල්‍යකර්මය සදහා ගතවු කාලය
විනාඩි 20ක් පමණ

ශල්‍යකර්මයට පසුකාලය
මාස 3 කට පමණ පසු රෝගියාගේ ස්වසනය යථාතත්වයට පත්වීම හා කෘත‍්‍රිම ස්වසන මාර්ගය සදහා දමනු ලැබූ බටය ඉවත් කිරීම.
ක‍්‍රමයෙන් කෘත‍්‍රිම ස්වසන මාර්ගය තැනූ සිදුර වැසීයාම.
හිසට වූ තුවාල නිසා ඇතිව තිබූ ව්‍යාකූලතා යම් දුරකට සුව වී තිබීම.

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාගේ ඥාතීන්ට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------


ලිපිය පළකල දිනය Article uploaded on: 07/08/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු