තයිරොයිඞ් ග්‍රන්ථිය ඉවත්කල පසු කාලය (Post operative period)

මෙම ශල්‍යකර්මයෙන් පසු කොපමණ කාලයක් රෝහලේ සිටිය යුතුද?

කිසියම් ආකාරයේ ව්‍යාකූල බවක් ඇති නොවුයේ නම් සාමාන්‍යයෙන් තෙවැනි හෝ සිව්වෙනි දවසේදී රෝහලෙන් පිටත් කෙරේ. සමහර අවස්ථා වලදී ශල්‍යකර්මය කල ස්ථානයේ රුධිරය එකතු වීම වැලක්වීමට දමනු ලබන බටය ඉවත්කලාට පසු රෝහලින් පිටත් කිරීම කරනු ලබයි.

රෝහලින් පිටත් කලාට පසු නිවසේදී පිළිපැඳිය යුතු කරණු මොනවාද ?

⋆ හොඳින් විවේක ගැනීම .
⋆ පළමු දින කිහිපයේ බෙල්ල කෙලින් තබාගෙන සිටීම.
⋆ පළමු දින කිහිපයේ බෙල්ලේ ඇතිවෙන වේදනාව.(විශේෂයෙන් ආහාර ගිලින විට) මේ සඳහා වෛද්‍යවරයා විසින් නියමකරන වේදනා නාශක නොකඩවා නියමිත මාත‍්‍රාවට ගැනීම.
⋆ වේදනා නාශක ආහාර ගැනීමට පැය භාගයකට පමණ කලින් ගන්නේ නම් කෑම කන අවස්ථාවේදී කැක්කුම අවම වේ.
⋆ අයිස් කැට කිහිපයක් පොලිතින් උරයකට දමා ශල්‍ය කර්මයේදී කල කැපුම උඩ තදකරගෙන සිටීම මඟින් ද කැක්කුම අඩුකෙරේ. මෙහිදී තුවාලය නොතෙමීමට වග බලාගත යුතුය.
⋆ තුවාලයට බොහෝ වෙලාවට දියවෙන මැහුම් යොදනු ලබයි.එසේ නොමැතිනම් 5 වන දිනයේදී මැහුම් ඉවත්කිරීම කරනු ලබයි. මෙහිදී වෛද්‍ය වරයා අනුමත කරන දිනයේදී රෝහලට යා යුතුවේ.
⋆ තයිරොයිඞ් හෝමෝන් පෙති නෙකඩවා ගැනීම.
⋆ ගිලීමේ දී තද කැක්කුමක් ඇති නොවේනම් සාමාන්‍ය ලෙස ආහාර ගැනීම කල හැක.
⋆ සතියකින් පමණ සාමාන්‍ය වැඩකටයුතු වල නියැලිය හැක.
⋆ නොකඩවා සායන වලට යාම.

වෛද්‍ය වරයෙකු මුණගැසීම ඉක්මනින් සිදුවිය යුත්තේ කුමන අවස්ථාවලදීද ?

- කැක්කුම වැඩිවීම.
- ශල්‍යකර්මයේ කැපුම ආශ‍්‍රිතව රතුවීම, සැරව ගැලීම හෝ ලේ ගැලීම.
- උණ ගැනීම.
- කටහඩ ගොරෝසු වීම හෝ කථා කිරීමේ අපහසුව.
- නොකඩවා එන කැස්ස
- කට වටේට හෝ ඇඟිලි තුඩුවල හිරිවැටීම හෝ නලියනවා සේ දැනීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 25/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු