Common Cold

Common Cold යනුවෙන් හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය අප සාමාන්‍යයෙන් සෙම්ප‍්‍රතිශ්‍යාව ලෙස හැදින්වේ

මෙහිදී නහයෙන් හොටු දියර ගැලීම, නාස් කුහරය හිරවීම, කිවිසුම් යාම, උගුරේ ඇතිවන වේදනාව හා දැවිල්ල ගතිය දැකිය හැක.

මීට අමතරව කැස්ස හා හිසේ කැක්කුම උග‍්‍ර අවස්ථා වලදී දැකිය හැක.

මෙවැනි Common Cold එසේත් නැතිනම් සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිවීමට හේතු මෙනවාද?

මෙය සාමාන්‍යයෙන් වෛරස් මගින් ඇතිවන තත්වයකි.

වැඩිපුර දැකිය හැකිවන්නේ ශීතල දේශගුණයක් හා වර්ෂාව ඇති කාල වලදී වේ.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් ශරීරයට වෛරසය ඇතුළු වී දින 2-3 කින් ලක්ෂණ මතුවේ
ප‍්‍රධාන වශයෙන් හොටු දියර ගැලීම, හිරවීම. උගුර කසන ස්වාභාවය දැකිය හැක
වෛරසයේ ස්වභාවය අනුව රෝගී තත්වයේ උග‍්‍ර බව වෙනස් විය හැක.
උදා - උණ ගැනීම
කැස්ස
මාංශ පේශී වේදනා
හිසේ කැක්කුම
උගුරේ සෙම ගතිය

මේ සඳහා ප‍්‍රථිකාර මොනවාද?

සාමාන්‍යයෙන් මෙවැනි තත්ව දින කිහිපයකින් පහව යයි.
හොදින් විවේක ගැනීම හා දියර වැඩිපුර ගැනීම.
උණ හා මාංශ පේශී වේදනාව සමනයට නියමිත මාත‍්‍රාවට
පැරසිටමෝල් ගැනීම කල හැක.( කුඩා දරුවන් සඳහා සෑම විටම වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා දිය යුතුය)

සාමාන්‍යයෙන් ප‍්‍රථිජීවක ඹෟෂධ ලබාදීම සිදු නොකරයි.
විටමින් C වැනි ඖෂධ ගත හැකිවූවත් වුවත් එහි බලපෑම තහවුරු කර නැත.
මීට අමතරව
මඳ උණුවතුර පානය කිරීම හා ලුණූවතුරෙන් උගුර සේදීම කල හැක.
දුම් පානය කරන ස්ථාන වලින් ඈත්වීම
ජලවාෂ්ප ඇල්ලීම මඟින් නාසයේ ඇතිවන හිරවන ස්වභාවය අවම කල හැක.
යෝගට් ආහාරයට ගැනීම මගින් යම් පාලනයක් සිදුකරන බවට මත පවතී ( Probiotics)
හොදින් විවේක ගැනීම
කුඩා දරුවන් හට මෙවැනි තත්ව ඇතිවූ විට හොදින් මව්කිරි ලබා දීම මෙම තත්වය පාලනයට ඇති හොදම ප‍්‍රථිකාරයයි
සාමාන්‍යයෙන් දින කීහිපයකින් දියර තත්වයේ වූ හොටු කහ හෝ ලා කොල පැහැයක් ගනී. මෙය සාමාන්‍ය තත්වයක් බැවින් ප‍්‍රතිජීවක ඹෟෂධ ගැනීම අවශ්‍ය නොවේ.

මෙම වෛරස තව කෙනෙකුට බෝවිය හැක්කේ කෙසේද?

කිවිසුම් වලදී පිටවන බිඳිති වාතයට මුසුවී ආශ්වාස වීම මගින් බහුලව බෝවීම සිදුවේ.
මීට අමතරව එවැනි රෝගියෙකු ඇල්ලූ යමක් අල්ලා ඔබේ නාසය, ඇස් හෝ මුඛය ඇතුල්ලූ විටදීද බෝවීම සිදුවිය හැක.
උදා - දොරක අගුල, බස් රථයේ ආසන හෝ ආධාරක

මෙවැනි රෝගී තත්වයක් ඇති අයෙකුගෙන් තව කෙනෙකුට බෝවීම කොපමණ කාලයක් සිදුවිය හැකිද?

සාමාන්‍යයෙන් රෝගය වැලදී පලමු දින 2-3 එසේ බෝවීමේ හැකියාවක් ඇත

වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කවර අවස්ථා වලදීද?

සතියක් පමණ ගිය පසුවත් සමනය වීමක් නොවුනි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් වේ.

මීට හේතුව මෙවැනි තත්ව කනේ විෂබීජ තත්ව, නියුමෝනියාව , සයිනුසිටිස් තත්ව ඇති කිරීමට තුඩුදිය හැකි බැවිනි.

මෙවැනි තත්ව ඇතිවීම වලක්වා ගැනීමට කල යුතුදේ මොනවාද?

නිතර අත් සේදීමට පුරුදු වීම. ( විශේෂයෙන් පොදු ස්ථාන වල යමක් ඇල්ලූ විට)
ඔබට සෙම්ප‍්‍රතිශ්‍යාව වැලදී ඇත්නම් ලේන්සුවක් පාවිච්චි කිරීම හා මුහුණු ආවරනයක් පැලදීම අනෙක් අයට බෝවීම අවම කරයි.

ලිපිය පළකල දිනය Article uploaded on: 01/02/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු