නාසයෙන් ලේ ගැලීම

නාසයෙන් ලේ ගැලීම බහුලව දැකිය හැකිද?

බහුලව දැකිය හැකි තත්වයකි. නමුත් ජීවිත තර්ජන ගෙන දෙන අවස්ථා අල්ප වේ.

නාසයෙන් ලේ ගැලීමට හේතු මොනවාද?

නාසය තුල වූ බිත්තිය ඉතා තුනීවන අතර ඊට යටින් ඉතා සිහින් වූ රුධිර වාහිනී ජාලයක් ඇත. එබැවින් ඉතාම සුළු ප‍්‍රමාණයේ සිදුවන ආසාත්මික තාවයක් හෝ තුවාල වීමකදී මෙම රුධිර වාහිනී වලට හානි වී රුධිරය ගැලීමට පුළුවන. එසේ බහුලව දැකිය හැකි අවස්ථා වනුයේ
-
සෙම්ප‍්‍රතිශ්‍යාවකදී බැදෙන හොටු කැබලි පිරිසිදු කිරීමේදී මෙසේ හානිවිය හැක
- නිය පොතු වැදීම
-
නාසයට සිදුවන තුවාල වීමකදී
- රුධිරය කැටි නොගැසීමේ රෝගී තත්ව වලදී (හීමොෆිලියාව)

නාසයෙන් ලේ ගැලීම වඩාත් සැලකිය යුත්තේ ඇයි?

- මෙය අධික රුධිර පීඩනය නිසා නාසයේ පුඩු කෙලවර ඇති රුධිර ජාලයේ ඇතිවන පිපිරීම් නිසා විය හැකිවීම.
-
හිසෙහි ඉදිරි ප‍්‍රදේශයට වූ තුවාලයකින් පසුව ලේ ගැලීම
-
රුධිරය කැටි ගැසීම වැලැක්වීමට දෙනු ලබන ප‍්‍රථිකාර ගන්නා රෝගියෙකු වීම.

ඉහත සඳහන් අවස්ථා ඉතා ඉක්මනින් ප‍්‍රථිකාර කල යුතු අවස්ථා වේ. එබැවින් නාසයෙන් ලේ ගැලීමේදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුවේ. මන්දයත් ඉහත අවස්ථා ජීවිත තර්ජන ඇති කරන්නක් වීමත් සාමාන්‍ය පුද්ගලයෙකුට මෙය හානිකර නොවන අවස්ථා වලින් වෙන්කර ගැනීම අපහසු වීමත්ය.

නිවසේ දී ගතහැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

පුටුවක වාඩිවි මදක් ඉදිරියට නැවී නාසයේ ඉදිරි කොටස තදකරගෙන සිටින්න. මෙය සීතල වතුරෙන් පෙඟවූ ලේන්සුවක් නම් වඩා යෝග්‍ය වේ. අඛන්ඩව විනාඩි 10ක් මෙසේ තදකරගෙන සිටීමෙන් 90% ලේ ගැලීම් නවතී. කිසිම විටක උඩ පෙලි අතට දිගාවීම නොකරන්න .
දිගාවීම නිසා ගලන ලේ ස්වසන මාර්ගයට ඇතුළු වීමට වැඩි අවධානමක් ඇත. වහාම උපදෙස් පතන්න.

මේ සඳහා ඇති ප‍්‍රථිකාර ක‍්‍රම මොනවාද?

- අධික රුධිර පීඩනය ඇත්නම් එය පාලනය කිරීම
- රුධිරය කැටි ගැසීම වලක්වන ඖෂධ ගන්නේ නම් එහි මාත‍්‍රාව අඩු කිරීම.
-
හිසට සිදුවූ තුවාලයකින් නම් ඒ සඳහා අවශ්‍ය CT පරීක්‍ෂණ කර අදාල ප‍්‍රථිකාර කිරීම.
- ඇසරිනලීන් (Adrenalin) සහිත ගොස් වලින් නාසයේ සිදුරු තදවන සේ වසා දැමීම.
-
රුධිරය වහනය වන ස්ථාන උණුකර දැමීම. (Cauterization)

ලිපිය පළකල දිනය Article uploaded on: 18/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු