පිලිස්සීම් (Burns)

පිලිස්සීම් වලදී

ගින්දර, උණුවතුර හෝ ව්කිරණ, හුමාලය, රසායන ද්‍රව්‍යය හා ව්දුලි උපකරණ යන ඕනෑම අයුරකින් පිලිස්සීම් විය හැක.
පිලිස්සීම් වලදී අදාල ස්ථානයේ වන ආබාධ වලට අමතරව ඉන් පිටවන විෂ සහිත දුම් ආඝ‍්‍ර‍්‍රහනය නිසා ස්වසන අපහසුතාද ඇතිවිය හැක.

පිලිස්සීම් නිසා

- වතුර පිරුනු බිබිලි ඇතිවීම.
- කැක්කුම.
- සම ගැලවී යාම/ සම රතු වීම / ඉදිමීම.
- පිලිස්සුනු ස්ථාන සුදුවීම හා හයිවීම.

විෂ වායු ආඝ‍්‍ර‍්‍රහනය වීමෙන්

- ඇදුම ගතිය ඇතිවීම / ශ්වසන අපහසුතා
- මුහුන පිලිස්සී තිබීම.
- සෙම සමග කළු පැහැති කැබලි පිටවීම.

මෙහිදී ප‍්‍රථමාධාර දියයුතු ආකාරය

සුළු පිලිස්සීම් වලදී

- සම ගැලවී ගොස් නැත්නම්, සාමාන්‍ය සිසිල් ජලයෙන් එම ස්ථානය සෝදා හරින්න. එහිදී වතුර වත්කීරීම පමණක් කරන්න. ඇතිල්ලීමෙන් වලකින්න.
- වතුරේ අදාල ස්ථානය ගිල්වා තිබීමෙන් කැක්කුම යම් දුරකට මගහැරීයයි. එසේ නැත්නම් වතුර පෙගවූ පිරිසිදු රෙදි කැබැල්ලක් තබන්න.
- හොදින් සෝදා හැරීමෙන් පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් අදාල ස්ථානය වසන්න.
- ආදාල ස්ථානයෙහි තෙතමනය වියලී ගිය පසු සම වියලීම වැලැක්වීමට භාවිතාකරන ක‍්‍රීම් වර්ගයක් ආලේප කරන්න. (Moisturizing Cream)
- සාමාන්‍යයෙන් මෙම ප‍්‍රථිකාරවලින් ආදාල ස්ථානය සුවවීම සිදුවේ.

විශාල ප‍්‍රමාණයේ පිලිස්සීම්වලදී

- පුද්ගලයාව පිලිස්සීමට තුඩුදෙන ස්ථානයෙන් ඉවත්කර ගැනීම හා සිසිල් ජලය ශරීරයට වත් කිරීම.
- පිලිස්සී උණුවීම නිසා ඇඟට ඇලී ඇති දේවල් ඉවත් කිරීමට උත්සහ නොකල යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 30/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු