විශාදය හෙවත් මානසිකව කඩාවැටීම (Depression)

විශාදය හෙවත් මානසිකව කඩා වැටීමක් ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය සිතෙහි ඇතිවන දුකක්, සතුටක් නොමැතිබව, ශරීරයේ ශක්තිය අඩු බව, කිසිම වැඩක් සිත ඒකාග‍්‍රකරගෙන කල නොහැකි වීම හා ඉතාම සුලු දෙයකට පවා තරහ යාම මෙන්ම අන් අය නොරුස්සන ස්වභාවයක් ඇති වීමක් ලෙස හැදින්වේ.

මෙවැනි තත්ව සෑම කෙනෙකුම ඉතා සුලු කාලසීමා සදහා අත්දැක ඇති අතර මෙය දීර්ඝ කාලීනව පැවතීම මානසික රෝගී තත්වයක් බවට පෙරලේ.

එවැනි තත්ව වලදී ඔහුට හෝ ඇයට වෛද්‍ය උපදෙස් හා අන් අයගේ සහයෝගය අවශ්‍යවේ.

මෙම තත්වයේදී දැකිය හැකි අනෙකුත් ලක්ෂණ මොනවාද?

සිතෙහි ඇති ආත්ම විශ්වාසය නැතිව යාම .

සිතෙහි අරමුණක් නොමැති වීම.

නින්ද නොයාම විටින් විට ඇහැරීම මෙන්ම අධික නිදිමත ගතිය.

ශරීරයේ ඇතිවන තෙහෙට්ටු බව.

ආහාරවලට ඇති ප‍්‍රියතාව වෙනස් වීම.

ශරීරයේ බර වැඩිවීම.

ලිංගික උදාසීන බව.

තමුන්ටම වෛරකරගැනීම.

බලාපොරොත්තු නොමැති වීම.

හේතුවක් රහිතව හැඩීම.

සිය දිවි නසා ගැනීමට අදහස් පහල වීම.

පාසැල් යන වයසේ දරුවන්ටත් මෙම තත්වයව ඇති විය හැකිද?

ලමුන්ට පවා මෙම තත්වය ඇති විය හැක.

නමුත් මෙහි දී දැකිය හැකි ලක්ෂණ යම් තරමකට වැඩිහිටියන්ගේ තත්ව වලින් වෙනස් වේ.

පාසැලේ වැඩකටයුතු වෙනදා මෙන් නොකිරීම.

වැඩිපුර නිදා ගැනීම ඔහුගේ හෝ ඇයගේ චර්යා රටාවන්ගේ වෙනස්කම් ඇති වීම.

කතාබහ අඩු වීම මුරන්ඩු ගතියක් ඇතිවීම විශේෂයෙන් දැකිය හැකි වේ.

මෙවැනි මානසික කඩා වැටීම් ඇති වීමට හේතු මොනවාද?

ආරෙට යන තත්ව බහුලව දැකිය හැක.

මීට අමතරව බොහොමයක් සාධක මේ සදහා බලපායි.

වැඩිහිටියන් තනිවීම මේ අතරින් ප‍්‍රධාන වේ.

විවිධ රෝගී තත්වයන්
(උදා තයිරොයිඩ් ග‍්‍රන්ථිවල අවක‍්‍රියාකාරීත්වය)

පිලිකා තත්වයන් ඇතිවීම.

විවිධ හේතු නිසා ශරීරයේ ඇති වන තද කැක්කුම් ( තද කොන්දේ කැක්කුම වැනි)

හරි හැටි නින්ද නොයාම.

දීර්ඝකාලීනව ගන්නා නොයෙකුත් ඖෂධ වර්ග (උදා ස්ටීරොයිඩ)

සමාජීය වශයෙන් බලපාන කරුණු

පවුලේ ඇතිවන ආරවුල්

දරුවන්ගේ ඇතිවන ප‍්‍රශ්ණ

අපයොජනයට ලක්වීම් (විශේෂයෙන් දරුවන්)

සමීපතමයෙක් මිය යාම

රැකියාවේදී ඇතිවන ව්‍යාකූලතා

පේ‍්‍රම සබදතා බිදවැටීම්
ප‍්‍රධාන වශයෙන් දැක්විය හැක

මධ්‍යසාර හා විවිධ මත්ද‍්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අතර මෙම මානසික කඩා වැටීම් බහුලව දැකිය හැක

තවද
දරුවකු බිහිකිරීමෙන් පස සමහර මවුවරුන්ටද මෙවැනි තත්ව ඇතිවිය හැක. සමහර අවස්ථාවලදී මෙහි උග‍්‍රතම අවස්ථා පවා ඇති විය හැක.
රෝග ලක්ෂණ ලෙස දරුවාව ප‍්‍රථික්ෂේප කිරීම
මව්කිරි නොදීම වැනි අවස්තා දැකිය හැක.

මාස්ශුද්ධිය ඇතිවීම ආසන්නයේදී බොහෝවිට එය සිදුවීමට මුලින්වූ සතියක කාල සීමාව තුලදීද සමහර කාන්තාවන්ට මෙවැනි තත්ව ඇතිවේ. නමුත් එය මාස්ශුද්ධිය වීමත් සමග පහව යයි.



වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත යුත්තේ කවර අවස්ථාවලදීද?

ඉහත සදහන් කල රෝග ලක්ෂණ සති දෙකකට වඩා කාලයක් පැවතීම

නිතර ඇඩීම

සිය දිවිනසා ගන්නවා යැයි ප‍්‍රකාශ කිරීම හෝ නිතර එය සිතට ඒම

දෛනික වැඩ කටයුතු පවා අඩපණ වීම

දරුවන් ගේ නම් පාසැල් වැඩකටයුතු අඛන්ඩව අඩපණ වීම

මෙවැනි තත්ව ඇතිවීම වැලක්වීමට ගත හැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

අවශ්‍ය ප‍්‍රමාණයට නිදා ගැනීම

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම

මත්ද‍්‍රව්‍ය ගැනීමෙන් වැලකීම

හොදින් ව්‍යායාම කිරීම

නිතර යහලු මිතා‍්‍රදීන් ඇසුරු කිරීම (අවශ්‍ය විටදී තමසිත තුල ඇතිවන ප‍්‍රශ්ණ තම සමීප පුද්ගලයෙකු හා සාකච්චා කිරීම බොහොමයක් සිත්කඩා වැටීම් වලකාලීමට හේතුවනු ඇත)


සිතෙහි සතුට ඇතිකරන තමා කැමති ක‍්‍රියාවල නිරත වීම

ආගමාණුකූල දේවල්වල නිරත වීම හා භාවනා කිරීම




Article updated and uploaded on 08/12/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 09/12/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු