හෘදයෙහි රුධිරවාහිනී සිහින් වීම

රෝග ලක්‍ෂණ

මෙහිදී එන ප‍්‍රධානම රෝග ලක්‍ෂණය වනුයේ පපුවේ කැක්කුම වේ.

මෙවැනි අවස්ථාවලදී ප‍්‍රතිකාර කරනු ලබන ක‍්‍රම මොනවාද ?

1. ඖෂධ ලබාදීම.
- මෙහිදී එම සමහර ඖෂධ වලින් හෘදයේ ක‍්‍රියාකාරිත්වයට අවශ්‍ය ප‍්‍රමාණයට රුධිරය ලබාගැනීම සඳහා විවිධ ආකාර වලින් ක‍්‍රියාකරයි.
-
මීට අමතරව සමහර ඖෂධ රුධිර වාහිනී සිහින්වීමට බලපාන ලද රෝගී තත්වය පාලනය කිරීම සඳහා නියම කරනු ලබයි. උදා: අධික කොලෙස්ටරෝල් තත්වයන්, දියවැඩියාව, අධික රුධිර පීඩනය

- යම් අවස්ථාවලදී මෙසේ ඖෂධ වලින් පාලනය කල නොහැකි තත්ව මතුවේ. එවැනි අවස්ථාවලදී රුධිර වාහිනී තුලින් බට යවා අදාල ස්ථානය බැලූනයක ආධාරයෙන් විශාල කිරීම කර නැවත හැකිලීමට නොහැකි වන සේ ලෝහමය දැලක් තැන්පත් කරනු ලබයි. (Angioplasty and stent placement)

- ඉහත කී ක‍්‍රමය මඟින් සෑම අවස්ථාවකදීම ප‍්‍රථිකාර කල නොහැක. Angioplasty and stent placement ප‍්‍රථිකාර ක‍්‍රමය භාවිතා කලහැකි වන්නෙ විශේෂිත අවස්ථාවලදී පමණි. අනෙකුත් අවස්ථාවලට ශල්‍යකර්ම කිරීම අවශ්‍ය වේ. (බයිපාස් සැත්කම) මෙම බයිපාස් සැත්කමේදී කරනු ලබන්නේ රුධිර වාහිනියේ හිරවුනු තැන මඟහැර අළුතින් අදාල ස්ථාන කරා රුධිරය ගමන්කල හැකිවන සේ ශරීරයේ අත්‍යාවශ්‍ය නොවන රුධිරවාහිනී කොටසක් ගෙන අතුරු මාර්ගයක් සැකසීම වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 25/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු