හෘදය වස්තුවේ බිත්තිය සෑදී ඇත්තේ හෘදයට විශේෂිත වූ මාංශ පේශී වර්ගයකින්වේ.
මෙහි ඇති විශේෂිත ලක්ෂණයක් වනුයේ ඒවා යම් හෙයකින් විනාශ වූවහොත් නැවත අලුතෙන් වර්ධනය වීමක් සිදු නොවීමයි.
මෙසේ හෘදපේශී මගින් තැනුන බිත්ති මගින් හෘදය කුටීර හතරකට බෙදන අතර එහි වූ මැද බිත්තිය මගින් වම් හා දකුනු කුටීර ලෙස බෙදේ.
නිරෝගී හෘදයක මෙම වම් හා දකුනු කුටීර එකිනෙක සම්භන්ද නොවේ.
නමුත් වම් පැත්තේ ඇති කුටීර දෙකත් දකුනු පැත්තේ ඇති කුටීර දෙකත් එකිනෙකට සම්භන්දවේ.
මෙහි වූ කපාට නිසා සෑම විටම රුධිරය එක් දිශාවකට පමණක් ගමන් කරයි.
ඉපදුන දා සිට අයෙකු මිය යන තුරුම හෘදය කී‍්‍රයාකාරීවේ.
නමුත් මෙහි විශේෂිත ලක්ෂණය වනුයේ හෘදය සෑදී ඇති මාංශ පේශී අනෙකුත් මාංශ පේශී මෙන් විඩාවට පත් නොවීමයි.
සාමාන්‍යයෙන් අයෙකුගේ හෘදය වස්තුවේ දලවශයෙන් ප‍්‍රමාණය ඔහුගේ හෝ ඇයගේ අතමිටමෙලවු විට එහි ප‍්‍රමාණයට සමානවේ.
ශරීරයේම ඇති රුධිරය හෘදය හරහා ගමන් කලත් හෘදය වස්තුවේ ක‍්‍රියාකාරීත්වයට එම රුධිරය ලබා ගත නොහැක.
ඒ සදහා විශේෂිත වූ ප‍්‍රධාන රුධිර වාහින දෙකක් හෘදයෙන් පටන් ගන්නා මහා ධමනියේ ආරම්භයේදීම පටන් ගනී.
මෙම ධමනි ඉතා කුඩා වන අතර නොයෙකුත් හේතු නිසා මේවා අවහිර වීමේ හැකියාවක්ද ඇත.
හෘදයේ පිහිටා ඇති හෘද්ගතිකරය නැමැති ස්ථානයකින් එක්තරා රිද්මයකට උත්තේජන නිදහස් කරයි.
මෙම උත්තේජන හෘදය වස්තුවේ බිත්ති හා සම්භන්දව හෘදය පුරා විසිරී ඇති විශේෂිත වූ එක්තරා තන්තු වර්ගයක් මගින් හෘදය පුරා විසුරවා හැරේ.
ඊට අනුව රිද්මයකට හෘදයවස්තුව ලිහිල් වීමත් සංකොවනය වීමත් සිදුවේ.