තෙල් සහිත ආහාර ගැන දැන ගනිමු

මේදය මගින් අපගේ ශරීරයේ කරනු ලබන කාර්යභාරය කුමක්ද?

1 ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දීම.
විනාඩි 20 ක පමණ කාලයක් ව්‍යායාම වල නිරතවීමෙන් ශරීරයේ ඇති කාබෝහයිඩෙ‍්‍රිඩ වලින් සැපයිය හැකි ශක්ති ප‍්‍රමාණය අවසන් වන අතර ඉන් පසු ශරීරයේ තැන්පක් වී ඇති තෙල් මගින් ශක්තිය සැපයීම සිදුකරයි.

2 සම සහ කොන්ඩය සෞඛ්‍ය සම්පන්නව තැබීම.

3 සමට යටින් තැන්පත් වී ශරීරයේ උෂ්ණත්වය පාලනයට උපකාරී වීම.

4 A,D, E,K යන විටමින් වර්ග ශරීරයට අවශෝෂණයට උපකාරී වීම.

5 ශරීරය තැනී ඇති ව්‍යුහයන් තැනීම.

මේද විවිධ වර්ග තිබේද?

සංතෘප්ත හා අසංතෘප්ත මේදය ලෙස වර්ග දෙකක් ඇත
මේ අතරින් සංතෘප්ත මේදය ශරීරයට හිතකර නොවේ. ඊට හේතුවන්නේ ඒවා වැඩිපුර ආහාරයට ගැනීමෙන් අහිතකර කොලෙස්ටරෝල් හෙවත් LDL කොලෙස්ටරෝල් ඉහල යාමේ ප‍්‍රවනතාවය වැඩි බැවිනි
LDL කොලෙස්ටරෝල් රුධිර වාහිනීවල තැන්පත් වී රුධිර ගමනාගමනයට බාධා ඇතිකරයි

සංතෘප්ත මේදය ඇති ආහාර වර්ග මොනවාද?

සත්ව ආහාර- බටර් , චීස්, අයිස්ක‍්‍රීම් ,මේදය බහුල මස් වර්ග
සමහර එලවලු තෙල වර්ග- පොල් තෙල් ,පාම් තෙල්

අසංතෘප්ත මේදය ශරීරයට හිතකරද?

අසංතෘප්ත මේදය ශරීරයට හිතකරවේ. එමගින් ශරීරය තුල ඇති අහිතකර LDL කොලෙස්ටරෝල් ප‍්‍රමාණය පහත හෙලයි.


අසංතෘප්ත මේදය ඇති ආහාරවලට උදාහරණ මොනවාද?

ඔලිව් තෙල් , සෝයා තෙල් හා සමහර එලවලු තෙල් වගී

ට‍්‍රාන්ස් ෆැට් යනුවෙන් හදුන්වන්නේ මොනවාද?

මෙම වගීය එලවලු තෙල් හයිඩ‍්‍රජනීකෘත කිරීමෙන් සකසා ගනී. මේවා සමහර ආහාර කල් තබා ගැනීමේදී , එහි නැවුම් බව ආරක්ෂා කිරීමට භාවිතා කෙරේ.
මීට අමතරව සමහර ආපන ශාලාවල ආහාර පිසීමටද භාවිතා කෙරේ.
මෙම මේද වගීයද ශරීරයට හිතකර නොවේ.
ඊට හේතු වන්නේ ඒවා මගින් අහිතකර කොලෙස්ටරෝල් (LDL කොලෙස්ටරෝල්) වැඩිකරන ගමන් හිතකර කොලෙස්ටරෝල් (HDL කොලෙස්ටරෝල්) අඩුකරයි.
බොහොමයක් අපනශාලාවල ඇති තෙලෙන් බදින ලද ආහාර , වෙලද පොලේ ඇති සැකසු ආහාර ,බදින ලද ආහාර බටර් හා මාගරීන් වල මෙම ට‍්‍රාන්ස් ෆැට් බහුලව ඇත.

විවිද තෙල් වගී ගැන අවබෝධයක් ලබා තිබීම දීර්ඝකාලීනව ශරීරයට අහිතකර මේදය සහිත ආහාර පාලනයට බෙහෙවින් උපකාර වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 14/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු