අව්කන්නාඩි හෙවත් sunglasses

අව්කන්නාඩි භාවිතා කිරීමේ ප‍්‍රධාන අරමුණ කුමක්ද?

සූර්ය රශ්මිය සමග එන හානිකර විකිරණ ( පාරජම්බුල කිරණ -Ultra violet) මගින් ඇස්වලට හානිවීමක් සිදුවිය හැක.

මීට අමතරව පරිසරයේ ඇති අනෙකුත් ස්වාභාවික විකිරණ වර්ග මගින්ද එලෙස හානි වීම සිදුවේ.

මෙම හානිකර විකිරණ වලින් ආරක්ෂාවිම අව්කන්නාඩි (Sunglasses) භාවිතා කිරීමේ ප‍්‍රධාන අරමුණවේ.

අව්කන්නාඩියක් මිල දී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

අව් කන්නාඩියක් පැලදීමේදී එය මෙම පාරජම්බුල කිරණ(Ultra violet) මගින් ඇස ආරක්ෂාකිරීමේ මූලික ලක්ෂණය අනිවාර්යයෙන් තිබිය යුතුය.

ඊට හේතුව වන්නේ ඇසේ සුද ඒමේ ප‍්‍රවනතාවයත් ඇස තුල පිලිකාමය තත්ය ඇතිකිරීමේ හැකියාවත් මෙම පාරජම්බුල කිරණ නිසා සිදුවිය හැකි බැවිනි.

කන්නාඩිය ප්ලාස්ටික් හෝ වීදුරු මගින් සකසා තිබිය හැකි අතර ඒවා සෑදීමේදී පාරජම්බුල කිරණ උරාගැනීමට හැකි රසායනික ද‍්‍රව්‍ය එක් කරනු ලැබේ.

එසේ නොමැතිවිටදී එම වීදුරුවේ ආලේපනයක් (Lens coating) මගින් මෙම කර්තව්‍ය ඉටුකරයි.

සෑම විටම අව්කන්නාඩි මිලදී ගැනීමේදී පාරජම්බුල කිරණ(Ultra violet) උරා ගැනීමේ හැකියාව සදහන්කර ඇති දැයි බැලිය යුතුය.

බොහො විට මෙය ප‍්‍රථිශතයක් ලෙස දක්වනු ලබයි. (90% or 100%)

සමහර අවස්ථාවලදී විකිරණ උරාගැනීමේ ඇති හැකියාවෙ පරාසයක් ලෙස දක්වනු ලැබේ(උරාගැනීමේ හැකියාව 400 nm ලෙස දක්වා ඇත්නම් එය පාරජමුබුල කිරණ අවාශෝෂණය කිරීමේ හැකියාව 100% තත්වයකි)

වීදුරුව කලු පැහැති වූ පමණින් පාරජම්බුල කිරණ අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් නැත.

එබැවින් වීදුරුව කලු පැහැති වූවත් එය පාරජම්බුල කිරණ අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඇති එකක් දැයි විමසිලිමත් විය යුතුය.

ආලෝකයේ තීව‍්‍රරතාවය මත කන්නාඩියේ අදුරු ස්වභාවය වෙනස්වන අව්කන්නාඩි ඇති අතර මෙහි ඇති එක් අවාසියක් වන්නේ කලුවර තැනක සිට එලිය ඇති තැනකට ආ විට තත්පර ගනනකදී එය අදුරු පැහැයට පත්වූවත් එලිය වැඩිපුර ඇති තැනක සිට එකවර කලුවර තැනකට පැමිණිමේදී කන්නාඩියේ අදුරු ගතිය පහව යාමට විනාඩි කිහිපයක් ගතවීම නිසා එකවර පෙනීමේ යම් අපහසුතාවයක් ඇතිවිය හැකිවීමයි.

වාහන ධාවනයේදී පැලදීමට අව්කන්නාඩියක් මිලදී ගන්නාවිට කන්නාඩියේ ඉහල සිට පහලට අදුරු ස්වභාවය ක‍්‍රමයෙන් අඩුවී තිබෙන කන්නාඩියක් ගන්නේ නම් වඩා යෝග්‍යවනු ඇත.

ඊට හේතුව වනුයේ දැඩි හිරු රශ්මිය නිසා ඇතිවන අපහසුතාවය ඉහල කොටසේ ඇති අදුරු බව නිසා අවම වන අතර පහල කොටසේ අදුරු බවක් නොමැති නිසා වාහනයේ වේග සීමා ආදිය ඇති මීටර ඇති කොටස පෙනීමට බාධාවක් ඇති නොවීමයි.

නිල් පැහැති ආලෝකය ඇස්වලට හානිකර බවක් සනාථකර නොමැත.

නමුත් මෙම නිල් පැහැති ආලෝකය අවශෝෂනය කිරීමේ හැකියාව ඇති අව්කන්නාඩි මගින් දුර ඇති යමක් පැහැදිලිව හදුනා ගැනීම පහසු කරයි.

සාමාන්‍යයෙන් මෙම අව්කන්නාඩි ලා කහපැහැයක් ගන්නා අතර ගුවන් නියමුවන් අතර ජනප‍්‍රිය වර්ගයකි.

අධෝරක්ත කිරණ අවශෝෂණය කල හැකි අව්කන්නාඩි නිපදවා ඇති මුත් අධෝරක්ත කිරණ මගින් ඇස්වලට හානිකරන බවට තහවුරු කර නැත.

මතුපිට වීදුරුවක් මෙන් දිස්වන අව්කන්නාඩි ඇති මුත් මේවා මගින් පාරජමුබුල කිරණ අවශෝෂනය කිරීමක් කරන්නේ නැත.

නමුත් ඇසට ඇතුලුවන ආලෝකයේ තීව‍්‍රරතාවය අඩුකරයි.


යමක මතුපිට දිලිසීමෙන් ඇතිකරන පෙනීමේ අපහසුතාවය අවම කිරීමට නිපදවා ඇති අව්කන්නාඩි ඇත.

මේවා ධ‍්‍රැවී ගතකරන ලද කන්නාඩි හෙවත් Polarized lenses ලෙස හැදින්වේ.

මේවාද වාහන ධාවනයේදී පැලදීමට සුදුසු වේ.

ඇසේ පෙනීමේ දෝෂයක් නොමැති කෙනෙක් වෙලදපලෙන් අව්කන්නාඩියක් මිලදී ගැනීමේදී අදාල කන්නාඩියේ පෙනීමේ ස්වභාවය ගැන සැලකිලිමත් විය යුතුය.

මේ සදහා ඹබගේ එක ඇසක් එක අතකින් වසා අව්කන්නාඩිය අනෙක් අතින් අල්ලාගෙන

පහසු දුරකින් තබා තනි රේඛාවක් දෙස යොමුකර මුලින් දෙපැත්තටත් පසුව ඉහලට හා පහලටත් චලනය කර බලන්න .

එවිට රේඛාවේ ඇදවීමක් නිරීක්ෂණය නොවන්නේ නම් එහි කන්නාඩිය තත්වයෙන් හොද එකකි.

එසේ නොවන විට එවැනි කන්නාඩි ගැනීමෙන් වැලකී සිටිය යුතුය.

Article uploaded on 10/01/2014



ලිපිය පළකල දිනය Article uploaded on: 10/01/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු