උරහිසේ ඇතිවන වේදනාව ( Shoulder Pain)

උරහිසේ වේදනාව ඇතිවීමට හේතු මොනවාද?

උරහිස සෑදීමට මාංශ පේශී ,ඛන්ඩරා හා අස්ථි මෙන්ම උරහිස් හන්දි දායක වී ඇත.

උරහිසේ වේදනාවන් ඇතිවීමට ප‍්‍රධාන වශයෙන් මෙම කොටස්වල ඇතිවන ව්‍යාකූලතා හේතුකාරක වේ.

උදා මාංශපේශීවල ඇතිවන ඉරීම් හා තදවීම්

අස්ථිවල සිදුවන බිදීම්

උරහිස් හන්දිය ආශ‍්‍රිතව ඇතිවන ප‍්‍රධාහයන් ( ආතරයිටිස් තත්වයන්)
ප‍්‍රධාන වශයෙන් වේ.

මීට අමතරව වෙනත් තැනක ඇතිවන ව්‍යාකූලතාවයන් උරස්හන්දියේ ඇතිවන කැක්කුමක් ලෙස දැනිය හැක.

උදා බෙල්ල ආශ‍්‍රිතව ඇතිවන ස්නායුවල තෙරපීම්

උදරය හා උරස් කුහරය වෙන් කරමින් ඇති මහාප‍්‍රාචීරය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා

කලාතුරකින් හෘදය වස්තුව හි ඇතිවන ව්‍යාකූලතා නිසාද උරහිස ආශ‍්‍රිතව කැක්කුම ඇතිවිය හැක.

මෙවැනි තත්වයකදී කරනු ලබන පරීක්ෂණ මොනවාද?

වෛද්‍යවරයා විසින් කරනු ලබන මූලික කරුණු විමසීම හා පරීක්ෂාවට පසු අවශ්‍ය නම් රුධිර පරීක්ෂණ හා එක්ස් රේ පරීක්ෂණ කිරීමට උපදෙස් දෙනු ඇත.

උරහිසේ ඇතිවන වේදනාවකදී වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට ප‍්‍රථම කල හැකිදේ මොනවාද?

පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් දින කිහිපයක් ගැනීම.

උරහිසට සිදුවූ අනතුරක් නිසා ඇතිවන කැක්කුමක් නම් අයිස් කැට උරයකට දමා විනාඩි විස්සක් පමණ හොදින් තැවීම.

ඉන් පසු වේදනාව සදහා සම මතුපිට ආලේප කරන බාම් එකක් අලේප කිරීම.

උරහිසේ වේදනාව ක‍්‍රමක්ක‍්‍රමයෙන් විශේෂිත හේතුවක් නොමැතිව ඇතිවූයේ නම් තැවීම සදහා උණු දෙයක් භාවිතා කල යුතුය.

එම උරස් හන්දිය භාවිතා කර කරනු ලබන ක‍්‍රියාකාරකම් දින කිහිපයකට අවම කිරීම.

වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කවර අවස්ථා වලදීද?

ඉහත ක‍්‍රම මගින් සතියකින් දෙකකින් කැක්කුම පහව නොයයි නම්,

උරස් හන්දියට සිදුවුයේ සැලකිය යුතු අනතුරක් නම්,

උරස් හන්දිය රතුවී ඉදිමී ඇත්නම් හා උණ ගැනීමක් සිදුවේනම්,

ස්වසනයේ අපහසුවක් හෝ පපුව ප‍්‍රදේශයේ කැක්කුමක් වැනි තත්වද මේත් සමග ඇතිවේ නම් වෛදයවරයෙකු වෙත යොමු වීම ඉතා වැදගත්වේ.

මීට හේතුව වන්නේ කලින් සදහන් කල ආකාරයට මෙම තත්වය හෘදය වස්තුව හෝ මහා ප‍්‍රාචීරය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතාවයක් නිසාද කලාතුරකින් විය හැකි නිසාවේ.

වෛද්‍යවරයෙකු වෙත යොමු වූ විට කවර ආකාරයකට ප‍්‍රථිකාර කරනු ලබයිද?

ඉහත සදහන් කල ආකාරයට මූලික පරීක්ෂාවට පසුව

වේදනා නාශක නියම කිරීම.

අවශ්‍යතාවය අනුව භෞතචිකිත්සාව සදහා යොමු කිරීම.

ස්ටිරොයිඩ උරස් හන්දිය ප‍්‍රදේශයට එන්නත් කිරීම.

ආත‍්‍රස්කොපි(Arthroscopy) පරීක්ෂණ හා අවශ්‍ය විටදී ශල්‍යකර්ම වලට යොමු කිරීම.

උරස් හන්දියේ ඇතිවන වේදනාව දීර්ඝ කාලීනව තිබිය හැකිද?

සමහර රෝගීන්ගේ මෙම තත්ව දීර්ඝකාලීනව තිබූ අවස්ථා ඇත.

ක‍්‍රමාණුකූල ප‍්‍රථිකාර ඉතා වැදගත් වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 01/07/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු