BMI (Body Mass Index) ගැන දැන ගනිමු

BMI යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද?

මෙය උසට සරිලන බරක් ඇතිදැයි බැලීමට යොදා ගන්නා සමීකරණයකි.

මෙමගින් ශරීරයේ ඇති මේද පටක ඇති ප‍්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගත හැක.

මෙම සමීකරණය මගින් උසට සරිලන බරක් ඇත්දැයි ගනණය කරන්නේ කෙසේද?

ඔබේ බර නිවැරදි තරාදියකින් කිරා ගන්න. (මෙය කිලෝ ග‍්‍රෑම් වලින් විය යුතුය.
උදා:බර - 70Kg)

ඔබේ උස මැන ගන්න. (මෙය මීටර් වලින් විය යුතුය. උදා ඔබේ උස I65 cm ක් නම් මීටර්වලින් එය I.65 කි.)

දැන් උසේ වර්ගය ගන්න. ( උදා I.65 x I.65)

ඊලග පියවර ලෙස බර උසේ වර්ගයෙන් බෙදන්න

මෙහි එන අගය ඔබේ BMI අගයයි


මෙමගින් උසට සරිලන බරක් ඇත්දැයි විශ්ලේෂණය කරන්නේ කෙසේද?

මෙහි එන අගයන් අනුව විශ්ලේෂණය කරනු ලබයි.

අගය I8.5කට වඩා අඩුනම් එමගින් උසට සරිලන බරක් නොමැති බව පෙන්නුම් කරයි.

අගය I8.5ත් 24.9ත් අතර නම් එය උසට සරිලන බරක් ලෙස සැලකේ.

අගය 25ත් 29.9 අතර වේ නම් ඔබගේ බර උසට සාපේක්ෂව වැඩි අගයක ඇත.

අගය 30ත් 39.9 අතර වේ නම් ස්තූලතාවයක් ලෙස සලකන අතර

අගය 40ට වඩා වැඩිනම් අධික අවධානමක් සහිත ස්ථූලතාවයක් ලෙස සැලකේ.

BMI මගින් ලැබෙන දත්ත මගින් සෑම විටම යම් පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති මේදපටක ප‍්‍රමාණය ගැන අදහසක් ලබා දෙන්නේද?

දරුවන්ගේ උසට සරිලන බරක් ඇත්දැයි සෙවීමට මෙය යොදා නොගත යුතුය.

ඒ සදහා සෑමවිටම වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ක‍්‍රියාකල යුතුය.

ඊට හේතුව වන්නේ වර්ධනය වන වයසේ දරුවන්ගේ සැලකිය යුතු කරුණු ගනනාවක් ඇති බැවිනි.



වයස අවුරුදු 60 පමණ ඉක්මවූ වැඩිහිටියන් සදහාද මෙය එතරම් සුදුසු ක‍්‍රමයක් නොවනු ඇත.

සමීක්ෂණ අනුව මෙම අවධිවල සිටින පුද්ගලයින්ගේ BMI අගය තරමක වැඩි ප‍්‍රමාණයක තිබීම යෝග්‍යවේ.

තරමක බරවැඩිබවක් නිසා වැඩිහිටි වයසේ පසුවන්නන්ගේ අස්ථි සිහින්වීම එසේත් නැතිනම් ඔස්ටියෝපොරෝසිස් තත්වය ඇතිවීම පාලනය කිරීමට යම් රුකුලක් ලැබෙන බව බොහොමයක් සමීක්ෂන මගින් සොයාගෙන ඇත.

ඊට අනුව BMI අගය 25 ත් 27 අතර තබා ගැනීම ඉතා යෝග්‍යවේ.


කායවර්ධන ව්‍යායාමවල නිරතවන්නන් සදහාද මෙය යෝග්‍ය නොවේ.

කායවර්ධන ව්‍යායාමවල නිරතවන්නන්ගේ මාංශපේශීවල ප‍්‍රමාණය වැඩි අතර එවා සාමාන්‍ය මේදපටකවලට වඩා වැඩි බරකින් යුතුවේ.

එබැවින් මෙම පුද්ගලයන්ගේද BMI අගය වැඩි අගයක් පෙන්නුම් කරයි


Article uploaded on 13/02/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 13/02/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු