අප දෛනිකව ගන්නා ලුනු

අපආහාරයට ගන්නා ලුනු ප‍්‍රමාණය අඩුකල යුත්තේ ඇයි?

අපගේ ශරීර ක‍්‍රියාකාරීත්වය සදහා ලුනු අත්‍යාවශ්‍ය වේ. නමුත් යම් සීමාවක් ඉක්මවා ලුනු ආහාරයට ගැනීම සුදුසු නොවේ. එමගින් රුධිර පීඩනය වැඩිකිරීම සිදුකරයි. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුගේ දෛනික ලුනු භාවිතය 1500mg ට වඩා අඩු වීම සෞඛ්‍යට වඩා හිතකර වේ.

ලුනු වැඩි ආහාර මොනවාද?

ටින්කරන ලද ආහාරවල නැවුම් බව ආරක්ෂාකිරීමට ලුනු වැඩිපුර භාවිතා කෙරේ.
බටහිර ක‍්‍රමයට පිසින ආහාර බොහොමයකට ලුනු වැඩිපුර භාවිතා කෙරේ.
උදා :Ham, Hot Dogs, smoked meat,Chips, other snacks
එලවලු සෝස් වර්ග ,චීස් වර්ග

ලුනු අඩු ආහාර වර්ග මොනවාද?

නැවුම් එලවලු හෝ ශීත කිරීම පමණක් කර ඇති එලවලු.

නැවුම් පලතුරු හෝ ශීත කිරීම පමණක් කර ඇති පලතුරු

ටින්කල හෝ පැකට් කරන ලද ආහාර ගැනීමේදී එහි අඩංගු ලවණ ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.(එහි අඩංගු ලුනු ප‍්‍රමාණය 100mg වඩා අඩු දැයි පරීක්ෂාකාරී වන්න)

ආපනශාලාවලින් MSG (මොනෝ සෝඩියම් ග්ලූටමේට්) එකතුනොකල ආහාර ඉල්ලුම් කරන්න. මෙය ආහාර රසගැන්වීමට භාවිතාකරන රසකාරකයකි. එහි සෝඩියම් ලවණය බහුලව ඇත.

ආහාර පිසීමේදී ලුනු මදිපාඩුව පිරිමැසීමට අනෙකුත් තුනපහ සංයුතිය වෙනස්කර ගන්න. එවිට ආහාරවල රසයේ වෙනසක් එතරම් නොදැනෙනු ඇත.

ආහාරවලට එකතුකරන චීස් වර්ග සෝස් වර්ග අවම කරන්න.

නිවසේ ආහාර පිසීමකරන පුද්ගලයා මේ පිලිබදව අවධානය යොමුකිරීමෙන් අඩු වයසේදීම නිවසේ සාමාජිකයන්ට අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වලක්වාගත හැකි සේම අධික රුධිර පීඩනය ඇති අයෙකුගේ එම තත්වය අවම ඖෂධ ප‍්‍රමාණයකින් පාලනය කරගත හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 31/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු