දියවැඩියාව නිසා වකුගඩුවලටහානිවීම සිදුවිය හැක.
වකුගඩු සෑදී ඇත්තේ රුධිරය පෙරා එහි වූ අපද්‍රව්‍ය ඉවත් කල හැකි කුඩා ව්‍යූහ ලක්ෂ ගණනකින් වේ.
දියවැඩියාව නිසා මෙම ඉතා කුඩා ව්‍යූහ වලට හානි සිදුවීම නිසා මෙම තත්වය ඇතිවේ.
මෙහිදී මෙම කුඩා ව්‍යුහ විනාශ වී   ශරීරයේ ඇති ප්‍රෝටීන එලියට පෙරී යාමක් සිදුවිය හැකි අතර රුධිර පීඩනය වැඩිවීමක්ද විය හැක.
ක්‍රමක් ක්‍රමයෙන් වකුගඩු සම්පූර්ණ අකර්මන්‍ය තත්වයකට පත්විය හැක. 
දියවැඩියාව ඇති සෑම අයෙකුගේම මෙම තත්වය ඇති නොවන අතර පවුලේ අයගේ දියවැඩියාව නිසා වකුගඩු හානිවීමක් ඇ්නම් එසේ වීමේ අවධානම ඉතා වැඩිය.
මීට අමතරව දියවැඩියා ඇති අයෙක් දුම් පානය කරන්නේ නම් වකුගඩු හානීවීමේ හැකියාව කිහිප ගුණයකින් වැඩිවේ. 
                            
                                බොහෝවිට මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ ඇති නොවන අතර දීර්ඝ කාලයක් ගතවීමත් සමග වකුගඩුවලට සැලකිය යුතු හානියක් වී   ඇතිවිට රෝග ලක්ෂණ ඇති වේ.
මේ සදහා දිය වැඩියාව සෑදී වසර 10- 15  ක් පමණ වූවද ගතවිය හැක.
එසේ ඇති විය හැකි රෝග ලක්ෂණ වනුයේ
ශරීරයේ ඇතිවන අප්‍රාණික ගතිය
හිසේ කැක්කුම
කකුල් ඉදිමීම
කෑම ප්‍රියතාවය අඩුවීම
වමනය හා ඔක්කාරය 
                            
                                මූලික අවස්ථාවේදීම දැන ගැනීම සදහා   ඉතා කුඩා ප්‍රමාණයකින් මුත්‍රාවලින් පෙරී යන ප්‍රෝටීන වර්ගයක් ඇතිදැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂණයක් කිරීමට උපදෙස් දෙනු ඇත.
මෙමගින් වකුගඩු හානිවීමේ මූලික අවස්ථා හදුනාගත හැක.
මීට අමතරව වකුගඩුවලින් පෙරී යන අපද්‍රව්‍ය එසේ හරියාකාරව පෙරී නොගොස් රුධිරයේ එකතුවී ඇත්දැයි බැලීමට රුධිර පරීක්ෂණ කරනු   ලැබේ.
 උදා  Serum creatinine, BUN                          
                            
                                වකුගඩු හානිවීමක් පටන්ගෙන ඇතිනම් ප්‍රථිකාර මගින් හානිවීමේ වේගය අවම කල හැක.
මේ සදහා වෛද්‍යවරයා විසින් ඖෂධ නියම කරනු ඇත .  (උදා ACE  inhibitors)
මීට අමතරව   අධික රුධිර පීඩනය පාලනය කිරීම ඉතා වැදගත් වනු ඇත.
ඊට හේතුවන්නේ අධික රුධිර පීඩනය නිසා වකුගඩු හානි වීම ඉතා වේගවත් වන නිසා වේ.   
අධික රුධිර පීඩනය ඇතිනම් එ් සදහාද ඖෂධ නියම කරනු ඇත.
මීට අමතරව 
රුධිරයේ ඇති සීනි ප්‍රමාණය නියමාකාරව පාලනය කිරීම.
දිනපතා ව්‍යායාම කිරීම.
මුත්‍රා අසාදන වලදී ඊට නොපමාව ප්‍රථිකාර ගැනීම.
වෛද්‍යවරයෙකුගෙන් ප්‍රථිකාර ගැනීමේදී   දියවැඩියාව නිසා වකුගඩු හානිවී ඇති බව දන්වා සිටීම.
මීට හේතුවන්නේ කැක්කුම් ආදිය සදහා දෙනු ලබන සමහර ඖෂධ මගින් මෙවැනි තත්ව ඇතිවිට වකුගඩු හානිය වැඩිකල හැකි බැවිනි.
Article uploaded on 22/04/2014