දියවැඩියාව නිසි ලෙස පාලනය වීමක් නොවීමෙන් ස්නායු හානියක් මෙන්ම රුධිර සැපයුමද අඩාල විය හැක.
මේ හේතුව නිසා කකුලේ ඉතා සුලු තුවාලයක් පවා සුව වීමේ හැකියාව අවම වන අතර ස්නායු හානිය නිසා වන නොදැනීම නිසා එය උග්‍ර අවස්ථාවකට පත් වන තෙක් නොදැනී තිබිය හැක. 
                            
                                සෑම විටම කකුල් වල ඇගිලි, යටි පතුල් ,විලුඹ, ඇගිලි කරු හා පිටිපතුල් නිරීක්ෂණය කල යුතුය.
නිරීක්ෂණය කල යුතු ලක්ෂණ
කකුල් රතුවීමක්   රත්වීමක් හෝ කැක්කුමක් ඇති ස්ථෘන
වතුර බිබිලි   හෝ සැරව පිරුණු ගෙඩි ඇති වී ඇති ස්ථාන
කකුල්වල සීරුම් හෝ කුඩා කැපුම් ඇති ස්ථාන
කකුල් වල වියලි බවක් හෝ කකුල් පැලීම් 
යටි පතුල්වල තද බවින් ස්ථාන 
මෙය හරියාකාරව තමුන්ටම කල නොහැකි නම් වෙන පුද්ගලයෙකුගේ උදව් ගැනීම කල යුතුය
ඉහත සදහන් කරන ලද ලක්ෂණ නිරීක්ෂණය කල සැනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම යෝග්‍ය වේ. 
ඊට හේතුව වන්නේ මෙවැනි තත්වයක් දියවැඩියා රෝගීන්ගේ හිතනවාට වඩා වැඩි වේගයකින් උග්‍ර බවට පත්වීමයි.
 
                            
                                දිනපතා සවස සියලු වැඩ ඉවර වීමෙන් පසු මද රස්නය ඇති වතුරෙන් කකුල් සේදීම කල යුතුය.
මෙහිදී වතුරේ උණුසුම අත් වලින් පරීක්ෂා කල යුතුවේ.
සබන් භාවිතා කල හැක.
ඇගිලි කරු අතර හොදින් සේදීම කල යුතු අතර සේදීමට පසු හොදින් තෙත මාත්තු කිරීම කල යුතුවේ.
ඉන් පසු සම වියලීම වැලක්වීමට භාවිතා කරන ලෝෂන් එකක් හෝ තෙල් වර්ගයක් ගැල්වීම   කල හැක. 
                            
                                නියපොතු වැවී තිබීමෙන් එය අනෙක් කකුලේ වැදීමෙන් තුවාල වීමට මෙන්ම යමක පැටලීම නිසා නියපොත්ත කැඩීයාමෙන් තුවාල සිදුවිය හැක.
එබැවින් දිය වැඩියා රෝගීන් නියපොතු වැවී ඇත්නම් ඒවා කපා දැමීමට වගබලා ගත යුතුවේ
කැපීමට පෙර මද උණු වතුරේ කකුල් දමාගෙන   ටික වේලාවක් සිටීමෙන් තද ගතියෙන් යුත් නිපොතු මෙලෙක් වීම සිදුවේ.
එවිට එය කැපීම පහසුවේ.
නියපොතු සෑම විටම රූප සටහනේ දක්වා ඇති ආකාරයට හරහට කැපීම කල යුතු අතර රවුම් කර කැපීමට යාමෙන් නියපොතු කෙලවර තුවාල වීම හා පසුව නියපොතු සම ඇතුලට වර්ධනය වී ව්‍යාකූලතා ඇතිකල හැක. 
                            
                                දුමබීම, මධ්‍යසාර භාවිතය නැවැත්විය යුතුය.
නිවසින් පිටතට යනවිටදී මෙන්ම නිවස තුලදීද පාවහන් පැලදිය යුතුය .
මේ සදහා නිවස තුලදී බාවිතා කිරීමට වෙනම පාවහන් යුගලක් පාවිච්චි කල හැක.
දහවල් කාලයේදී මුහුදු වෙරල වැනි තැන්වල පාවහන් රහිතව ඇවිදීමේදී ප්‍රවේසම් විය යුතුය.
ඊට හේතුව වන්නේ වැලි හොදටම රත්වී තිබුනත් ස්නායු හානිවී ඇති නිසා එය නොදැනී තිබිය හැකිවීමයි.
පාවහන් ගෙවී ඇත්නම් හැකි සෑම අවස්ථාවකම ඒවා මාරුකල යුතුය.
විශේෂයෙන් පාවහන් වල අඩිය එක පැත්තකට ගෙවී ඇත්නම් ශරීරයේ බර කකුලේ එක් පැත්තකට යොමු වීම සිදුවන අතර බර වැඩිපුර යෙදෙන තැන්වලට හානිවී සම තුවාල වීම විය හැක. 
පාවහන් තෝරා ගැනීමේදී තම කකුලේ ප්‍රමාණයට හරියටම ගැලපෙන පාවහන් තෝරා ගැනීම කල යුතුය.
මේස් ගෙවී එක් තැනක සිදුරුවී ඇතිනම්   එය හැකි ඉක්මනින් මාරුකල යුතුය.
නැතහොත් කකුල කෙලින්ම සපත්තුවේ ගැටෙන තැන සම තුවාල වීම මෙන්ම ගල් තැලුම් ආකාරයට සම තදවීම විය හැක.
නිතර සපත්තු අව්වේ දමා වියලීමත්   දිනපතා මේස් ආදිය සෝදා දැමීමත් කල යුතුය.
එසේ නොවන විට කකුලේ ඇගිලිකරු ආශ්‍රිතව දිලිර   රෝග ඇතිවී ව්‍යාකූල තත්ව ඇති
කල හැක .
Article uploaded on 8/01/2014