පියයුරු ආශ‍්‍රිතව ඇතිවන රෝගී තත්වයන්

පියයුරු ආශ‍්‍රිතව ඇතිවන රෝගී තත්ව මොනවාද?

පියයුරු ආශ‍්‍රිතව ඇතිවන ගැටිති

තනපුඩුවෙන් ස‍්‍රාවයන් පිටවීම හා විෂබීජ තත්වයන්

පියයුරේ ඇතිවන වේදනාව යන අවස්ථා බහුලව දැකිය හැක

පියයුරු ඇතිවන ගෙඩි සෑම අවස්ථාවකම පිලිකාවක් විය හැකිද?

වැඩි ප‍්‍රමාණයක් පිලිකාමය නොවන තත්වයන් වේ.

නමුත් විශේෂයෙන් සැළකිය යුත්තේ ලංකාවේ පිළිකා ආශ‍්‍රිතව සිදුවන මරණවලින් වැඩි ප‍්‍රමාණයක් සිදුවන්නේ පියයුරු ආශ‍්‍රිතව ඇතිවන පිලිකා වීම නිසාවෙනි.

පියයුරේ ගැටිති ඇතිවීමට හේතු මොනවාද?

පියයුරුවල ඇතිවන ඉදිමීමක්, වැඩි වර්ධනය වීමක් හෝ ගෙඩියක් යන සෑම ආකාරයටම රෝගීන් වෛද්‍යවරු වෙත පැමිනේ.

පියයුරු වල සාමාන්‍යයෙන් තිබිය යුතු පඨක වර්ග ස්ත‍්‍රී පුරුෂ යන සෑම කෙනෙකුගේම එකම ආකාරයෙන් තිබෙන අතර ස්ත‍්‍රීන් වැඩිවියට පත්වීමත් සමඟ ඇතිවන හෝමෝනවල බලපෑම නිසා මෙම පියයුරු පඨක හා ඒ ආශ‍්‍රීත ග‍්‍රන්ථි විශාල වීමක් සිදුවේ.

බොහොමයක් ගැටිති ඇතිවීමට හේතුවක් නිශ්චිතවම දැක්විය නොහැක.

නමුත් පියවුරුවල ඇතිවන තැලීමක් හේතුකොටගෙන එකතුවන ලේ කැටිවීම, පියයුරු ආශ‍්‍රිතව ඇති මේද පටක වල ඇතිවන ගෙඩි හෝ මව් කිරි කැටිවීම නිසාද ගැටිති ඇතිවිය හැක.

මේවා සාමාන්‍යයෙන් පිලිකා බවට පත් නොවේ.

පියයුරු වර්ධනය වීමේදී සිදුවන වයාකූලතා නිසා ගැටිති ඇතිවීම සිදුවේ.

සමහර ගැටිති ස‍්‍රාවීය ද‍්‍රව්‍ය පිරුණු ගැටිති විය හැක.

සමහර අවස්ථාවල මෙවැනි ගැටිති මාස් ශුද්ධිය වීම ආසන්නවත්ම වේදනාකාරී වන අතර මාස් ශුද්ධිය අවසන් වීමත් සමඟ එම තත්වය මගහැරී යයි.

තනපුඩුවලින් ස‍්‍රාවයන් ගැලීමට හේතු මොනවාද?

කිරිදෙන මව්වරුන් හැරුණූකොට අනෙකුත් කාන්තාවන් මේ පිළිබඳව සැළකිය යුතුය.

මෙසේ ස‍්‍රාවයන් ගැලීම දෙපැත්තේම තනපුඩුවලින් හෝ එක් පැත්තකින් පමණක් සිදුවිය හැක.
මේ සඳහා බලපාන සාධක කිහිපයකි.

1. පියයුරු ආශ‍්‍රීතව ඇති විෂබීජ තත්වයක්

2. සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලීනව ගැනීම. (උදාඃ උපත් පාලන පෙති, සමහර මානසික රෝග සඳහා ගන්නා ඖෂධ)

3. මොළය ආශ‍්‍රීතව ඇති පිටියුටරි ග‍්‍රන්ථියේ ඇතිවන ගෙඩියක් නිසාද කලාතුරුකින් මෙය විය හැක.

4. කිරි නිපදවන ග‍්‍රන්ථි ආශ‍්‍රීතව ඇති නාල වල ඇතිවන ව්‍යාකූල තත්වයන්

5. කලාතුරකින් පිලිකා තත්වයන්

අළුත උපන් බිළිදුන්ගේ පියයුරු පුඩුවලින් ස‍්‍රාවයන් ඒමත් විශාල වීමත් විය හැක.

ඊට ප‍්‍රධානතම හේතුව වන්නේ දරුවා කුස තුල සිටියදී මවගේ හෝමෝන දරුවාට ඇතුළු වීමයි.

මෙම තත්වය ඉපදී සති 2කින් පමණ යථා තත්වයට පත්වේ.

පියයුරුවල ඇතිවන වේදනාවට හේතු මොනවාද?

බොහොමයක් කාන්තාවන්ගේ මාස් ශුද්ධිය ආසන්නවත්ම පියයුරුවල තදගතියක් සමඟ ඇතුළතින් එන කැක්කුමක් තිබිය හැක.

මාස්ශුද්ධියෙන් පසු මේ තත්වය මඟ හැරීයයි.


ඉතා තද කැක්කුම, ඉඳීමීම, රතුවීම හා උණ ගැනීම යන ලක්ෂණ බොහෝ විට පියයුරු ආශ‍්‍රීතව ඇතිවන විෂබීජ තත්වයක් නිසා සිදුවිය හැක.

මේ තත්වය බොහෝ විට දැකිය හැක්කේ කිරි දෙන මව්වරුන්ගේ වන අතර නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

සමහර අවස්ථාවලදී ශල්‍යකර්මයක් මඟින් එකතුවී ඇති සැරව ඉවත් කිරීමට සිදුවේ.

මාස් ශුද්ධිය හා සම්භන්ධයක් නොමැති කැක්කුමක් දිගටම පවතින්නේ නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ඊට හේතුවන්නේ කලාතුරුකින් පිලිකා තත්වයක් ද මෙසේ ඇතිවිය හැකි බැවිනි.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/06/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු