තමුන් විසින්ම පියයුරු පරීක්‍ෂාකර ගැනීම. ( Breast Self-Examintion)

පළමු පියවර

උඩපෙලි අතට ඇඳක නිදාගන්න. ඔබේ දකුණු අත හිසට යටින් තබාගන්න. ඉන්පසු වම් අතේ මැදගිල්ල ආධාරයෙන් දකුණු පියයුරේ එක් කෙළවරකින් පටන්ගෙන සම්පූර්ණයෙන් පරීක්‍ෂා කරන්න. මේ ආකාරයට වම් පැත්තේ පියයුරද පරීක්‍ෂා කරන්න. ඒ සඳහා වම් අත හිසට යටින් තබා දකුණු අත පාවිච්චි කල යුතුය.

දෙවන පියවර

ඊලඟ අදියරේදී ඇදේ ඉඳගන්න. ඊට පසු දකුණතින් වම් කිහිල්ලත් වම් අතින් දකුණු කිහිල්ලත් හොඳින් පරීක්‍ෂා කරන්න. ඊට හේතුව පියයුරේ කොටසක් කිහිලි ප‍්‍රදේශය දක්වා තිබීමත්, පියයුරු පිලිකා ආශ‍්‍රිතව කිහිල්ලේ කුද්දැටි විශාල වීමත් සිදුවිය හැකි බැවිනි.

තුන්වන පියවර

තල දර්පනයක් (කන්නාඩියක් )ඉදිරියට යන්න. ඉන්පසු ඉනට අත්දෙක තබා පහත වෙනස්කම් ඇත්දැයි බලන්න.
1. සමෙහි පැහැයේ වෙනසක්
2. සම ඇතුළට ගිලා බැසීමක්
3. සම මතුපිට දොඩම් ලෙල්ලක ආකාරයට ඉතා සුළු ප‍්‍රමාණයේ ගිලා බැසී තිබීමක්
4. පියයුරු වල හැඩයේ වෙනසක්
5. තනපුඩු පැත්තකට ඇදී යාමක්/ ඇතුළට ගිලා බැසීමක්
ඇත්දැයි යන්න පරීක්‍ෂා කරන්න.

මෙම පරීක්‍ෂා කිරීම අත්දෙක ඉහළට එසවීමෙන් පසුද කලයුතුය.

හතරවන පියවර

තනපුඩුව මිරිකන්න. එවිට මොනයම් හෝ ස‍්‍රාවයක් පිටතට පැමිණේ දැයි පරීක්‍ෂා කරන්න.

මෙසේ පරීක්‍ෂා කිරීමේ මූලික අරමුණ වන්නේ පියයුරුවල ගෙඞ්යක් තිබේදැයි බැලීම පමනක් නොව ඉහත සඳහන් ආකාරයේ වෙනස් වීම් සිදුවී ඇතිදැයි බැලීමත් වේ. ඊට හේතුව සමහර පිලිකා තත්ව වලදී ගෙඩියක් මතු නොවී ඉහත කී ලක්‍ෂණ වලින් මතුවීමයි.
එබැවින් මෙවැනි වෙනස්වීමක් දුටු වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම ඉතා යෝග්‍ය වේ.


(updated on 30/09/2013)

ලිපිය පළකල දිනය Article uploaded on: 30/09/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු