පියයුරු පිලිකාවක් නිසා පියයුර ශල්‍යකර්මයකින් ඉවත් කිරීම

රෝගියාගේ රෝගය හැදින්වීම

රෝගියාගේවයස අවුරුදු 62
ස්ත‍්‍රී පුරුෂ භාවය ස්ත‍්‍රී

රෝග ලක්ෂණ
මාස දෙකක පමණ කාලයක සිට දකුනු පියයුරේ ගැටිත්තක් ඇති වීම හා එය ක‍්‍රමයෙන් විශාල වීම.
මුලදී කැක්කුමක් නොවුවත් පසුව ක‍්‍රමයෙන් කැක්කුම ඇති වීම.
රෝග ලක්ෂණ ඇති වී මාස හතරකට පමණ පසු වෛද්‍ය උපදෙස් පැතීම.

වෙනත් රෝගී තත්ව
දියවැඩියාව හා අධික රුධිර පීඩනය

කරනු ලැබූ පරීක්ෂණ
ස්කෑන් පරීක්ෂණය
මැමෝග‍්‍රම් පරීක්ෂණය
FNAC පරීක්ෂණය

වෛද්‍යවරයාගේ නිගමණය
එම ගෙඩිය පිලිකාවක් බවත් ශල්‍යකර්මයක් මගින් අදාල පියයුර සමගම කිහිල්ල ප‍්‍රදේශයේ කුද්දැටිද ඉවත් කල යුතු බව

නිර්ව්න්දන ස්වභාවය
සම්පූර්ණයෙන් සිහි නැති කිරීම

ශල්‍යකර්මය සදහා ගතවු කාලය
පැයකුත් විනාඩි 30ක් පමණ

ශල්‍යකර්මයට පසු
දින 3කදී දැමු බටය ඉවත් කිරීම.
හතරවන දිනයේදී රෝහලින් පිටකිරීම.
උරහිසට ව්‍යායාම කිරීම.

රෝහලින් පිටකරනවිට දුන් උපදෙස්
ශල්‍යකර්මය කරනලද ස්ථානයේ රතු වීමක් කැක්කුමක් හෝ සැරව ගැලීමක් වුවහොත් වහාම රෝහලට වාර්තා කල යුතු බව.
කියාදුන් ව්‍යායාම නිතර සිදුකිරීමට උපදෙස් දීම.
ශල්‍යකර්මය කරන ලද පැත්තේ අතෙන් (බාහුවෙන්)
බරවැඩ නොකලයුතුබව දැන්වීම
තුවාල සිදු නොවීමට වග බලා ගැනීම
එම අතට එන්නත් දීම සිදු නොකලයුතු බව දැන්වීම

මුල්කාලයේදී අත ඉහල මට්ටමක තබා ගැනීට වග බලා ගැනීම
දියවන මැහුම් දමා ඇතිබැවින් මැහුම් කැපීම අවශ්‍ය නොවන බව
ඉවත් කරනු ලැබූ පියයුරෙහි පරීක්ෂණ වාර්ථාවත් සමග සායනයට පැමිනිය යුතු බව
(සාමාන්‍යයෙන් වාර්ථාව ලැබීමට අවම වශයෙන් සති දෙකක් පමණ ගතවේ.)

රෝගියාගේ පසුකාලීන තත්වය
පියයුරේ පරීක්ෂණ වාර්ථාව අනුව අදාල පිලිකාමය කොටස සම්පූර්ණයෙන් ඉවත් වී තිබීම.
නමුත් පිලිකාවේ ස්වභාවය අනුව කීමොතෙරපි ප‍්‍රථිකාරය හා විකිරණ ප‍්‍රථිකාරය අවශ්‍ය බව නිගමනය කිරීම හා රෝගියා ඒ අනුව ක‍්‍රමාණුකූලව ප‍්‍රථිකාරය ලබා ගැනීම.

----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය



ලිපිය පළකල දිනය Article uploaded on: 16/08/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු