දරුවන් පිලිසිඳ නොගැනීම (Subfertility)

දරුවන් පිලිසිඳ නොගැනීම

දරුවන් පිලිසිද නොගැනීම ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කල හැක.

1.
කිසියම් වූ පවුල් සැලසුම් ක‍්‍රමයක් නොමැතිව වසරක් පුරාවට ලිංගිකව එක්වුවද දරුවන් පිලිසිද නොගැනීම ප‍්‍රාථමික වඳභාවයක් ලෙසද

2.
එක් වරක් හෝ ගැබ් ගැනීමක් සිදුවුවද නැවත එසේ නොවීම ද්විතීක වදභාවයක් ලෙසද බෙදා වෙන් කෙරේ.

වද භාවයට හේතුව ස්ත‍්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ දෙදෙනාගෙම ඇති කරුණක් විය හැක.

කාන්තාවන්ගේ වඳ භාවට හේතු මොනවාද?

- ඩිම්භ කෝෂයෙන් ඩිම්භ නිපදනොවීම .
-
නිපද වූ ඩිම්භ ගර්භාෂය කරා ගෙනෙනු ලබන නාල අවහිර වී තිබීම.
-
කෙසේ හෝ ගර්භාෂය කරා පැමිණි ඩිම්භය ගර්භාෂ බිත්තියේ තැන්පත් වී වර්ධනයට ප‍්‍රමාණවත් අයුරින් එම බිත්තිය සෑදී නොතිබීම.
-
ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන ප‍්‍රථිදේහ සමහර තත්ව යටතේ වදභාවය ඇති කිරීමට හේතුවේ.(Auto immune disorders)
-
දියවැඩියාව, මෞත‍්‍ර ලිංගික පද්ධතිය ආශ‍්‍රිතව පිලිකාමය තත්වයන් හා විෂබීජ තත්වයන් (විශේෂයෙන් සමාජ රෝග)
- අධික ලෙස ව්‍යායාම, අධික ස්ථූලතාව මෙන්ම මන්ද පෝෂණ තත්වයන්
- උපතේදීම මෞත‍්‍ර ලිංගික පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
- මධ්‍යසාර හා දුම්භාවිතයද මීට බලපායි.
- තයිරොයිඞ් ග්‍රන්ථියේ ඇතිවන ව්‍යාකූලතා හා මෞත‍්‍ර ලිංගික පද්ධතියේ මනා ක‍්‍රියාකාරිත්වය සඳහා අවශ්‍යවන ශරීරයේ නිපදවෙන හෝමෝන ප‍්‍රමාණවල වෙනස්වීම.
- ඩිම්භ කෝෂ ඉවත්කර තිබීම හා පිලිකා සඳහා දෙනු ලබන කීමොතෙරපි හා විකිරණ ප‍්‍රථිකාර
යනාදී බොහොමයක් සාධක වදභාවය ඇති කිරීමට පාදක වේ.

පුරුෂයින්ගේ වද භාවට හේතු මොනවාද?

- වෘෂණ කෝෂවල සෑදෙන ශුක‍්‍රාණූ ප‍්‍රමාණය අඩුවීම හා එහි ක‍්‍රියාකාරි ස්වභාවයේ ඇතිවන වෙනස්කම්
- ශුක‍්‍රාණු වෘෂණ කෝෂ වල සිට පිටතට එන නාල අවහිර වී තිබීම.
මෙවැනි ආකාරයට ශුක‍්‍රාණු නිපදවීම එහි ක‍්‍රියාකාරිත්වයෙහි ඇතිවන ව්‍යාකූලතා හා නාල අවහිර වීම යන කරුණු කෙරෙහි බලපාන සාධක වනුයේ
⋆ උපතේදීම ඇතිවන ව්‍යාකූල තත්වයක්
- ⋆ අධික ලෙස මත්පැන්, දුම්වැටි භාවිතය
- ⋆ ලිංගික උත්තේජනයන් සඳහා ශරීරයේ නිපදවෙන හෝමෝන වල ප‍්‍රමාණයන්හි ඇතිවන ව්‍යාකූලතා
- ⋆ ලිංගික අප‍්‍රාණික බව
- ⋆ විෂබීජ තත්වයන් (විශේෂයෙන් සමාජ රෝග හා කම්මුල්ගාය වැනි තත්ව)
- ⋆ අධික උෂ්ණත්ව වලට දීර්ඝ කාලීනව නිරාවරණය වීම.
- ⋆ නොයෙකුත් ප‍්‍රථිකාර
-⋆ පිලිකා සඳහා දෙනු ලබන කීමොතෙරපි හා විකිරණ ප‍්‍රථිකාර
-⋆ සමහර ඖෂධ වර්ග
-
⋆ වයසට යාම

මේ සඳහා කරනු ලබන පරීක්‍ෂණ මොනවාද?

⋆ කාන්තාවන් සඳහා
- හෝමෝන පරීක්‍ෂාව
- තයිරොයිඞ් ග්‍රන්ථියේ ක‍්‍රියාකාරිත්වය බැලීමට කරනු ලබන පරීක්‍ෂණ
- ස්කෑන් පරීක්‍ෂණ
- ඩයි ටෙස්ට් (මෙය ප‍්‍රධාන වශයෙන් නාලවල අවහිරතා ඇත්දැයි සොයා බැලීමට වේ)
- ලැපරොස්කොපි පරීක්‍ෂණ
- ජාන පරීක්‍ෂණ

⋆ පිරිමින් සඳහා
- ශුක‍්‍රාණු ලබාගෙන එහි ඇති ශුක‍්‍රාණු ප‍්‍රමාණය හා ඒවායෙහි ඇති අසාමන්‍යතා හා ක‍්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම කරනු ලබයි.
-
හෝමෝන පරීක්‍ෂාව (TSH FSH LH, Prolactin)
-
ජාන පරීක්‍ෂණ

මේ සඳහා ඇති ප‍්‍රථිකාර ක‍්‍රම මොනවාද?

⋆ අදාල යුවල ඒ පිළිබඳව දැනුවත් කිරීම හා ඇතිවී ඇති මානසික ආතතිය අඩුකිරීමට උපදෙස් දීම (මානසික තත්වය මේ සඳහා බෙහෙවින් බලපානු ලැබේ.)

⋆ ඖෂධ ප‍්‍රථිකාර
- විෂබීජ තත්වයන් ඇත්නම් එය පාලනයට
-
කාන්තාවන්ගේ වර්ධනයට හා ඩිම්භ කෝෂවලින් ඩිම්භ නිදහස් කිරීමට උත්තේජනය කිරීමට (විශේෂයෙන් හෝමෝන ප‍්‍රථිකාර)

⋆ පිරිමියාගේ ශුක‍්‍රාණු ගෙන ගර්භාෂයේ තැන්පත් කිරීම.(IUI - Iutra uterine Insemination) හෝ පිරිමියාගේ ශුක‍්‍රාණු හා ස්ත‍්‍රියගේ ඩිම්භ ගෙන ශරීරයෙන් පිටතදී එකට එකතුවීමට සලස්වා ගර්භාෂයේ තැන්පත් කිරීම.(IVF - In Vitro Fertilization)

දරුවෙකු සාදාගැනීමට බලාපොරොත්තුවන යුවලක් දැනගත යුතු කාරණා මොනවාද?

- වයස අවුරුදු 30ට අඩු යුවලක් දිනපතා ලිංගික එකතුවීමේදී දරුවෙකු පිලිසිද ගැනීමේ ඇති හැකියාව 30‍% ක් පමණ වේ.

-
කාන්තාවකගේ පිළිසිද ගැනීමේ හැකියාව උපරිම වනුයේ වයස අවුරුදු 20-25ත් අතර කාලයේ වන අතර වයස අවුරුදු 35න් පසු එම හැකියාව සීග‍්‍ර ලෙස පහළ යයි.

-
ශුක‍්‍රාණුවක ආයු කාලය දින 3ක් පමණ වේ. ඩිම්භයක එය උපරිම වශයෙන් දින 1කි. සාමාන්‍යයෙන් ඩිම්භ කෝෂයෙන් ඩිම්භයක් පිටකිරීම මාස්ශුද්ධිය සිදුවීමට සති 2කකට පමණ පෙර සිදුවේ. එසේ ඩිම්භයක් පිටවන කාල රාමුවේ ලිංගිකව එකතුවීම දරුවෙකු පිලිසිද ගැනීමේ හැකියාව වැඩිකෙරේ. (විශේෂයෙන් ඩිම්භය ඩිම්භ කෝෂයෙන් පිටවීමට පෙර දින 3ක සිට එසේ පිටවන කාල සීමාව තුළ)

ඩිම්බයක් ඩිම්භ කෝෂයකින් පිටවන අවස්ථාව අදුනාගන්නේ කෙසේද?

ක‍්‍රමාණුකූලව මාස් ශුද්ධිය සිදුවන කාන්තාවකගේ සාමාන්‍යයෙන් දින 28කට වරක් එක් ඩිම්භකෝෂයකින් ඩිම්භයක් පිටකිරීම සිදුකෙරේ. එබැවින් මාස් ශුද්ධිය සිදුවීම ආරම්භ වී සාමාන්‍යයෙන් දින14 දී පමණ ඩිම්භයක් නිදහස් කෙරේ. එහිදී උදරයේ අදාල ඩිම්භ කෝෂය ඇති පැත්තේ මද වශයෙන් කැක්කුමක් ඇතිවේ.
මීට අමතරව රුධිරයේ හා මුත‍්‍රාවල හෝමෝන වල ප‍්‍රමාණය නීර්ණය කිරීමට ඇති පරීක්‍ෂණ මඟින් එසේ ඩිම්භයක් පිටවීම සිදුවන අවස්ථාව හඳුනාගත හැක. (LH හෝමෝනය)
ශරීරයේ උෂ්ණත්වයෙහි වෙනස් වීම් මඟින් හඳුනාගත හැකි වුවද ලංකාව වැනි උෂ්ණාධික රටවල එය ප‍්‍රායෝගික නොවේ. (සෙල්සියස් අංශක 0.5ක පමණ වැඩිවීමක් සිදුවුවද එය හඳුනා ගැනීම අපහසුය)

ලිපිය පළකල දිනය Article uploaded on: 27/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු