පියයුරු වල පිලිකා ( Breast Cancer)

පියයුරු වල පිලිකා නිසා ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ මොනවාද?

පියයුරේ ඇතිවන ගැටිත්තක්

පියයුරු වල ඇතිවන වේදනාවක්

පියයුරු වල පුඩුවලින් ස‍්‍රාවයන් පිටවීමක් ලෙස

එබැවින් මේ සෑම අවස්ථාවකම විශේෂ අවධානයක් යොමුකල යුතු අතර වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාම යෝග්‍ය වේ.

මීට බලපාන අනෙකුත් කාරණය වනුයේ පියයුරු පිලිකා අනෙකුත් පිලිකා අතරින් වැඩිපුරම ලංකාවේ දැකිය හැකිවන නිසාද වේ.

පියයුරු පිලිකා ඇතිවීමට හේතු මොනවාද?

ස්ථීර වශයෙන් හේතු සොයාගැනීමක් කර නොමැති මුත් සමහර සාධක පියයුරු පිලිකා සඳහා සෘජුවම බලපායි.

වයසට යත්ම පියයුරු පිලිකා ඇතිවීමේ සම්භාවිතාවය වැඩිවන අතර මෙය ආරෙට යන අවස්ථාද ඇත.

ඉතා අඩු වයසින් වැඩිවියට පත්වීමත්, මාස් ශුද්ධිය නතර වීමට වැඩිකාලයක් ගතවීමත් කලාතුරකින් පවුල් සැලසුම් සඳහා භවිතා කරන පෙති වර්ග නිසාත් තරබාරුකම, දුම්පානය හා මධ්‍යසාර භාවිතය නිසාත් පියයුරු පිලිකා සඳහා වැඩි අවධානමක් ඇත.

පියයුරු පිලිකාවක් යැයි සැකකල පසු ඒ සඳහා කරන පරීක්‍ෂණ මොනවාද?

පිලිකාවක් යැයි සැක කරන්නේ නම් තුන් ආකාරයකින් පරීක්‍ෂණ කරනු ලබයි.

එමඟින් පිලිකාවක් ද යන්න 99%ක් හරියටම හඳුනාගත හැක.

වෛද්‍යවරයා විසින් කරනු ලබන පියයුරු පරීක්‍ෂාව

ස්කෑන් පරීක්‍ෂණය හා මැමෝග‍්‍රෑම් පරීක්‍ෂණය

අදාල ස්ථානයෙන් සෛල ගෙන පරීක්‍ෂා කිරීම (Biopsy පරීක්‍ෂණය)

සමහර අවස්ථාවලදී ඉහත කී ආකාර තුනටම පසුවත් ස්ථීර නිගමනයකට එලඹිය නොහැකි අවස්ථා තිබේ.

එවැනි අවස්ථාවලදී ශල්‍යකර්මයක් මඟින් අදාල ගැටිත්ත ඉවත්කර පරීක්‍ෂණ කරනු ලබයි.

පියයුරු පිලිකාවක් හඳුනාගත් විට ඒ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද?

ශල්‍යකර්මයක් මඟින් පියයුර හා ඒ අවට කිහිලි ප‍්‍රදේශයේ වසා ගැටිති ඉවත් කිරීම.

කීමෝතෙරපි ප‍්‍රතිකාරය

විකිරණ ප‍්‍රතිකාරය

හෝමෝන ප‍්‍රතිකාරය

යන ප‍්‍රතිකාර ක‍්‍රම වලින් කිහිපයක් හෝ සියල්ලම මඟින් ප‍්‍රතිකාර කිරීම කරනු ලබයි.


පිලිකාවේ ස්වභාවය හෝ පැතිරී තිබෙන ආකාරය අනුව ශල්‍යකර්මයට පෙර කීමෝතෙරපි ප‍්‍රතිකාරය දී පසුව ශල්‍යකර්මය කරන අවස්ථා ද ඇත.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/06/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු