උපත් පාලන ක‍්‍රම සහ පවුල් සැලසුම් (Birth control and family planning)

උපත් පාලන ක‍්‍රමයක් තෝරාගැනීමේදී සැළකිය යුතු කරුණු මොනවාද?

- සෞඛ්‍යතත්වය
- ලිංගිකව එකතු වන වාර ගණන
- අනාගතයේදී දරුවන් නැවත අවශ්‍යද නැතිද යන වග

මීට අමතරව
අදාල උපත්පාලන ක‍්‍රමය මඟින් පිලිසිද ගැනීම වැලැක්වීමේ ඇති හැකියාව (මීට හේතු වනුයේ සමහර ක‍්‍රම මඟින් එම සම්භාවිතාව අඩු අතර සමහර ක‍්‍රම මඟින් එම හැකියාව ප‍්‍රතිශතයක් වශයෙන් වැඩි වශයෙන් පවතී.)

- උපත් පාලනය ක‍්‍රමය සඳහා යන වියදම
- සෞඛ්‍ය තත්වයට ඇතිවන බලපෑම (උඳා: උපත් පාලන පෙති ගැනීම වයස අවුරුදු 35න් පසු යෝග්‍ය නොවේ.)
- සහකරුගේ අවශ්‍යතාවය
- තාවකාලිකව හෝ දීර්ඝ කාලීන අවශ්‍යතාව පදනම්ව

සමාජ රෝග ඇතිවීම වැලැක්වීම එක් අවශ්‍යතාවයක් වීම.
(උඳා : කොන්ඩම් භාවිතය එවැනි අවස්ථා වලදී වඩා යෝග්‍ය වේ. අනෙකුත් ක‍්‍රම ඒ සඳහා ආරක්‍ෂාවක් නොදේ.

- සුළභව ලබාගත හැකිවීම.

කොන්ඩම් භාවිතය ගැන දැනගත යුතු දේ මොනවාද ?

- තාවකාලික ක‍්‍රමයකි
- කොන්ඩම් සාදා ඇත්තේ තුනී රබර් හෝ පොලියුරතේන් මඟිනි. එබැවින් ඉතා කලාතුරකින් ලිංගික සංසර්ගයේදී මෙය ඉරී යාමේ හැකියාවක් තිබේ. ඒ ගැන අවධානයෙන් සිටිය යුතුය.
- සම්පූර්ණ ලිංගික සංසර්ගය කාලයේදීම මෙය පැළඳිය යුතුවේ.
- සමාජ රෝග වැලැක්වීමට ද ඇති ඉතාම යෝග්‍ය ක‍්‍රමයයි.
- වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව ලබාගත හැකිවීම.
- වයස් බේදයකින් තොරව මෙය භාවිතා කල හැක.
- මෙමඟින් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම් අවම වේ.

කාන්තාවන් සඳහාද මෙවැනි ක‍්‍රමයක් භාවිතාකල හැකිද ?

- ගැබ්ගෙල වැසෙන ආකාරයට සකසන ලද තුනී රබර් කොන්ඩම් මේ සඳහා ඇත. (Diaphragm and cervical cap condom) මේවා ශුක‍්‍රානු විනාශ කිරීමේ හැකියාව ඇති ක‍්‍රීම් හෝ ජෙලිවලින් පුරවා ඇත.

ලිංගික සංසර්ගයට ප‍්‍රථම මෙය යෝනි මාර්ගයෙන් ඇතුල්කර ගැබ්ගෙල වැසෙන ආකාරයට තැබිය යුතුය. ලිංගික සංසර්ගයෙන් පසුවද පැය 8ක් පමණ එය ඉවත් නොකර තැබිය යුතුවේ. එමඟින් ශුක‍්‍රානු ගර්භාෂයට ඇතුල් වීම වලකයි.

මෙම ක‍්‍රමය මඟින් කාන්තාවන්ගෙන් 5% පමණ ගැබ්ගැනීමේ හැකියාව ඇත.

මෙමඟින් ඇතිවිය හැකි අතුරු ආබාධ

- ආසාත්මිකතා
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම.

හෝමෝන පාලනය මඟින් පිලිසිද ගැනීම වලක්වන ක‍්‍රම මොනවාද?

- මේ සඳහා ඊස්ට‍්‍රජන් හෝ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන 2කම හෝ ප්‍රොජෙස්ටරෝන් පමනක් භාවිතා කෙරේ.
- මෙමඟින් ඩිම්භ කෝෂයෙන් ඩිම්භ පිටවීම වලක්වනු ලබයි.

මේවා
- පවුල් සැලසුම් පෙති වශයෙන්
- සුළු ප‍්‍රමාණයේ ශල්‍යකර්මයක් මඟින් සමට යටින් තැන්පත් කරනු ලබන කැබැල්ලක් ලෙස
- එන්නතක් ලෙස :Depo - provera
ආදී වශයෙන් තිබේ.

හෝමෝන ක‍්‍රමයක් භාවිතයට පෙර වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ගැනීම වඩා යෝග්‍ය වේ.

IUD (Intra uterine device) යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

- මෙයද පවුල් සැලසුම් ක‍්‍රමයක් වේ.
- කුඩා ප්ලාස්ටික් හෝ කොපර් ලෝහයෙන් තැනූ T හැඩයට ඇති කොටසකි.
- එය ගර්භාෂයේ තැන්පත් කිරීම මඟින් ඩිම්භය ගර්භාෂයේ පිලිසිඳ ගැනීම වලකයි.
- මෙය ඉතා හොඳ පවුල් සැලසුම් ක‍්‍රමයක් වන අතර කාන්තාවන් 100 කට එක් අයෙකුට පමණ ගැබ් ගැනීමක් සිදුවිය හැක.
- ප්‍රොජෙස්ටින් හෝමෝනය අන්තර්ගත IUD ද ඇත.

මෙමඟින් ඇතිවන අතුරු ආබාධ (ඉතා කලාතුරකින්)

පළමු මාස කිහිපයේ ඉතා සුළු ප‍්‍රමාණයේ රුධිර වහනයක් වීම.
- 50%
ක් පමණ කාන්තාවන්ගේ වසරක් යන විට මාස්ශුද්ධිය නැවතීම.
- මෙහි ඇති වාසිය වනුයේ මෙය ඉවත් කල පසු නැවත යථාපරිදි ගැබ්ගැනීම සිදුවේ.
- සෑම විටම වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කල යුතුවේ.

දීර්ඝ කාලීනවම හෝ සදහටම ගැබ්ගැනීම වැලැක්වීමේ ක‍්‍රම මොනවාද?

- කාන්තාවන් සඳහා LRT ක‍්‍රමය
- පුරෂයින් සඳහා වාසෙක්ටම් (Vasectomy) ක‍්‍රමය
මෙය කලපසු නැවත දරුවන් බලාපොරොත්තු වන්නේ නම් ශල්‍යකර්මයක් මඟින් නැවත යථා තත්වයට ඉතාම කලාතුරකින් පත්කල හැක.

ලිංගික සංසර්ගයකට පසු ගැබ් ගැනීමක් ඇතිවේ යැයි සැකකරන අවස්ථාවකදී ගැබ් ගැනීම වැලැක්වීමට ඇති ක‍්‍රම මොනවාද? (Emergency contraception)

- කොන්ඩමය ඉරීයාමක්
- පවුල් සැලසුම් පෙති ගැනීමට අමතක වීමක්
- කිසිම පවුල් සැලසුම් ක‍්‍රමයක් භාවිතා නොකර සංසර්ගයේ යෙදීම
- අතරවරයක් වීම වැනි අවස්ථාවලදී පහත ක‍්‍රම භාවිතා කල හැක.
මෙහිදී ද හෝමෝන පෙති භාවිතා කල හැක. මිලදී ගැනීම සඳහා වෛද්‍යවරයෙකුගේ තුන්ඩුවක් අවශ්‍ය නොවේ.

Levonogestrel (Progestin)
නැමති හෝමෝනය මෙහි අඩංගුවන අතර එකවර සම්පූර්ණ මාත‍්‍රාව 1.5mg හෝ වරු 2කදී :0.75mg මෙය ගැනීම කල හැක.

දෙවරකදී ගන්නා අවස්ථාවලදී පළමු පෙත්ත ගෙන පැය 12කදී අනෙක් පෙත්ත ගත යුතුය.

ඉහත ක‍්‍රමය ලිංගික සංසර්ගයෙන් දින 5ක් පමණ දක්වා කාලයක් තුල ක‍්‍රියාකරනු ඇත. නමුත් සාර්ථක ප‍්‍රථිඵල ගෙන දීමට හැකි මූලික අවස්ථාවේදීම ගැනීම යෝග්‍ය වේ.

මීට අමතරව සාමාන්‍යයෙන් ගන්නා පවුල් සැලසුම් පෙති 5ක් එකවර ගැනීමෙන් ද ඉහත ආකාරයේ හදිසි ගැබ්ගැනීම වලකාගත හැක.

IUCD එකක් ගර්භාෂයේ තැන්පත් කිරීම මඟින් ද හදිසි ගැබ්ගැනීමක් වලක්වාගත හැකිද?

Intra uterine Contraceptive Device (IUCD) එකක් මඟින් ද එවැනි ගැබ්ගැනීමක් වලක්වාගත හැක. නමුත් මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අතර එය සාමාන්‍යයෙන් ඊළඟ මාස්ශුද්ධියත් සමඟ ඉවත් කරනු ලබයි.

මෙවැනි හදිසි ගැබ්ගැනීම වලක්වීමට ගන්නා ලබන පෙති වර්ග නිසා ශරීරයේ ඇතිවන වෙනස්කම් මොනවාද?

- මාස්ශුද්ධිය සිදුවීමේ රටාව වෙනස්වීම.
- ශරීරයට ඇතිවන තෙහෙට්ටු ගතිය.
- හිසරදය
- ඔක්කාරය හෝ වමනය යාම
ඇතිවිය හැකි අතර දින කිහිපයකදී එම තත්වය පහව යයි.

ඉහත ක‍්‍රම මගින් පවා හදිසි ගැබ්ගැනීමක් සිදුවී ඇත්නම් මාස්ශුද්ධිය වීමේ රටාව කවර ආකාරයට වෙනස් වේද?

- මාස්ශුද්ධිය සිදුවීම කලින් හෝ කල්යාම සිදුවිය හැක. පිටවන රුධිර ප‍්‍රමාණයද වෙනදාට වඩා අඩු හෝ වැඩි විය හැක.
සාමාන්‍යයෙන් මෙවැනි තත්වයකට පසු දින 7-10 අතර කාලයකදී සාමාන්‍යයෙන් මාස්ශුද්ධිය සිදුවේ.
සති 3ක කාලයක් ඇතුළතදී මාස්ශුද්ධිය සිදු නොවන්නේ නම් දරුපිළිසිද ගැනීමේ සම්භාවිතාව වැඩි අතර වෛද්‍යවරයෙකු හමුවීම ඉතා යෝග්‍ය වේ.
නමුත් එසේ පිළිසිද ගැනීමක් සිදුවූවත් එහිදී දරුවාට හානියක් නොවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 27/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු