ක්ලැමීඩියා (Chlamydia)

ක්ලැමීඩියා යනු කුමක්ද?

මෙය බහුලව දැකිය හැකි සමාජ රෝගයකි. ආසාදනය බැක්ටීරියා විශේෂයක් නිසා සිදුවේ. (Chlamydia Trachomatis)

මෙහි ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- මුත‍්‍රාකරන විට දැවිල්ල ඇතිවීම.
- මුත‍්‍රා මාර්ගයෙන් හෝ ගුද මාර්ගයෙන් සැරව පිටවීම.
- වෘෂණ වල ඇතිවන කැක්කුම.
- ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ගයෙන් පිටවන ස‍්‍රාවයන් වැඩිවීම හා සංසර්ගයේ දී දැඩි වේදනාවක් ඇතිවීම.

රෝගය ඇත්දැයි පරීක්‍ෂා කරන්නේ කෙසේද?

පිටවන ස‍්‍රාවයන්ගෙන් සාම්පල ලබාගෙන කරනු ලබන පරීක්‍ෂණයකින් බැක්ටීරියා හඳුනාගත හැක.

මේ සඳහා ප‍්‍රතිකාර තිබේද?

මේ සඳහා ප‍්‍රතිජීවක මඟින් නිට්ටාවටම සුවකල හැක. සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාරගත යුතුය. සහකරු හෝ සහකාරියටද එකම අවස්ථාවේ ප‍්‍රථිකාර කල යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 08/05/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු