සිපිලිස් (Syphilis)

සිපිලිස් බහුලව ඇති සමාජ රෝගයක්ද?

ඉතා බහුලව දැකිය හැකි සමාජ රෝගයකි. මෙම විෂබීජය Treponema Pallidum යනුවෙන් හඳුන්වයි. ලිංගික කි‍්‍රයාකාරකම් වලදී සමේ තුවාල වුනු තැනකින් මෙම විෂබීජය ශරීරයට ඇතුළුවිය හැක.

මෙම රෝගී තත්වය නිසා ඇතිවන ව්‍යාකූලතා අදියර 3ට බෙදා දැක්විය හැක.
- ප‍්‍රාථමික අවස්ථාව
- ද්විතීක අවස්ථාව
- තෘතීක අවස්ථාව

ද්විතීක හා තෘතීක අවස්ථා බොහොම කලාතුරකින් දැක්විය හැක. ඊට හේතුව වනුයේ බොහෝ විට ප‍්‍රතිකාර නිසා විෂබීජ විනාශ වී යාමයි.

ප‍්‍රාථමික (මුලින්ම හැදුනු) අවස්ථාවේ එන රෝග ලක්‍ෂණ මොනවාද?

කුඩා තුවාල ඇතිවීම මූලික ලක්‍ෂණයයි. ඒවා කැක්කුමක් ඇති නොකරන අතර පිරිමි ලිගුවේ, ගුද මාර්ගයේ, මුඛයේ හා සමේ යන ඕනෑම තැනක ඇතිවිය හැක.
එම තුවාල ආශ‍්‍රිතව ඇති කුද්දැටි ඉඳිමීම.
මෙම තුවාල සාමාන්‍යයෙන් මාසයකින් පමණ සුවවන අතර ඊලඟට එළබෙනුයේ ද්විතීක අවස්ථාවයි.

ද්විතීක අවස්ථාවේ ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- සමේ ඇතිවන පළු දැමීම. (යටිපතුල්, අත)
- රතු පැහැති ලප ඇතිවීම (මුඛය, පිරිමි ලිගුව, යෝනි මාර්ගය)
- තෙත් ස්වභාවයෙන් යුතු ගැටිති ඇතිවීම.(ලිංගය ආශ‍්‍රිතව බහුලව ඇත. ඊට අමතරව ඉකිලි ප‍්‍රදේශයේ)
මෙම තත්ව සමඟ උණ ගැනීම, හන්දි අමාරුව, ඇගට පණ නැති ගතිය, කුද්දැටි ඉදිමීම, මාංශ පේශී වල ඇති වේදනාව ආදිය දැකිය හැක.
මෙම අවස්ථාවලදි ප‍්‍රතිකාර නොකළහොත් එය තෘතීක අවස්ථාවට යොමුවන අතර එහිදී හෘදය, මොළය, ස්නායු හා අස්ථි ආශ‍්‍රිතව ව්‍යාකූලතා ඇති කරයි.

මේ සඳහා බහුලව කරනු ලබන පරීක්‍ෂණ මොනවාද?

- අන්වීක්‍ෂ භාවිතාකර කරනු ලබන පරීක්‍ෂණ
- රුධිරය ආශ‍්‍රිතව කරනු ලබන පරීක්‍ෂණ උදා - VDRL

මේ සඳහා ප‍්‍රතිකාර තිබේද?

හරියාකාරව ප‍්‍රතිකාර කිරීමෙන් නිට්ටාවටම සුවකල හැක. ඒ සඳහා සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රථිකාර ගැනීම කලයුතුය.

මේ සඳහා ප‍්‍රථිකාර ගැනීමේදී විශේෂයෙන් සැලකිය යුතු කරුණු මොනවාද?

මේ සඳහා දෙනු ලබන ඖෂධ වර්ග සමඟ මධ්‍යසාර පාවිච්චි කලහොත් නොයෙකුත් ව්‍යාකූලතා ඇතිවිය හැක. එබැවින් මෙම ඖෂධ ගන්නා කාලසීමාව තුලදී මධ්‍යසාර නොගත යුතුය.
ප‍්‍රතිකාරය අවසන්වනතුරු ලිංගික සංසර්ගයේ නොයෙදිය යුතුය. සහකරුට හා සහකාරියටද ඒ අවස්ථාවේම ප‍්‍රථිකාර කල යුතය.

ලිපිය පළකල දිනය Article uploaded on: 09/05/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු