දිව මුඛයේ පතුලේ ඇලී තිබීම (Tongue tie)

මෙම තත්වය බහුලව දැකිය හැකිද?

මෙය සාමාන්‍යයෙන් දැකිය හැකි තත්වයකි. සාමාන්‍යයෙන් ළමා වියේදී මේ සඳහා ප‍්‍රථිකාර වලට යොමුවේ.

මේ සඳහා බලපාන හේතු මොනවාද?

මේ සඳහා විශේෂිත වූ හේතුවක් නැත. නමුත් පවුල්වල ආරෙට යන අවස්ථා ඇත.

මෙහිදී එන රෝග ලක්‍ෂණ මොනවාද?

- අළුත ඉපදුන බිළිදෙකු නම් තන පුඩුවෙන් කිරි උරා බීම අපහසුවනු ඇත.
-
දරුවා කිරි උරා බීමට මහත් වෙහෙසක් දරණ අතර ඉක්මනින් විඩාවට පත් වී නිදාගනී.
-
මීට අමතරව බර අඩුවීමද විශේෂ ලක්‍ෂණයක් ලෙස දැකිය හැක.
-
කථා කරන වයසේ දරුවෙකුගේ නම් වචන උච්චාරණයේ ප‍්‍රශ්ණ මතුවනු ඇත.

මෙවැනි තත්වයකදී කුමක් කල යුතුද?

වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීම යෝග්‍ය වේ.

මේ සඳහා ඇති ප‍්‍රථිකර්ම මොනවාද?

කිරි උරාබීම කෙරෙහි විශාල වශයෙන් බලපෑමක් කරන අවස්ථා වලදී හා කථා කිරීමේ අපහසුතා ඇති අවස්ථා වලදී සුළු ශල්‍ය කර්මයකින් දිව යටි පතුලට ඇලී ඇති තැනින් වෙන්කරනු ලබයි. බොහොමයක් විට ඉතා කුඩා ඝණකම් පටක තන්තු වලින් එසේ ඇලී තිබේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු