මුඛ පිලිකා

මුඛ පිලිකා

මුඛ පිලිකා මුඛයේ ඕනෑම තැනක මෙන්ම උගුර ප‍්‍රදේශයේ ද හටගනී. මේ අතරින් දිව හා දිවට යටින් වූ ප‍්‍රදේශයේ වැඩිපුර දැකිය හැක. මුඛ පිලිකා ඕනෑම පුද්ගලයෙකුගේ ඇතිවිය හැක. නමුත් අවුරුදු 40ට වැඩි පිරිමි අයගේ බහුලව දැකිය හැක. මේ සඳහා දුම්පානය මෙන්ම මධ්‍යසාරද බහුලව බලපායි.

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- සුදු හෝ රතු පැහැති ලප මුඛයේ ඇතිවීම.
-
මුඛයේ ඇතිවන දැවිල්ල ගතිය/ යමක් බැදී ඇති බව හැගීම
- මුඛයෙන් ලේ ගැලීම.
-
ගිලීමේදී අපහසුතා ඇතිවීම.
-
ගෙල ප‍්‍රදේශයේ වසා ගැටිති විශාල වීම
- කනේ කැක්කුම ඇතිවීම.

මෙවැනි රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම යෝග්‍ය වේ.

ඉහත කී රෝග ලක්‍ෂණ ඇතිවිට කරනු ලබන පරීක්‍ෂණ මොනවාද?

- වෛද්‍යවරයා විසින් කරනු ලබන මුඛ පරීක්‍ෂාව
- සැක කටයුතු ස්ථානයක් ඇත්නම් එතැනින් පටක කැබැල්ලක් පරීක්‍ෂණ සඳහා ලබාගැනීම (Biopsy test). මෙය සිහිනැති කර හෝ අදාල ස්ථානය හිරිවට්ටවා කරනු ලබයි.
-
ස්කෑන් පරීක්‍ෂණ (Ultra sound / CT / MRI)

මුඛ පිලිකා සඳහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

- ශල්‍යකර්මයක් මඟින් අදාල ස්ථානය ඉවත් කිරීම.
-
විකිරණ ප‍්‍රථිකාරය
- කීමොතෙරපි ප‍්‍රථිකාරය
හෝ ඉහත ආකාර තුනම ප‍්‍රථිකාරය සඳහා භාවිතා කරයි.

මුඛ පිලිකා ඇතිවීමට හේතු මොනවාද?

- දුම් පානය හා බුලත් විට කෑම ප‍්‍රධානතම සාධකයයි.
-
දීර්ඝ කාලීනව ඇතිවන ඇතිල්ලීම් (උදා:කෘතිම දත්)
- වෛරස් ආසාදනයන් (පැපිලෝමා වෛරස් ආසාදනයන්)
- මුඛය හා දත් වල ඇති අපිරිසිදු බව

මුඛ පිලිකා ඇතිවීම වලක්වාගන්නේ කෙසේද?

- දුම්පානය, බුලත්විට කෑමෙන් වැලකීම.
-
මධ්‍යසාර භාවිතය නැවැත්වීම හෝ අවම කිරීම.
-
දත්වල ඇතිවන ව්‍යාකූලතා වහාම දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමුවී ප‍්‍රථිකාර ගැනීම.
-
දත් හා මුඛය පිරිසිදුව තබාගැනීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 27/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු