සමක් බද්ධ කිරීම

සමක් බද්ධ කිරීම ලෙස හැදින්වෙන්නේ කුමක්ද?

ශරීරයේ එක් තැනකින් සමේ කොටසක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ශරීරයේ වෙනත් තැනක තැන්පත් කිරීමක් මෙලෙස හැදින්වේ

මෙලෙස සමක් බද්ධකිරීම අවශ්‍ය වන්නේ කවර තත්ව සදහාද?

සමේ විශාල ප‍්‍රදේශයක් ඉවත්වීම සිදුවන අවස්ථාවලදී සමක් බද්ධ කිරීම අවශ්‍ය වේ

උදා පිලිස්සුම් තුවාල
විෂබීජ තත්ව නිසා සම ඉවත්වීම
සමහර ශල්‍යකර්මවලදී සමේ විශාල ප‍්‍රමාණයක් ඉවත්කිරීමට සිදුවන අවස්ථාවලදී

බද්ධකිරීම සදහා සමේ කොටසක් ඉවත් කර ගැනීම ශරීරයේ කුමන ස්ථානවලින් සිදුකරයිද?

සාමාන්‍යයෙන් ඇදුම්වලට වැසී ඇති ස්ථානවලින් මෙලෙස බද්ධ කිරීම සදහා සමේ කොටසක් ලබා ගැනීම සිදු කරයි

උදා කලව ප‍්‍රදේශයෙන්
තට්ටම් ප‍්‍රදේශයෙන්

මෙලෙස සම ලබා ගන්නා ස්ථානයේ සම නැවත වැඩීම සිදුවේද?

සම බද්ධ කිරීම සදහා ලබා ගන්නා ආකාර දෙකකි

සමේ ස්ථර තුනම වෙනුවට මතුපිටින්ම ඇති ස්ථර දෙක ලබා ගැනීම

සමේ ස්ථර තුනම ගැනීම

මේ අතරින් පලමු ක‍්‍රමය වැඩි වශයෙන් භාවිතා වන අතර දෙවන ක‍්‍රමය අවශ්‍ය වන අවස්ථා සුලු ප‍්‍රමාණයකි

පලමු ක‍්‍රමයේදී සමේ වර්ධනය සදහා අවශ්‍ය වන ස්ථරය ඉතිරිවන බැවින් සම නැවත වැඩීම සිදුවේ

දෙවන ක‍්‍රමයේදී එසේ සම වැඩීම සිදු නොවන අතර සම ඉවත් කිරීම නිසා ඇතිවන හිඩැස වැසීම සදහා සම එකට තබා මැහුම් යෙදීම කරනු ලැබේ

සම බද්ධ කිරීමේදී ඇති විය හැකි ව්‍යාකූලතා මොනවාද?

මෙම ශල්‍යකර්මය සාමාන්‍යයෙන් සිදු කරන්නේ සිහි නැතිකර වන අතර එහිදී ඇතිවිය හැකි ව්‍යාකූලතාවලට

අමතරව ශල්‍යකර්මයේ ඇති විය හැකි ව්‍යාකූලතා වනුයේ

රුධිර වහනය

විෂබීජ තත්ව ඇතිවීම

දීර්ඝ කාලීනව ඇතිවන කැක්කුම

බද්ධකරන ලද සම හරියාකාරව බද්ධ නොවීම

බද්ධකරන ලද ස්ථානයේ සම පැහැය වෙනස්වීම සංවේදනය නැතිව යාම කැසීම

සම ලබා ගත් ස්ථානයේ ඇතිවන වේදනාව හා විෂබීජ තත්ව

මෙම ශල්‍යකර්ම සදහා සාමාන්‍යයෙන් කොපමණ කාලයක් රෝහලේ සිටිය යුතුද?

සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් රෝහලේ සිටිය යුතුවේ

එම කාලය බොහෝවිට ඒ හා ඇතිවන ව්‍යාකූල තත්වයන් මත තීරණයවේ

රෝහලෙන් පිට කිරීමෙන් පසුවද සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයක් ආරක්ෂාකාරී විය යුතුය

ලිපිය පළකල දිනය Article uploaded on: 13/09/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු