නියපොතු කෙලවර ඇතුල් පැත්තට වැවීම

මෙමගින් අදහස් කෙරෙන්නේ කුමක්ද?

ඇගිලිවල නියපොතු කෙලවරවල් සම තුලට වැඩීම මෙමගින් අදහස් කෙරේ.
එහි ප‍්‍රථිපලයක් ලෙස නියපොතු කෙලවර රතු වීම ඉදිමීම කැක්කුම ඇති වීම මෙන්ම විෂබීජ තත්ව ඇතිවීම සිදුවිය හැක.
මෙය වැඩිපුර දැකිය හැක්කේ කකුලේ මහපට ඇගිල්ල ආශ‍්‍රිතව වේ.

මෙම තත්වය ඇති වීමට හේතු මොනවාද?

නියපොතු කැපීමේ ඇතිවන ව්‍යාකූලතා
-නියපොතු හොදටම කෙටිවන සේ කැපීම.
උදා: නියපොතු කෙලවර රවුම් වනසේ කැපීම.( මෙමගින් නියපොතු කෙලවරවල් වලින් සමතුලට වැඩීමේ සම්භාවිතාව වැඩිය. එබැවින් නියපොතු කැපීමේදී කෙලවරවල් රවුමට කැපීමෙන් වැලකිය යුතුය. එය හරහට කැපීමෙන් මෙම තත්වය ඇතිවීමේ සම්භාවිතාව අවම කල හැක.)

නියපොතු කෙලවරවල් කැඩී යාම

ඉතා ඝනකමෙන් යුත් නියපොතු තිබීම

කකුලෙහි ප‍්‍රමාණයට ගැලපෙන පාවහන් පාවිචිච්චි නොකිරීම. විශේෂයෙන් සපත්තු ප‍්‍රමාණයෙන් කුඩා, ප‍්‍රමාණයෙන් විශාල මෙන්ම සපත්තුවේ ඉදිරි කෙලවර වඩා උල් ස්වභාවයක් ගැනීමෙන් කකුලේ නියපොතු මත අමතර තෙරපුමක් ඇතිකල හැක.
උත්පත්තියේ සිට ඇතිවන නියපොතුවල ව්‍යාකූලතාද මේ සදහා හේතුකාරක විය හැක.

මේ සදහා පරීක්ෂණ සිදුකල යුතුද?

මේ සදහා විශේෂිත පරීක්ෂණ නොමැත. රෝග ලක්ෂණ මගින් රෝග නිෂ්චයකට එලඹෙ

මේ සදහා නිවසේදී කලහැකි ප‍්‍රථිකාර මොනවාද?

දිනකට තුන් හතර වතාවක් මද උනුවතුරේ කකුල ටික වේලාවක් තබාගෙන සිටින්න.

සෑම තෙමීමකටම පසු හොදින් තෙත මාත්තුකරන්න.

දිනකට දෙවතාවක් පමණ නියපොත්තේ රිදෙන ස්ථානය මසාජ් කරන්න.

විෂබීජ නාශක ක‍්‍රීම් වර්ගයක් තැවරූ පුලුන් කැබැල්ලකින් අදාල ස්ථානය ආවරනය කරන්න.

සපත්තු වෙනුවට තත්වය සමනය වන තෙක් සෙරප්පු වර්ගයක් පාවිච්චි කරන්න.

නියපොත්ත විශාල ප‍්‍රමාණයෙන් වැවී ඇත්නම් නියපොත්ත පරිස්සමින් කපා දැමිය හැක.

නියපොත්ත කැපීමේදී සැලකිය යුතු කරුනු
1 කකුල මද උණුවතුරේ විනාඩි 10 ක් පමණ තබන්න එවිට නියපොත්තහි සවිමත් බව අඩු වී කැපීම පහසු කරයි

2 නියපොත්ත කැපීමේදී හොදින් කැපෙන නිය කපනයක් භාවිතාකරන්න
3 නියපොත්ත සෑම විටම හරහට කැපීම කල යුතුය එය ඉතා කෙටිවන සේ කැපීමෙන් හා කෙලවර රවුම්වන සේ කැපීමෙන් වලකින්න
4 කිසිම විටක සම ඇතුලට වැඩුනු කොටස කැපීමට උත්සාහ නොකරන්න

(විශේෂයෙන් දියවැඩියාව ඇති රෝගින් ඉහත ආකාරයේ පිලිවෙතක් කිසිම විටක අනුගමනය නොකල යුතුයි සෑම විටම වෛද්‍ය උපදෙස් අනුව තත්වය පාලනය කල යුතු වේ.)

වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කවර අවස්ථාවේදීද?

සියලුම දියවැඩියාව ඇති රෝගීන් හා
ඉහත සදහන් ක‍්‍රම මගින් පාලනය වීමක් සිදු නොවුනිනම් වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය වේ.

මේ සදහා වෛද්‍යවරයා විසින් කරනු ලබන ප‍්‍රථිකාර මොනවාද?

අදාල ස්ථානයේ විෂබීජ තත්වයක් ඇත්නම් ඒ සදහා විෂබීජ නාෂක ඖෂධ ලබාදී විෂබීජ තත්වය පාලනය වූ විට හිරි වට්ටවා නියපොත්තේ ඇතුලට වැවෙන කොටස මුලින්ම කපා දැමීම සිදුකරයි

මෙම තත්ව ඇති වීම වලක්වා ගන්නේ කෙසේද?

තම කකුලේ ප‍්‍රමාණයට හරියටම ගැලපෙන සපත්තු පැලදීම. කෙලවර වඩා උල් වූ හා වඩා ලිහිල් වු හෝ හිරගතියෙන් යුත් පාවහන් පැලදීමෙන් වැලකිය යුතුය.
නියපොතු කැපීමේදී ඉහත සදහන් පිලිවෙල අනුගමනය කිරීම.
නියපොත්තක් භාගෙට කැඩී ඇතිවිට ඉතා පරිස්සමින් එය කපා ඉවත් කිරීම. එය ඇද දැමීමෙන් වැලකීම
කකුල පිරිසිදුව තබා ගැනීම

ලිපිය පළකල දිනය Article uploaded on: 19/08/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු