බෙල්ලේ ඇතිවන කැක්කුම - Cervical Spondylosis

Cervical spondylosis ඇතිවීමට හේතු මොනවාද?

බෙල්ලේ ඇති අස්ථි හා අස්ථි අතර ඇති කාටිලේජමය කොටස ගෙවීම නිසා මෙම තත්වය ඇතිවේ

මෙවැනි තත්වයකට තුඩු දෙන කරුණු මොනවාද?

අධික තරබාරුකම හා ව්‍යායාම අඩුකම

අධික බර එසවීම හා කර මත බර තබා ගෙන යාම

බෙල්ල ආශ‍්‍රිතව අනතුරු ඇතිව තිබීම හා ශල්‍යකර්ම සිදුකර තිබීම

බෙල්ලේ ඇති කශේරුකා අතර ඇති කාටලේජමය කොස ඉවතට පැන තිබීම

ආතරයිටිස් තත්ව

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැඩිවන අතර එකවර වැඩිවන අවස්ථා ඇත

බෙල්ලේ ඇතිවන කැක්කුම උරහිස් වලට, භාහුවලට මෙන්ම අත්දක්වා විහිදෙන්නාක් මෙන් දැනිය හැක

මෙම කැක්කුම වැඩිවීමක් පහත දැක්වෙන අවස්ථාවලදී දැකිය හැක
සිටගෙන සිටිනවිට හා ඇවිදිනවිට

රාත‍්‍රී කාලයේදී

සිනහ වනවිට කිඹුහුම් යනවිට හෝ කහිනවිට

බෙල්ල පිටුපසට නවන විට

උදේ කාලයේදී බෙල්ලේ ඇතිවන තද ගතිය හා හිසේ කැක්කුම ඇතිවීමද බොහෝවිට දැකිය හැක

මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

මෙම තත්වය නිට්ටාවට සුවකිරීම බලාපොරොත්තුවිය නොහැක

නමුත් රෝගී තත්වය පාලනය කිරීම කල හැක
මේ සදහා
ඖෂධ ලබා දීම මෙන්ම භෞතික චිකිත්සාවද වැදගත් වේ

ඉහත ක‍්‍රම මගින් ඇතිවන කැක්කුම පාලනය නොවන්නේනම් ස්නායුවල ඇතිව ඇති තෙරපීම අවම කිරීමට ශල්‍යකර්ම සිදුකරන අවස්ථා ඇත


ලිපිය පළකල දිනය Article uploaded on: 10/10/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු