රුමැටොයිඩ් ආතරයිටිස්

රුමැටොයිඩ් ආතරයිටිස් යනුවෙන් අදහස් කරනුයේ කුමන ආකාරයේ තත්වයක්ද?

විවිධ හේතු නිසා ශරීරයේ විවිධ පටක වලට එරෙහිව ප‍්‍රතිදේහ සෑදිය හැක. මෙම රෝගී තත්වයේදී එය ප‍්‍රධාන වශයෙන් හන්දි සෑදී ඇති පටකවලට එරෙහිව සෑදේ. එහිදී එම ප‍්‍රතිදේහවල ක‍්‍රියාකාරීත්වය නිසා හන්දි සෑදී ඇති පටක විනාශ වීමක් සිදූවේ. මීට අමතරව පෙනහලූ හා හෘදය වටා ඇති පටලමය කොටසකටද හානි සිදුවිය හැක.

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

- අතේ ඇගිලිවල හන්දි, මැණික් කටුව, වලලුකර හා දනිස් හන්දි මූලිකවම බලපෑමට ලක් වේ.
- සාමාන්‍යයෙන් එකවර හන්දි කිහිපයක් ඉදිමීම සිදුවේ.
-
හන්දි ඉදිමීම හා කැක්කුම ඇතිවීම.
- නිදාගෙන නැගිටිනවිටදී හෝ ටික වේලාවක් ඉදගෙන සිට නැගිටින විටදී හන්දි දිගහැරීමට ඇති අපහසූ බව
- හන්දි ආශ‍්‍රිතව ගැට ඇතිවීම.
- යාන්තමට ඇගේ ඇතිවන උන හා පණ නැති ගතිය
- කෑම පි‍්‍රයතාව අඩුවීම.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

- වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් මූලික නිගමනයකට එළබේ.
- එක් පරීක්ෂණයක් මගින් රෝගය නිෂ්චය කල නොහැක. මේ සදහා
1.
රුධිර පරීක්ෂණ
2.
එක්ස්- රේ පරීක්ෂණ
3. හන්දි වල වතුර පිරී ඇත්නම් ඒවා මගින් සිදුකරන පරීක්ෂණ
මෙසේ කිහිප ආකාරයකින් පරීක්ෂා කිරීමෙන් පසු රෝග නිගමනයකට එළබේ.

මේ සදහා ප‍්‍රතිකාර කරනුයේ කෙසේද?

1.කැක්කුම අඩුකිරීමට දෙනු ලබන ඖෂධ
මේ සදහා විශේෂිත වූ ඖෂධ ඛාන්ඩයක් භාවිතා කෙරේ. (NSAIDS)
මෙමගින් කැක්කුම අඩුකරන මුත් හන්දිවල සිදුවන හානිවීම අඩුකිරීමක් සිදුකරන්නේ නැත.
එබැවින් මෙම ඖෂධ දෙනු ලබන්නේ කැක්කුම අඩු වී හන්දි නැවීම දිගහැරීම පහසුවනතෙක් පමණී.
අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීමෙන් ආමාශයේ තුවාල ඇතිවීම් වැනි නොයෙකුත් ව්‍යාකූලතා ඇතිවිය හැක

2.ස්ටිරොයිඩ් ඛාන්ඩයට අයිති ඖෂධ
හන්දි කිහිපයක පමනක් රෝගී තත්වය ඇත්නම් සමහර අවස්ථාවලදී නියම කරනු ඇත.
මෙමගින් කැක්කුම අඩුකිරීම ඉදිමුම අඩුකිරීම මෙන්ම හන්දිවල සිදුවන හානිවීම් යම් දුරකට පාලනය කරයි.
දීර්ඝකාලීනව මෙම ඹෟෂධ දෙනු නොලැබේ. ඊට හේතුව වන්නේ එමගින් ශරීරයට හානිකර තත්ව ඇතිවිය හැකිවීමත් එහි කි‍්‍රයාකාරී බව ක‍්‍රමයෙන් අඩුවීමත් වේ.

3.ප‍්‍රතිශක්ති ක‍්‍රියාවලිය පාලනය කිරීමට දෙනු ලබන ඹෟෂධ
මෙම රෝගී තත්වයේදී ප‍්‍රතිශක්ති ක‍්‍රියාවලිය පාලනයකින් තොරව කි‍්‍රයාත්මක වේ. එය යම් දුරකට පාලනය කිරීම මෙම ඹෟෂධ දීමේ බලාපොරොත්තුවයි.
එහිදී ප‍්‍රතිශක්තිය යම් දුරකට දුර්වල වීම නිසා අනෙකුත් රෝගී තත්ව ආසාදනය වීමට අවධානමක් ඇති බැවින් වඩා පරිස්සම් විය යුතුවේ.

4.හන්දිවලට වන හානිය අවම කිරීමට දෙනූ ලබන ඖෂධ (Anti rheumatoid drugs)
මෙම ඖෂධ මූලික අවස්ථාවේදීම පටන් ගැනීමෙන් හන්දිවලට හානිවන වේගය අවම කල හැක. මෙහි ක‍්‍රියාකාරීත්වය ඇතිවීමට ඖෂධ පටන් ගෙන සති 2 ක් පමණ ගතවේ.
මේවා පටන් ගැනීමට පෙර වෛද්‍යවරයා යම් යම් රුධිර පරීක්ෂණ කරවනු ඇත.
ගර්භනී තත්ව වලදී මෙම ඖෂධ ලබා නොදේ.

ඉතා වැදගත් වනුයේ මෙම රෝගී තත්වයේදී සුදූසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් පමණක් ප‍්‍රතිකාර ගැනීමයි. මෙහිදී භාවිතා කරන ඖෂධ නියමිත අධීක්ෂණයක් යටතේ භාවිතා නොකිරීමෙන් නොයෙකුත් අතුරු ආබාධ ඇතිවිය හැක.

මෙම රෝගී තත්වය නිට්ටාවටම සුවකල හැකිද?

මෙය නිට්ටාවට සුව කල නොහැක. නමුත් ලබාදෙන ඖෂධ නියමිත පරිදි පාවිච්චි කිරීමෙන් රෝගය පාලනය කලහැක. ඖෂධ මගින් පාලනය වී නැවත නැවත මතුවීම සිදුවේ. එසේ රෝගි තත්වය ඉස්මතුවනවාත් සමග වෛද්‍යවරයාගෙන් උපදෙස් පැතීමෙන් එය උග‍්‍ර වීම වැලැක්විය හැක.

රෝගියා විසින් කල යුතු දේවල් මොනවාද?

- දිනපතා ශරීර ව්‍යායාම්වල නිරත වීම.
- සමබල ආහාර වේලක් ගැනීම.
- ශරීර බර වැඩිනම් එය අඩුකිරීමට උත්සාහ කිරීම.
- හන්දි උනු දෙයකින් තැවීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 06/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු