මොළයේ ක්‍රියාකාරිත්වයේ ඇති ව්‍යාකූලතාවයක් නිසා ඇතිවේ. මොළයේ යම් ස්ථානයක සිදුවී ඇති වෙනස් වීමක් හෝ විනාශ වීමක් නිසා අසාමාන්‍ය සංඥා නිකුත් වීම සිදුවේ. මේ හේතුවෙන් ඒ අවස්ථාවේ රෝගියාගේ සජීවි සිහිය මෙන්ම ශරීරයේ ක්රියාකාරිත්වයේද වෙනස් වීම් සිදුවේ. එය බොහෝ විට ශරීරය දරදඩු වීම හෝ ශරීරය ගැහීම වැන්නක් විය හැක. මෙවැනි තත්ව ඇතිවන්නේ කුමන වේලාවටද, කුමන අවස්ථාවේදැයි අනාවැකි කිව නොහැකි වේ.
නමුත් සමහර රෝගීන්ට එවැනි තත්ව ඇතිවීමට පෙර ශරීරයේ නලියන ගතිය, අසාමාන්‍ය අකාරයේ සුවඳවල් දැනීම, මානසික වෙනස් වීම්, තද හිසේ කැක්කුම ඇතිවීම ආදිය සිදුවිය හැක.
- මොළයේ රුධිර වාහිනීවල ඇතිවන අසාමාන්‍යතා
-මොළයේ ඇතිවන ගෙඩි
-හදිසි අනතුරු වලදී මොළයට හානිවීම
-උත්පත්තියේ සිට මොළයේ ඇතිවන අසාමාන්‍යතා හා උපතේදී මොළයට අනතුරු සිදුවීම.
-මොළයට විෂබීජ ඇතුල්වීම නිසා හානි සිදු වීම.
සාමාන්‍යයෙන් අවුරුදු 5-20ත් අතර කාලයේදී හටගනී. නමුත් ඕනෑම වයසක කෙනෙකුට ඇතිවිය හැක.
මෙම රෝගි තත්වය ඇතිවීමට හේතු ලෙස මොළයේ ඇතිවන ගෙඩියක්, රුධිරවාහිනී වල ඇති අසාමාන්‍යතාවයක් හෝ ලේ ගැලීමක් වේ නම් ශල්‍යකර්මයක් අවශ්‍ය වේ. එසේ නොවන අවස්ථාවලදී ඒ සඳහා ඖෂධ වර්ග දෙනු ලැබේ. එමඟින් නැවත නැවත ඇතිවීම පාලනය කරයි.
- මේ සඳහා දෙනු ලබන ඖෂධ පෙති වශයෙන් ලබාදේ
- ඒවා වෛද්‍යවරයා නියම කරන පරිදි අදාල මාත්‍රාවටම අනුව නොවරදවාම සෑම දිනකම එකම වේලාවල් වලට ගැනීම කල යුතුය.
- කිසිම අවස්ථාවකදී වෛද්‍යවරයාගේ උපදෙස් වලින් තොරව ඖෂධ ගැනීම නතර නොකල යුතුය.
- වෛද්‍යවරයා නියම කරන පරිදි නොකඩවා සායනවලට සහභාගීවිය යුතු අතර එහිදී පාලනය වී ඇති ආකාරය පරීක්ෂාකර බලා මාත්‍රාව අඩුකිරීම හෝ වැඩිකිරීම කරනු ඇත.
- වෙනත් අසනීපයකට වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නා විට සෑම විටම අපස්මාරයට ඖෂධ ගන්නා වග දැන්විය යුතුය. ඊට හේතුව සමහර ඖෂධ වර්ග මඟින් අපස්මාරයට දෙනු ලබන ඖෂධ වල ක්‍රියාකාරිත්වය වෙනස් කරනු ලබයි.
- කාන්තාවන් දරුවන් අපේක්ෂා කරන්නේ නම් ඒ වග වෛද්‍යවරයාට දැන්විය යුතුය. ඊට හේතුව මේ සඳහා දෙනු ලබන ඖෂධ මඟින් අංගවිකල දරුවන් බිහිවිය හැක. වෛද්‍යවරයා විසින් එවැනි අවස්ථාවලදී හානිකර තත්ව වලින් අඩු ඖෂධ නියම කරනු ඇත.
- මධ්‍යසාර භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය.
- වෛද්‍යවරයා නියම කරනු ලබන රුධිර පරීක්ෂණය නියමිත වේලාවට කරවාගත යුතුය.
- ගන්නා ඖෂධ වල මාත්‍රාවේ වෙනස් කිරීම් හෝ නව ඖෂධයක් නියම කිරීමෙන් පසු දින කිහිපයක් යනතුරු අවධානමක් තිබේ.
- මානසික ආතතිය
- විෂබීජ ආසාදන තත්වයන්
- නිදි වැරීම
- ගැබ් ගැනීම.
- ඖෂධ මාත්‍රාවන් මගහැරීම හෝ නියමිත වේලාවන් වලට නොගැනීම.
- මත්ද්‍රව්‍ය භාවිතය.
- අපස්මාරය ඇති පුද්ගලයින් රිය ධාවනය කිරීම, පිහිනීම, ගින්දර ආශ්රිත රැකියා, බිම් මට්ටමින් ඉහළ කරන රැකියා, නිදිමැරීමට සිදුවන රැකියා වලින් ඈත්විය යුතුය.
- සෑම විටම තම රෝගය ගැන පෙන්ඩන්ට් එකක් ගෙලෙහි පැළඳ සිටීම හදිසි අවස්ථාවකදී ඉතාම ප්‍රයොජනවත් වනු ඇත.
- සමහර පුද්ගලයින්ගේ අපස්මාරය වසර කිහිපයක් ප්‍රථිකාර කල පසු නැවත ඇතිවන්නේ නැත.
- සමහර පුද්ගලයින්ගේ අපස්මාර තත්වයන් කාලයත් සමඟ සුවවීමක් සිදුවේ.
- බොහෝ රෝගීන්ට ජීවිත කාලය පුරාවට ඖෂධ ගැනීමට සිදුවේ.
- ඉගෙනීමේ අපහසුතා
- අපස්මාරය නිතර නිතර ඇතිවීමේදී සිදුවන වමනය යාමත් සමඟ ඒවා පෙනහළු වලට ඇතුළු වීමේ අවධානම හා නියුමෝනියාව සෑදීමේ අවධානම
- නිතර නිතර වැටීම නිසා සිදුවන තුවාල
- ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ