මෙය එක්තරා ආකාරයක මොලයේ ක‍්‍රියාකාරීත්වයේ ඇතිවන අඩපණ වීමකි.
එය මතකය, සිතන ආකාරය හා චර්යා රටාවේ ඇතිවන අඩපණ වීමක් ලෙස දැකිය හැක.
මෙම රෝගී තත්වය බොහෝවිට දැකිය හැක්කේ මහලු වයසේ පසුවන්නන්ගේ වන අතර මහලු වයසේ සිටින සෑම කෙනෙකුටම ඇතිවන රෝගී තත්වයක් නොවේ.
මෙම රෝගී තත්වය ඇතිවීමට හේතූන් හරියාකාරව සොයාගෙන නැතිමුත් පහත දැක්වෙන අවස්ථාවලදී වඩා වැඩි අවදානමක් ඇතිබව සොයාගෙන ඇත.
අධික රුධිර පීඩනය හා දියවැඩියා තත්වයන් මනා පාලනයකින් තොර වීම හා හිසට සිදුවන අනතුරු මේ අතරින් ප‍්‍රධානවේ.
ආරෙට යන අවස්ථාද බහුලව දැකිය හැක
මතක ශක්තිය ක‍්‍රමයෙන් දුර්වල වීම දැකිය හැකි මූලික ලක්ෂණයයි. මේ හේතුව නිසා කරමින් සිටිය දෙය අමතක වීම, මදක් සංකීර්ණ වු ක‍්‍රියා කල නොහැකි වීම ආදිය මේත් සමග ඇතිවේ.
මෙහි උග‍්‍රතම අවස්ථාවේදී
තමා දිනපතා ගමන් කරන මාර්ගය අමතක වීම.
භාෂාව හැසිරවීම හා උච්චාරණය කිරීමේ මෙන්ම තැනට නොගැලපෙන වචන භාවිතා කිරීම.
තම දෛනික කටයුතු පවා කරගත නොහැකි වීම.
ඇගේම මලපහ හා මුත‍්‍රා පිටකරගැනීම ආහාර ගන්නා ආකාරය අමතක වීම හා ආහාර ගිලීම සිදුකරන ආකාරය පවා අමතක වී යාම.
පවුලේ උදවියගේ නම් අමතක වීම හා හදුනන්නේ නැතිව යාම.
නිතර තරහ යාම හා අඩදබර ඇතිකර ගැනීම.
නින්ද නොයාම , මානසික අඝාතය හා තනිවම කථාකිරීම.
සමාජ ආශ‍්‍රයෙන් ඈත්වී සිටීමට උත්සාහ කිරීම.
මෙහි ඇති අවාසනාවන්ත තත්වය වනුයේ රෝගියාගේ රෝගි තත්වය නිසා ඇතිවන මෙම වෙනස්වීම් සමහර රෝගියාව බලාගන්නා පුද්ගලයින් හරිහැටි තේරුම් නොගන්නා නිසා රෝගියාව තනිකර දැමීමයි.
(උදා කෙතරම් හොදින් රෝගියාව බලාගත්තත් කෙනෙකු නිවසට පැමිණි විට තමාට නොසලකන බවත් ආහාර හා ඖෂධ නොදෙන බවත් එම පුද්ගලයා හා පැවසීම බහුලව දැකිය හැකි උදාහරනයකි. මෙවැනි තත්ව වලදී රෝගියාගේ රෝගි තත්වය පිලිබදව දැන සිටීම ඉතා වැදගත්වේ. එසේ නැතිනම් සිදුවන්නේ රෝගියා තවදුරටත් අසරණ වීමකි.)
වෛද්‍යවරයා විසින් කරනු ලබන ශාරීරික පරීක්ෂාවක් හා මානසික පරීක්ෂාවක් මගින් බොහෝදුරට රෝග නිෂ්චයකට පැමිනෙන අතර මෙම තත්ව ඇතිකල හැකි අනෙකුත් රෝගී තත්ව (රක්ත හීනතාව, තයිරොයිඩ් ග‍්‍රන්ථියේ අවක‍්‍රියාකාරීත්වය වැනි) ඇත්දැයි හදුනා ගැනීමට රුධිර පරීක්ෂණ හා අවශ්‍ය වූවහොත් සීටී හා ස්කෑන් පරීක්ෂණ කරනු ලැබේ. ( මොලය ආශ‍්‍රිතව ඇතිවන ගෙඩි හා රුධිර ගැලීම් ඇත්දැයි හදුනා ගැනීමට)
මේ සදහා වූ විශේෂිත ප‍්‍රථිකාර නොමැත.
නමුත්
රෝගියාගේ ඉතා කලබලකාරී ගතියක් ඇත්නම් එය යම් දුරකට පාලනයට වෛද්‍යවරයාගේ උපදෙස් ඇතිව සමහර ඖෂධ ලබාදිය හැක.
මීට අමතරව දැනටමත් රෝගියා විසින් ගන්නා සමහර ඖෂධ වෛද්‍යවරයා විසින් නැවැත්වීමට ඉඩ ඇත. ඊට හේතුවන්නේ සමහර ඖෂධ රෝගියාගේ රෝගයේ ස්වභාවය උත්සන්න කිරීමට හේතු විය හැකි බැවිනි.
මීට අමතරව විටමින් වර්ග ( ෆෝලික් ඇසිඩ් ,විටමින් B12 ,විටමින් E ) රෝගය තව දුරටත් වර්ධනය වන සීඝ‍්‍රතාව අඩුකරලීමට ඉතා සීමිත බලපෑමක් කල හැකි බව සොයාගෙන ඇත.
මෙවැනි රෝගියෙකු බලා ගන්නා පුද්ගලයෙකු හට වැඩි කාර්ය භාරයක් ඇති අතර ඉතා ඉවසිලිමත් විය යුතුවේ. මෙහිදී ඇතිවන සමාජීය ,මානසික හා ආර්ථික ප‍්‍රශ්ණ නිසා බොහෝ විට පවුලේ සියලු සාමාජිකයින් මෙන්ම යහලු මිතුරන් ආදීන්ගේ සහයෝගය ඉතා වැදගත්වනු ඇත.
රෝග නිෂ්චයකින් බොහෝ විට වසර 10 ක් පමණ අතර කාලයකදී රෝගියා මිය යාම සිදුවේ.