පෙනහළු වල ඇතිවන පිළිකා

පෙනහළු වල ඇතිවන පිළිකා වර්ග මොනවාද?

පෙනහළු වල ඇතිවන පිළිකා ප‍්‍රධාන වශයෙන් වර්ග දෙකක් ඇත. ඒවා නම්,
1. ශරීරයේ වෙනත් තැනක ඇතිවූ පිලිකාවක් ශරීරය පුරා පැතිරීමේ ප‍්‍රථිඵලයක් ලෙස එන පෙනහළු පිලිකා
2. මූලිකවම පෙනහළු තුල ඇතිවන පිලිකා

මෙසේ මූලිකවම පෙනහළු ආශ‍්‍රිතව පිලිකා ඒමට හේතු මොනවාද?

ප‍්‍රධානතම හේතුව දුම්පානය
- වැඩිපුර දුම්වැටි ප‍්‍රමාණයක් වැඩිපුර කාලයක් බීමෙන් පෙනහළු ආශ‍්‍රිත පිලිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩිය.

පෙනහළු පිලිකාවකදී ඇතිවිය හැකි මූලික ලක්‍ෂණ මොනවාද?

මෙහිදී එන ලක්‍ෂණ කවර ආකාරයේ පෙනහළු පිලිකාවකට වුවද බොහෝ විට පොදු වේ.
- දීර්ඝ කාලයක් (සතියේ සිට මාස කිහිපයක්) පවතින කැස්ස
- ඒ සමඟ එන පපුවේ කැක්කුම
- බර අඩුවීම හා සැලකිය යුතු ලෙස කෑම ප‍්‍රියතාව අඩුවීම.
- ලේ මිශ‍්‍රිත සෙම, කැස්සත් සමඟ පිටවීම.
- හුස්ම ගැනීමේ අපහසුතා
- කටහඬ ගොරෝසු වීම හෝ කෙටිකාලයකදී සිදුවන වෙනස් වීම.
- නිතර නිතර පෙනහළු ආශ‍්‍රිතව ඇතිවන විෂබීජ තත්වයන්

මෙසේ ඇතිවන පෙනහළු පිලිකා හඳුනා ගැනීමට කරනු ලබන පරීක්‍ෂණ මොනවාද?

⋆ වෛද්‍යවරයෙකු විසින් නියම කරන පරිදි කරනු ලබන පපුවේ එක්ස්රේ (X-ray) පරීක්‍ෂණයකින් බොහෝ විට හඳුනා ගැනීමේ හැකියාව ඇත.

⋆ මීට අමතරව කහින විට පිටවන සෙම ආශ‍්‍රිතව කරනු ලබන පරීක්‍ෂණ මඟින් පිලිකා සෛල ඇතිදැයි පරීක්‍ෂා කරනු ලැබේ.

⋆ ආහාර මාර්ග ආශ‍්‍රිතව කරනු ලබන එන්ඩොස් කොපි පරීක්‍ෂණයට සමාන ආකාරයේ එන්ඩොස් කොපි පරීක්‍ෂණයක් (Bronchoscopy) ස්වසන පද්ධතිය හා සම්භන්ධව සිදුකරනු ලබයි.

පෙනහළු පිලිකා වලට ප‍්‍රතිකාර කරනු ලබන්නේ කෙසේද?

කරනු ලබන ප‍්‍රථිකාර ක‍්‍රමය අදාල පිලිකාව පැතිරී ඇති ප‍්‍රමාණය හා රෝගියාගේ අනෙකුත් පවතින රෝගී තත්ව මත පදනම් වේ. ප‍්‍රධාන වශයෙන් ප‍්‍රථිකාර ක‍්‍රම 3ක් පවතී. මේ එකක් හෝ ඉන් කිහිපයක් හෝ ප‍්‍රථිකාරය සඳහා උපයෝගී කරගනු ලබයි.
1. ශල්‍ය කර්මයක් මඟින් පිලිකාව පවතින සම්පූර්ණ පෙනහළුවම හෝ ඉන් කොටසක් ඉවත්කිරීම.
2. කීමෝතෙරපි ප‍්‍රතිකාරය
3. විකිරණ ප‍්‍රතාකාරය

පෙනහළු පිලිකා ඇතිවීම වලක්වාගන්නේ කෙසේද?

- දුම්බීම නතර කිරීම.
- දුම්බොන පුද්ගලයින්ගෙන් දුම්බොන අවස්ථාවේදී වඩාත් ඈත්ව සිටීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 18/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු