ඉක්කා වැටීම (Hiccups)

ඉක්කා වැටීම යනුවෙන් අදහස් කරන්නේ කවර තත්වයක්ද?

මෙය ඉබේම සිදුවන මහා ප‍්‍රාචීරයේ හදිසි හැකිලීම් නිසා ඇතිවන අතර මේත් සමග ස්වර තන්ත‍්‍ර එකවර වැසී යාම නිසා ඊට ආවේනික වූ හඩක් ඇතිවේ.

මෙය සාමාන්‍යයෙන් විශේෂ හේතුවක් නොමැතිව ඕනෑම කෙනෙකුගේ ඇතිවිය හැකි අතර අලුත උපන් දරුවන්ගේ විශේෂයෙන් දැකිය හැකිවේ.

සාමාන්‍යයෙන් මෙවැනි තත්වයක් විනාඩි කිහිපයකින් පහව යන අතර කලාතුරකින් අවස්ථාවක මෙය දවස් කිහිපයක සිට මාස ගනනක කාල දක්වා එකදිගට පැවතිය හැක.

මෙවැනි තත්ව ඇතිවීමට හේතු මොනවාද?

බොහොමයක් අවස්ථාවලදී මේ සදහා හේතුවක් සොයාගත නොහැක.

මිරිස් සැර වැඩි ආහාර ගැනීම.

විෂ සහිත වායු ආඝ‍්‍රාහණය වීම.

මොලයේ ඇතිවන රුධිර වහනයක් හෝ මොලය ආශ‍්‍රිතය ඇතිවන ගෙඩියක් තිබීම.

පෙනහලු ආශ‍්‍රිතව ඇතිවන විෂ බීජ තත්ව (නියුමෝනියා තත්ව)

උදරය ආශ‍්‍රිතව කරනු ලබන ශල්‍යකර්ම නිසා

මෙවැනි තත්ව වලදී නිවසේදී කල හැකි මූලික ප‍්‍රථිකාර ක‍්‍රම මොනවාද?

මේ සදහා කල හැකි නිෂ්චිත ක‍්‍රමයක් නොමැත.

නමුත් පහත දැක්වෙන ක‍්‍රම මගින් යම් සහනයක් ඇතිවනු ඇත.

සිසිල් වතුර වීදුරුවක් පානය කිරීම.

සීනි හැන්දක් පමණ ආහාරයට ගැනීම.

හුස්ම හැකි තරම් වේලාවක් ඉහලට අල්ලාගෙන සිටීම.

සිලි උරයක් තුලට ටික වේලාවක් හුස්ම ගැනීම.

වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කවර අවස්ථා වලදීද?

ඉහත ක‍්‍රම මගින් පාලනය නොවී දින කිහිපයක් ඉක්කා වැටීම පවතින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම යෝග්‍ය වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 20/06/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු