කථා කිරීමට අවශ්‍යවන ස්නායුවට හානිවීම (Damage to Recurrent laryngeal nerve)

කථා කිරීමට අවශ්‍යවන ස්නායුව පිහිටා ඇති ස්ථානය

මෙම ස්නායුව බෙල්ල ප‍්‍රදේශයේ තයිරොයිඞ් ග්‍රන්ථිය හා ස්වසන මාර්ගය අතර පිහිටා ඇත. පටන් ගැනීම සිදුවන්නේ පපුවේ ඉහල ප‍්‍රදේශයේය.

මෙම ස්නායුවට හානි සිදුවන්නේ කෙසේද ?

බෙල්ල ආශ‍්‍රිතව සහ පපුවේ ඉහල ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදුකෙරෙන ශල්‍යකර්ම නිසා හෝ පිළිකාමය හා පිලිකාමය නොවන ගෙඩි නිසා ස්නායුව තදවීම නිසාද මෙම ස්නායුවේ කි‍්‍රයාකාරිත්වය අඩපන වේ. සමහර අවස්ථාවලදී වෛරස් රෝග නිසාද සිදුවේ.

ශල්‍යකර්මයකට පසු තාවකාලිකව පවතින හානි සිදුවිය හැකිද?

තාවකාලික පවතින අඩපන වීම් තිබිය හැකිය. නමුත් ඉදිමීම අඩුවූ විට නැවත යථා තත්වයට පත්වේ. මේ සඳහා සතියක් හෝ මාසයක් පමණ කාලයක් වුවද ගතවිය හැක.

මෙහිදී ඇතිවන ලක්‍ෂණ මොනවාද?

⋆ කථාකිරීමේ අපහසුව
⋆ ගිලීමේ අපහසුව (පිටඋගුර යාම)
⋆ කට හඬේ ගොරහැඩිබව.

මේ සඳහා ප‍්‍රතිකාර තිබේද?

- කලින් සඳහන් කල පරිදි ප‍්‍රතිකාර නොමැතිව සුවවෙන අවස්ථා ඇත. ඉදිමීම අඩුවීමත් සමඟ යථාතත්වයට පත්වේ.
- කථාකිරීමට පුහුණු කිරීම (Speech therapy)මඟින් ද සමහර අවස්ථාවලදී යථා තත්වයට පත්කල හැක.
-
යථා තත්වයට පත්වීමක් සිදු නොවන්නේ නම් ශල්‍යකර්ම මඟින් ස්වර තන්ත‍්‍ර සැකසීම කරනු ලබයි.
-
වම හා දකුණ යනුවෙන් ස්නායු 2ක් ඇති අතර මෙම ස්නායු දෙකටම තාවකාලිකව හෝ සම්පූර්ණයෙන් ම හානි වී ඇත්නම් ස්වසනය අපහසුවේ. එවැනි අවස්ථාවල ස්වසන මාර්ගයේ සිදුරක් සාදා ස්වසනය කිරීමට සැලැස්විය යුතුවේ. (Tracheostomy)

මේ ප‍්‍රතිකාර වලින් යම් ඵලයක් තිබේද?

හානි සිදුවී ඇති ස්වභාවය අනුව තීරණය වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 28/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු