මුත‍්‍රාවල පැහැය ගැන දැනගත යුතු දේ

මුත‍්‍රාවල පැහැයක් නොමැතිනම් එය සාමාන්‍ය තත්වයක්ද?

එය අධික ලෙස ජලය පානය කිරීම නිසා වේ.

එයද ශරීරයට හිතකර තත්වයක් නොවන බැවින් ජලය පානය තරමක් අඩු කලයුතු වේ

මුත‍්‍රා සාමාන්‍ය තත්ව යටතේදී කවර පැහැයක් ගනීද?

සාමාන්‍යයෙන් පිදුරුවල පැහැයක් ගනී

එය ලා කහ පැහැයකට හුරුය

ජලය පානය අඩු නම් මුත‍්‍රා පැහැය කෙලෙස වෙනස් වේද?

අදුරු කහ පැහැයක් ගනී

අක්මාව ආශ‍්‍රිත රෝගී තත්ව වලදී මුත‍්‍රා කවර පැහයක් ගනීද?

තේ කහට පැහැයක් ගනී

කලාතුරකින් මෙවැනි තත්වයක් ජලය පානය අඩු නිසාද විය හැක

එමනිසා හොදින් ජලය පානය කිරීමෙන් පසුවද මුත‍්‍රා තේ කහට පැහැයක් ගන්නේනම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවිය යුතුය

මුත‍්‍රා රෝස හෝ රතුපැහැයකට පිට වන්නේ කවර හේතු නිසාද?

උදරයේ ඇතිවන කැක්කුමක් සමග මෙසේ මුත‍්‍රා පිටවන්නේනම් එය බොහෝවිට මුත‍්‍රාමාර්ගයේ ඇති ගලක් නිසා විය හැක
උදරයේ කැක්කුමක් නැතිව මුත‍්‍රා මෙලෙස පිටවන්නේනම් එය මුත‍්‍රා මාර්ගයේ ඇති ගෙඩියක් නිසා විය හැක

එබැවින් එවැනි තත්ව වලදී වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය වේ

කලාතුරකින් බීට්රූට් ආහාරයට ගත් විට කිහිපවරක් මුත‍්‍රා මේ ආකාරයට පිටවිය හැක එය සාමාන්‍ය තත්වයකි

ක්ෂය රෝගය වැනි තත්ව වලදී දෙනු ලබන සමහර ඖෂධ නිසාද මුත‍්‍රා රතු පැහැයක් ගත හැක

මුත‍්‍රා කොල හෝ නිල් පැහැකට පිට විය හැකිද?

කලාතුරකින් ආරෙට යන රෝගී තත්වයක් නිසා මෙය විය හැක
මුත‍්‍රා මාර්ගයේ සමහර බැක්ටීරියා ආසාදිත තත්ව වලදීද කොල පැහැයට මුත‍්‍රා පිටවීම කලාතුරකින් දැකිය හැක

මුත‍්‍රාකරන විට වැඩිපුර පෙන ගතියක් ඇතිවීම සාමාන්‍ය තත්වයක්ද?

මෙය සාමාන්‍ය තත්වයක් විය හැක

නමුත් දිගින් දිගටම මෙය ඇතිවනේ නම් වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය වේ

ඊට හේතුව වන්නේ මුත‍්‍රාවල වැඩිපුර ප්‍රෝටීන ඇත්නම් විශේෂයෙන් වකුගඩුවල ඇතිවන ව්‍යාකූලතත්ව වලදී මෙලෙස වැඩිපුර ඇතිවීම දැකිය හැක

ලිපිය පළකල දිනය Article uploaded on: 19/07/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු