යෝනි මාර්ගයෙන් රුධිර වහනය

යෝනි මාර්ගයෙන් රුධිර වහනය

සාමාන්‍යයෙන් කාන්තාවකගේ මාස් ශුද්ධියේ දී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් සිදුවේ. එය දින 2-3 ක් වන අතර සමහර කාන්තාවන්ගේ මෙය අධිකව සිදුවීම දැකිය හැක.
-
අක‍්‍රමවත් රුධිර වහනය
-
රුධිරය කැට ලෙස විශාල වශයෙන් පිටවීම.
-
සාමාන්‍ය කාල රාමුවට වඩා වැඩි කාලයක් රුධිර වහනය සිදුවීම.
- ලිංගික එකතු වීමේදී රුධිරය පිටවීම

මෙවැනි අධික රුධිර වහනයක් වීමට හේතු මොනවාද?

- මාස්ශුද්ධිය හා සම්භන්ධ හෝමෝන ප‍්‍රමාණ වල සිදුවන වෙනස් වීම්. Dysfunctional uterine bleeding)
-
ගර්භාෂ ඇතුල් බිත්තියේ ඇති ව්‍යාකූලතා (Fibroids , Endo metriosis, Polyp,foreign body etc.. )
-
ගර්භාෂ බිත්තියේ ඇතිවන පිලිකා
- විෂබීජ තත්වයන්
- ගබ්සාවන් වීම (miscarriage / Ectopic pregnancy)
-
තයිරොයිඞ් ග්‍රන්ථියේ ඇති ව්‍යාකූලතා
- අධික ස්ථූලතාව
- මානසික අතතිය
- සමහර පවුල් සැලසුම් ක‍්‍රම (ලූප් - IUCD)

අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගවෙන් රුධිරය වහනය වීමක් හදුනාගන්නේ කෙසේද?

- මාස් ශුද්ධියේ අතර මැදි කාලයේ දීද රුධිරය වහනය වීම.
- ලිංගික සංසර්ගයට පසු රුධිරය පිටවීම.
- අධික රුධිර වහනය (රුධිර කැට වශයෙන් පිටවීම, සනීපාරක්‍ෂක තුවා පැය 2-3කට වරක් මාරුකිරීමට සිදුවීම.)
- සතියකට වඩා කාලයක් මාස්ශුද්ධිය සිදුවීම.
-
මාස් ශුද්ධිය නැවතී තිබී නැවත යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමට පටන් ගැනීම.

වෛද්‍ය වරයෙකුගේ උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

ඉහත සඳහන් කල ලක්‍ෂණ ඔබට තිබේ නම් වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ගැනීම වඩා යෝග්‍ය වේ. මන්දයත් එය පිලිකා තත්වයක මූලික අවස්ථාවක්ද විය හැකි බැවිනි.

ලිපිය පළකල දිනය Article uploaded on: 27/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු